ශ්‍රී ලංකා -බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (31) තරගය අවසන් කරන විට බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී

ලකුනු 55 ක් රැස්කර සිටියේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 531 ක් රැස් කළ අතර එහිදී ටෙස්ට් වාර්තා කිහිපයක්ම අලුත්වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු දුවද්දී දැවීයාමත් සමඟ පිට පිට තුන්වැනි ශතකය පෙනෙන මානයේ සිටි කමිඳු මෙන්ඩිස්ට සිය ශතකය අහිමිව ගියේය.

කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය.  කමිඳු මෙන්ඩිස් නොදැවී ලබා ගත් ලකුණු 92 සඳහා හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.

කමිඳු ඔහු ක්‍රිඩාකළ ටෙස්ට් ඉනිම් හතර තුළදී ලකුණු 419ක් රැස්කරගෙන ඇති අතර ඔහු එය ලෝක වාර්තාවක් සම කිරීමක් වෙයි.

ඔහු මෙලෙස සමකළේ 1976 වසරේදී පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩාඩ් පළමු ටෙස්ට් ඉනිම් 4තුල වාර්තා කරතිබු ලකුණු 419යි.

මීට අමතරව කමිඳු මෙන්ඩිස් පළමු ටෙස්ට් ඉනිම 4 තුළදී අර්ධ ශතක වාර්තා කළ ලොව තුන්වැනි ක්‍රිඩකයා ලෙසටද වාර්තා අතරට එක්වුණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 531ක් ලබා ගත්තේය.

මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් ඉනිමකදී ක්‍රිඩකයෙක් ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටය.

මීට පෙර ඉන්දියාව 1976/77 තරග වාරයේදී නවසීලන්තයට එරෙහිව කිසිදු ශතකයක් වාර්තා නොකර කඩුලු 9ක් දැවී ලකුණු 524ක් ලබාගෙන තිබුණි.

(adaderana.lk)



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්