leader s

මෙගලයියා නමැති ඉන්දියා ප්‍රාන්තයේ පිතිකරු ආකාශ් කුමාර් චෝදරී (Akash Choudhary) ඉතිහාස පොතේ නව පිටුවක් ලියමින් පළමු පෙල ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර තිබෙනවා.

 

25 හැවිරිදි මේ පිතිකරුවා රන්ජි කුසලාන තරගාවලියේ අරුනාචල් ප්‍රදේශ් කණ්ඩායම සමග පැවති තරගයේදී පන්දු 11කින් පමණක් තමාගේ අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුනා. ඒ අනුව ඔහු 2012 වසරේදී එංගලන්තයේ වේන් වයිට් ලෙස්ටෂ (Leicestershire) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් එසෙක්ස් පිලට එරෙහිව පන්දු 12කින් අර්ධ ශතකයක් ලබාගෙන පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමුවා.

අංක 8 පිතිකරුවා ලෙස කඩුල්ලට පිවිසි ආකාශ් විමතියට පත් කරන පිතිහරඹයක් ප්‍රදර්ශනය කළේ අර්ධ ශතකයට පිවිසීම පිණිස හයේ පහර අටක් එල්ල කරමින්. මේ අනුව ඔහු පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩා‌වේ පිට පිට හයේ පහර 8ක් වාර්තා කළ එදා මෙදා තුර පළමු ක්‍රීඩකයා ලෙසින් ද ඉතිහාසගත සිටිනවා. එකම ඕවරයකදී හයේ පහර හයක් එල්ල කිරීමට ද ඔහු සමත් වූ අතර මෙගලයියා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 628ක් රැස්කර ගෙන ඔවුන්ගේ ඉනිම නතර කරන විට ආකාශ් පන්දු 14කින් නොදැවී ලකුණු 50ක් ලබාගෙන සිටියා.

 

chaoudry
ආකාශ් චෝදරී දැන් පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාවේ එකම ඕවරයේ හයේ පහර හයක් එල්ල කළ තෙවැනි ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. ඔහුට අමතරව, පළමු පෙල ක්‍රිකට් තරගයකදී එකම ඕවරයේ හයේ පහර හයක් එල්ල කිරීමට සමත්ව සිටින්නේ ගාෆීල්ඩ් සෝබර්ස් (බටහිර ඉන්දීය කොදෙව්) හා රවි ශාස්ත්‍රි (ඉන්දියාව) පමණයි.

2019 වසරේදී ප්‍රථම වතාවට තරග බිමට පිවිසි චෝදරී මේ දක්වා තරග 31කින් ලකුණු 503ක් ලබාගෙන තිබෙනවා.

පළමු-පෙල ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම අර්ධ ශතක

පන්දු 11 - ආකාශ් කුමාර් චෝදරී - මෙගලයියා වෙනුවෙන් අරුනාචල් ප්‍රදේශ් ට එරෙහිව සුරාට් හිදී (2025)

පන්දු 12 - වේන් වයිට් - ලෙස්ටෂ වෙනුවෙන් එසෙක්ස් ට එරෙහිව ලෙස්ට හිදී (2012)

පන්දු 13 - මයිකල් වැන් වූරන් - දකුණු අප්‍රිකා නැගෙනහිර පළාත ‘බී’ වෙනුවෙන් බටහිර ග්‍රිකුආලන්ඩ් ට එරෙහිව ක්‍රැඩොක් හිදී (1984/85)

පන්දු 14 - නෙඩ් එකර්ස්ලි - ලෙස්ටෂ වෙනුවෙන් එසෙක්ස් ට එරෙහිව ලෙස්ට හිදී (2012)

පන්දු 15 - ඛලිඩ් මහමූද් - ගුජ්රාන්වාලා වෙනුවෙන් සාගෝධා ට එරෙහිව ගුජ්රාන්වාලා හිදී (2000/01)

පන්දු 15 - බන්ඩීප් සිං - ජම්මු හා කාශ්මීර් වෙනුවෙන් ට්‍රිපුරා ට එරෙහිව අගර්තලා හිදී (2015/16)

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්