48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියට සමගාමී රට හරහා දිවීමේ තරගයේ ශූරයා වුනේ බස්නාහිර පළාතේ

ආර්.එම්.එස්.පුෂ්පකුමාර. මධ්‍යම පළාතේ එච්.එම්.සී.එස්.හේරත් ශූරිය බවට පත්වුනා.

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන කිලෝමීටර් 10ක දුර ප්‍රමාණයක පැවති මේ තරගය පුෂ්පකුමාර ජයග්‍රහණය කළේ මිනිත්තු 34යි තත්පර 04ක කාලයක් වාර්තා කරමින්. හේරත් ජයග්‍රාහිකාව වූයේ මිනිත්තු 39යි තත්පර 30ක් සටහන් කරමින්.

පිරිමි තරගයේ දෙවැනි ස්ථානය මධ්‍යම පළාතේ වී.විකාශන් (34.04) ද, තෙවැනි ස්ථානය ඌව පළාතේ ටී.එම්.එරන්ද තෙන්නකෝන් (34.38) ද හිමිකර ගත්තා.

කාන්තා තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ නැගෙනහිර පළාතේ ඩබ්ලිව්.ඒ.එම්.ආර්.විජේසූරිය (39.32). තෙවැනි ස්ථානය ඌව පළාතේ ඩබ්ලිව්.එම්.නිමේෂා නිදර්ශනී (39.50) අත්කර ගත්තා.

ජාතික ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීම මෙවර පැවතියේ සිවු වසරකට පසුව. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මේ තරගයට දිවයිනේ පළාත් නවය ම නියෝජනය කරමින් ක්‍රීඩකයන් 79ක් හා ක්‍රීඩිකාවන් 47ක්  සහභාගි වුනා.

Sport

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්