ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පනවා තිබූ ලිංගික සබඳකම් තහනම පැරිස් ඔලිම්පික් උළෙලේදී ඉවත් කර තිබෙන සංවිධායකයින් ක්‍රීඩක ගම්මානය තුළ උපත්

පාලන කොපු 300,000ක් නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

‘ප්‍රේමයේ නගරය’ ලෙසින් ප්‍රචලිත ප්‍රංශයේ අගනුවර ලොව සතර දෙසින් පැමිණෙන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9,000ක් සාදරයෙන් පිළිගැනීමට පුල පුලා බලා සිටිනවා.

 

කොවිඩ් වසංගතය හේතුවෙන් ජගත් ඔලිම්පික් කමිටුව විසින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ නීතියක් පැනවූ බැවින් මීට තෙවසරකට පෙර ටෝකියෝ හි පැවති ඔලිම්පික් උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ලිංගික ඇසුර තහනම් කරනු ලැබුවා.

 



නමුත් පැරිසියේදී ඒ නීතිවලට යටත් වීමට ඔලිම්පික් ක්‍රීඩකයන්ට අවශ්‍ය වන්නේ නැහැ.

ආරක්ෂිතව ලිංගික සබඳතාවල යෙදීම සඳහා උනන්දු කරවීමේ පියවරක් ලෙස ඔලිම්පික් ගම්මානය තුළ උපත් පාලන කොපු 300,000ක් නොමිලේ ලබා ගැනීමට ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

 

top view condoms red wrappers 794401160

එක් එක් ක්‍රීඩකයෙකුට ඔලිම්පික් උළෙල පුරා ම දිනකට දෙවතාවක් බැගින් ලිංගිකව සම්බන්ධවීම සඳහා මෙය ප්‍රමාණවත්.

මේ අතර, පොදු සම්මතයෙන් බැහැර වීමක් ප්‍රදර්ශනය වෙමින්, මෙවර ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිදා ගන්නා ඇඳන්වල රාමුව තනා තිබෙන්නේ කාඩ්බෝඩ්වලින්. 

 

2024 french president emmanuel macron 883077330
කෙසේ වෙතත්, ඒවාට කිලෝග්‍රෑම් 250ක් දක්වා වන බරක් දැරිය හැකි වන අතර එයින් කියවෙන්නේ එම ඇඳන් එක් පුද්ගලයෙකුට වඩා වැඩි බරකට ඔරොත්තු දෙන බව.

පාපන්දු පිට්ටනි 70ක් තරම් විශාල ප්‍රමාණයක පැතිරුණු ඔලිම්පික් ගම්මානය ඉදිකිරීම පිණිස පවුම් බිලියන1.7ක් වැයකර තිබෙන බව වාර්තා වෙනවා. මීටර් 350ක් දුරට විහිදුනු දැවැන්ත බුෆේ ස්වයං සේවා ආහාර ක්‍රමයකින්ද මෙය සමන්විත යි.

 

2024 shows general view olympic 883031562

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්