ගාසා තීරයේ නිරන්තරයෙන් යුද ගිනි දැල් ඇවිලෙමින් තිබියදී තම ප්‍රියයන්ගෙන් වෙන්ව කටාර් දේශයට පැමිණ සිටින පලස්තීන පාපන්දු ක්‍රීඩකයන්

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ඔවුන්ගේ පළමු ජයග්‍රහණය වාර්තා කර පිළිමළුන් පිටු දැකීමේ වටයට පිවිසීම ඉතාමත් සංවේදී අවස්ථාවක් වුනා.

 

ඩෝහා නුවර අබ්දුල්ලා බින් කලීෆා ක්‍රීඩාංගණයේදී පලස්තීන ජාතික පාපන්දු කණ්ඩායම හොංකොං කණ්ඩායම සමග පැවති ‘සී’ කොටසේ තරගයෙන් ගෝල් 3-0ක ජයක් ලබා ගත් මොහොතේ ක්‍රීඩකයන් ඉතාමත් හැඟීම්බරව සිටි අතර අනුකම්පා සහගත සෙනඟ ඔවුන් වෙනුවෙන් උස් හඬින් ප්‍රීති ඝෝෂා නැගුවා. 

මෙය පලස්තීනුවන් ආසියානු කුසලාන පාපන්දු තරග බිමේදී එදා මෙදා තුර ලැබූ පළමු ජයග්‍රහණය යි. මේ ජයත් සමග තරගාවලියේ 16 දෙනාගේ වටයේ පලස්තීනයේ ස්ථානය තහවුරු වුනේ මූලික වටයේ තෙවැනි ස්ථාන ලබා ගත් හොඳම කණ්ඩායම් හතරෙන් එකක් ලෙසින් වීම විශේෂත්වයක්. මෙය පලස්තීන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඓතිහාසික අවස්ථාවක්.

මේ තරගයේදී පලස්තීනයේ වීරයා වුනේ ගෝල් ද්විත්වයක් ලබා ගත් ඉදිරි පෙළ ක්‍රීඩක Oday Dabbagh.

 saleh

තරගය පුරා ම කටාර් හි 6,500ක සෙනඟ සහයෝගය දුන්නේ පලස්තීන කණ්ඩායමට. තරගයේ අවසන් විසිල් හඬ නිකුත් වූ අවස්ථාවේදී පලස්තීන ක්‍රීඩකයින් හඬා වැටුනේ සතුටු කඳුළු වගුරුවමින්. ගාසා හි උපන් ආරක්ෂක ක්‍රීඩක Mohammed Saleh පිටියේ දණගසා ගෙන ඉකිබිඳිමින් තණකොළවල මුහුණ ඔබාගෙන සිටින අයුරු දිස්වුනා.

පලස්තීන කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අහිමි වී ඇති බවත් තවත් සමහර ක්‍රීඩකයින්ගේ ඥාතීන් ගාසා තීරයේ සිරවී සිටින බවත් වාර්තා වෙනවා. මව්බිමේ කුමක් සිදුවනවාදැයි නොදැන ක්‍රීඩා කිරීමේදී ඇතිවන දුෂ්කරතා පිළිබඳව සමහර ක්‍රීඩකයන් කතා කර තිබෙනවා.

pals 1

කටාර් ක්‍රීඩාමණ්ඩපයේ සිටි නරඹන්නන් බොහෝ දෙනෙක් පලස්තීන කොඩි වැනුවා. එසේත් නැත්නම් අරාබි පිරිමින්ගේ හිස් පලඳනාවන් ඔසවමින් පලස්තීන කණ්ඩායමට තිබෙන ඔවුන්ගේ සහාය ප්‍රදර්ශනය කළා. මේ හිස් පලඳනාව මැද පෙරදිග පුරා පැළඳුවත් මෑත දශක ගණනාවක් තිස්සේ ඒවා විශේෂයෙන් පලස්තීනයේ අනන්‍යතාව හා විරෝධය පෑමේ සංකේතයක් ලෙසින් සැළකෙනවා.

 

ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී හමාස් සංවිධානය විසින් ගනු ලැබූ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සඳහා මෙන්ම සිරවී සිටින විදෙස් ජාතිකයන් ගාසාවලින් ඉවත් කර ගැනීම සහ එම ප්‍රදේශයට ආධාර යැවීම සම්බන්ධයෙනුත් සාකච්ඡා පැවැත්වීමේදී කටාර් දේශය මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. hlv makram daboub doi tuyen pa 4161 1203 1694447960

පලස්තීන පාපන්දු පුහුණුකරු මැක්රම් ඩබූ (Makram Daboub) තරගයෙන් පසු සිය ක්‍රීඩකයන් ගැන වර්ණනා කළේ ඔවුන් වීරයන් ලෙස හඳුන්වමින්.

“තරගාවලියේ ඊළඟ අදියරට සුදුසුකම් ලබා ගැනීම පිළිබඳව පලස්තීනයේ ජනතාවට මගේ සුභ පැතුම්! මගේ කෘතඥතාව මගේ ක්‍රීඩකයන්ට පුද කරන්න මට අවශ්‍යයි. අද ඔවුන් වීරයෝ වුනා” යැයි ඩබූ ප්‍රකාශ කළා.

“ශක්තිමත් කණ්ඩායම් ජීවයක් එක්ක අපේ අභිලාෂය වී තිබෙන්නේ මේ තරගාවලියේ හැකි තරම් දුරක් යන්න. දැන්, නැතිවෙන්න තවත් දෙයක් නැති අපි, අපේ හොඳම ක්‍රීඩාවේ යෙදෙනවා. අපි ප්‍රාර්ථනාව ප්‍රදර්ශනය කර තියෙනවා. ඉදිරි තරගවලදී අපට මේ අවධානය දිග ට ම පවත්වා ගෙන යන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා.” 

ඊශ්‍රායලය ගාසා හි ජනාකීර්ණ කඳවුරට පහර දී හමාස් සෙන්පතියෙක් මැරූ බව කියයි

කටාර් දේශයේදී පලස්තීන කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු පිළිමළුන් පිටු දැකීමේ වටයට පිවිසෙද්දී, ඔවුන්ගේ මව්බිමේදී ඊශ්‍රායල් හමුදාවන් දකුණු ගාසා මෙහෙයුම් වේගයෙන් වැඩි කර තිබෙනවා. උන්හිටිතැන් අහිමි වූ පලස්තීනුවන් Khan Younis නගරයෙන් පළා යමින් සිටින්නේ දහස් ගණනින්. නගරය වටකර තිබෙන බව ඊශ්‍රායල් හමුදාව පවසන්නේ නගරයට බටහිරින් තවත් මෙහෙයුම් දියත් කර තිබෙන බව කියමින්. ප්‍රදේශයට එල්ල වන ඊශ්‍රායල් ප්‍රහාර මධ්‍යයේ නගරයේ වෛද්‍ය පහසුකම් කැඩී බිඳී ගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරනවා. ගාසා තීරයේ සිදු කෙරෙන ඊශ්‍රායල් ආක්‍රමණය හේතුවෙන් මිය යන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා හි සිදුවූ ඊශ්‍රායල් ප්‍රහාරවලින් මිය ගිය පලස්තීනුවන්ගේ ගණන 25,295 දක්වා ඉහළ ගොස් තිබෙන බව ගාසා හි හමාස් සංවිධානයේ පාලනය යටතේ තිබෙන සෞඛ්‍ය අමාත්‍යංශය සඳුදා ප්‍රකාශ කළා. අවම වශයෙන් 63,000කට තුවාල සිදුවී තිබෙනවා.


රටවල් 20 ක මැරුවාට වැඩි දරුවන් ගණනක් ගාසා තීරයේ සති තුනට මරලා

 

ගාසා තීරයට ඊශ්‍රායල් හමුදාවේ මහා පරිමානයේ බෝම්බ ප්‍රහාරයන් නොනැවතී සිදුවෙමින් පවතින්නේ ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් සිදුකළ මිනීමැරීම් හා පැහැර ගැනීමේ ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් පසුව. ඊශ්‍රායලය තුළ සිදුකෙරුනු හමාස් තුවක්කුකරුවන්ගේ මේ ප්‍රහාරයේදී පුද්ගලයන් 1,200ක් පමණ මිය ගිය අතර 250කට වැඩි පිරිසක් ප්‍රාණඇපකරුවන් බවට පත්වුනා. ප්‍රාණඇපකරුවන් 132ක් තවමත් ගාසා තීරයේ ඉතිරිව සිටින අතර ඔවුන්ගෙන් 104 දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටින බවට විශ්වාස කෙරෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්