145 වැනි කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය,

ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ කාසිය වාසිය දිනු රාජකීය නායක, සිනෙත් ජයවර්ධන පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පිටියට පිවිසි, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ, ලකුණු 297ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස් කර ගෙන සිටියදීයි ඉනිම අත්හිටුවීමට තීරණය කටයුතු කළේ ය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ, නායක සිනෙත් ජයවර්ධන ලකුණු 92යි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ, අශේන් පෙරේරා කඩුලු 5යි.

දිනෙත් ගුණවර්ධන ලකුණු 74යි.

දෙවන ඉනිම සඳහා ශාන්ත තෝමස් ක්‍රීඩකයින් කඩුලු 4 ක් දැවී ලකුණු 229 ක් රැස් කරගෙන සිටියදී තරගය නතර කෙරිණි.

ඒ අනුව 2023 වසරේ ශුරයන් වූ කොළඹ රාජකීය විද්‍යාලයට ඩී.එස් සේනානායක අනුස්මරණ පලිහ තවදුරටත් තමන් සතුව තබා ගැනීමේ, අවස්ථාව හිමි විය.

blue
කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී පිටියේ දී පැවති නිල් මහ සටන ක්‍රිකට් තරගයේ අවසන් දිනය වන අද (09) දින ද තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්විය.

ක්‍රීඩාංගණයේ ඇවිද යමින් ක්‍රීඩකයන් දිරිමත් කළ ජනාධිපතිවරයා ක්‍රිඩාංගණය වෙත පැමිණ සිටි සිසුන් සමඟ ද සුහද කථා බහක නිරත විය.

අනතුරුව තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔවුන් සමඟ ද සුහද කථා බහක නිරත වෙමින් විවේකීව ටික වේලාවක්  ගත කළේය.

රාජකීය විද්‍යාලයේ සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුන් වන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, මහින්දානන්ද අළුත්ගමගේ, ජාතික ආරක්ෂක උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, නීතිපති සංජය රාජරත්නම් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

He visit to Battle of the Blues

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්