පලස්තීනයේ හමාස් සටන්කාමීන්ගෙන් ආජන්ටිනාවේ 90 හැවිරිදි ආත්තම්මෙක් බේරා ගැනීමට ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ලිඔනල් මෙසී උපකාරයක්

වී තිබෙනවා.


2023 වසරේ ඔක්තෝබර් මස 7 වැනි දින ඒ තීරණාත්මක උදෑසන ඊශ්‍රායලය ට ප්‍රහාරයක් එල්ල කළ හමාස් සංවිධානය ඊශ්‍රායල් රටවැසියන් හා සොල්දාදුවන් 250ක් පමණ ප්‍රාණඇපකරුවන් ලෙස ආපසු ගාසා තීරයට පැහැර ගෙන ගියා. 

අනූ හැවිරිදි Ester Cunio ඇගේ පවුලේ සාමාජිකයන් අට දෙනෙකු ද සමග බිහිසුණු අත්දැකීමකට මැදිවූයේ ඊශ්‍රායලයේ Nir Oz නමැති සමූහ ගොවි ජනපදයේ පිහිටි ඇගේ නිවසට අවි අමෝරා ගත් හමාස් සටන්කාමීන් කඩාවැදීම නිසා.

 

4dac2f9e c5be 408d a940 554a5f05d14f

ඇගේ පවුලේ අය කොයි පලාතෙන්ද? කියා අසමින් තුවක්කුකරුවන් Cunio ට තර්ජනය කරද්දී, තමා ආජන්ටිනාවේ කෙනෙක් සහ තමා පාපන්දු ක්‍රීඩාවට හා මෙසී ට ආදරය කරන කෙනෙක් බවට මේ ආච්චි කියා සිටීම හමාස් ප්‍රහාරකයන්ගේ හැසිරීමේ වෙනසක් සිදු කිරීමට හේතු වී තිබෙනවා.

“මම කතා කරන්නේ ආජන්ටිනා භාෂාවෙන්, ස්පාඤ්ඤ භාෂාවෙන් කියා මම ඔවුන්ට කීවා. ඔවුන්ගේ භාෂාව, අරාබි භාෂාව මට තේරෙන්නේ නැති බවත් මම කිවුවා. මට යුදෙව් භාෂාව, හිබ්‍රෑ බස බැරි බවත් මම ඔවුන්ට පැවසුවා” යැයි Cunio පවසනවා.


“මම කතා කරන්නේ ආජන්ටිනා ස්පාඤ්ඤ භාෂාව බව කීවාම ඔහු මගෙන් ඇහුවා ආජන්ටිනාව මොකක්ද කියලා. එවිට මම ඇහුවා, ‘ඔබ පාපන්දු තරග නරඹනවාද?’ කියලා. එම ක්‍රීඩාවට කැමති බව ඔහු කීවාම මම ඔහුට දැන්නුවා මම එන්නේ මෙසීගේ රටේ ඉඳන් කියලා.”

“පුදුමයට පත්වුනු ඔහු තමා මෙසී ට ආදරය කරන බව පැවසුවා. ඔහු ඔහුගේ අත මගේ උරහිසට තියලා, ඔහුගේ තුවක්කුව මට දීලා, මා ලවා ජයග්‍රහණයේ V සංකේතය පෙන්වා ගත්තා. ඉන්පසු ඔවුන් එහි ඡායාරූපයක් ගත්තා.

 

Lionel Messi helped save 90 year old Jewish nan from being killed by Hamas jpg

කෙසේ වෙතත්, මේ ආච්චි අනතුරෙන් ගැළවුනත්, ඒ බිය උපදවන සිදුවීම අවසන් වූයේ හමාස් සටන්කාමීන් ඇයගේ මුනුපුරු මිනිපිරියන් ප්‍රාණඇපකරුවන් ලෙස රැගෙන යාමෙන්.

දැන් මේ ආච්චි මෙසීගෙන් ආයාචනය කර සිටින්නේ ඇයට තම පවුලේ සාමාජිකයින්ව අනතුරකින් තොරව නැවත ගෙදර ගෙන්වා ගැනීම සහතික කර ගැනීම පිණිස උපකාරී වන ලෙසට.

“මම එයාගෙ (මෙසී) නම කියලා බේරුණු බව එයා දන්නවා නම්, ගාසා තීරයේ හිරකර ගෙන ඉන්න මගේ මුනුපුරන් මිනිපිරියන් බේරා ගන්න උදව් කරන්න කියා මම එයාගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ඇය පවසනවා.

 

1 GettyImages 1449067438
“කරුණාකර දෙවියන්ට - God - යාච්ඤා කරන ලෙසට මම මෙසීගෙන් ඉල්ලන්නේ මෙසීලා රත්තරං - Gold - වටින මිනිස්සු නිසා.”

මේ කතාව ස්පාඤ්ඤයේ සංසරණය වී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් මෙසීගේ කඳවුරෙන් මෙතෙක් ලැබී නැහැ.

 


warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්