2023 ජාතික හොකී ශූරතාවලිය නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී හෙට (ජන. 25) ආරම්භ වෙනවා.


හෙට සිට ලබන 28 දක්වා පැවැත්වෙන මෙම 60 වැනි පිරිමි හා 25 වැනි කාන්තා 2023 ජාතික හොකී ශූරතාවලිය මෙහෙයවන්නේ ශ්‍රී ලංකා හොකී සම්මේලනය. අනුග්‍රහය ඉන්ඩියන් ඔයිල් සමාගමෙන් (IOC).

dfgsetrw
පිරිමි කණ්ඩායම් 15ක් හා කාන්තා කණ්ඩායම් 7ක් මේ සිවුදින ජාතික ශූරතාවලියට සහභාගි වීමට නියමිතව තිබෙනවා. පසුගිය තරගාවලියේ ජාතික පිරිමි හා කාන්තා ශූරතා දෙක ම දිනා ගත්තේ ආරක්ෂක සේවා කණ්ඩායම්.

මෙවර තරගාවලියේදී පිරිමි කණ්ඩායම් කොටස් හතරකට බෙදා තිබෙනවා. ‘ඒ’ කොටසට ආරක්ෂක සේවා, ගම්පහ, මහනුවර හා ශ්‍රී ලංකා පාසල් හොකී සංගම් කණ්ඩායම් ඇතුළත්ව සිටිනවා.

වෙළඳ සේවා, ඌව හා මාතර හොකී සංගම්වල කණ්ඩායම් ඇතුළත්ව තිබෙන්නේ ‘බී’ කොටස ට. රාජ්‍ය සේවා, මාතලේ, ඒකාබද්ධ සරසවි හා ජනසතු සේවා හොකී කණ්ඩායම් ‘සී’ කොටසේත් කොළඹ, කළුතර, වෙන්නප්පුව හා ගාල්ල හොකී සංගම් කණ්ඩායම් ‘ඩී’ කොටසේත් තරග වදිනවා.

dfwer3
කාන්තා කණ්ඩායම් තරග කරන්නේ කොටස් දෙකකින්. ආරක්ෂක සේවා, ඒකාබද්ධ සරසවි, ශ්‍රී ලංකා පාසල් හා මහනුවර කණ්ඩායම් ‘ඒ’ කොටස යටතේත් වෙන්නප්පුව, කොළඹ හා මාතලේ කණ්ඩායම් ‘බී’ කොටස යටතේත් තරග වැදීමට නියමිතව තිබෙනවා.

ජාතික ශූරතාවලිය හෙට පෙරවරු 9.00 ට ආරම්භ වන අතර තරගාවලියේ සමාරම්භක හා සමාප්ත අවස්ථාවන් දෙකේ ම ප්‍රධාන අමුත්තා වන්නේ IOC කළමනාකාර අධ්‍යක්ෂ දිපක් දාස් ය.

 

 සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්