leader s

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ලබන වසරේ සිට සියලුම කාන්තා ඔලිම්පික් තරග තහනම් කිරීමේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.


ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) ප්‍රධානීන් පසුගිය වසරේ හටගත් සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් කර තිබෙනවා. මේ පරීක්ෂණය සිදුවූයේ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් සහ තායිවානයේ ලින් යූ-ටිං යන රන් පදක්කම්ලාභී බොක්සිං ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් හටගත් දෝෂාරෝපණයෙන් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට කළු පැල්ලමක් එක්වීමෙන් පසුව.

 

ලින් යූ-ටිං සහ ඉමාන් කලීෆ්
වෛද්‍ය හා විද්‍යත්මක අධ්‍යක්ෂ මහාචාර්ය ජේන් තෝන්ටන් විසින් IOC සාමාජිකයන්ට කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර ඇතැයි වාර්තා වනවා.

හිටපු කැනේඩියානු ඔලිම්පික් ඔරු පැදීමේ ක්‍රීඩිකා තෝන්ටන් විසින් පැවැත්වූ එම දේශනයට පිරිමින් වශයෙන් උපත ලද පුද්ගලයන්ට ක්‍රීඩාවේදී ශාරීරික වාසියක් තිබෙන බව පෙන්වන විද්‍යාත්මක පර්යේෂණයක් අඩංගුව තිබූ බව පැවසෙනවා.

තමන්ගේ ශරීරයේ තිබෙන ටෙස්ටොස්ටරෝන් මට්ටම පහළට ගෙන ඒම පිණිස ප්‍රතිකාරවලට බඳුන් වූ අයට ද එම වාසිය අත්වන බවට එම පර්යේෂණයෙන් හෙළි වී තිබෙනවා.

ටෙස්ටොස්ටරෝන් මට්ටම අඩු කරගත් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තරග කළ හැකි බවට IOCය මේ වනතෙක් තීරණය කර තිබුණා. සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ගේ තරග කිරීම යටපත් කිරීමට මුල්ව සිටින්නේ ලෝක මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධානියා වන සෙබැස්ටියන් කෝ.

 

bach
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව සභාපතිනිය වන හිටපු සිම්බාබ්වේ පිහිනුම් ක්‍රීඩිකා කර්ස්ටි කොවෙන්ට්‍රි මේ නව තීරණය ලබන පෙබරවාරියේ මිලාන්-කෝටිනා හි පැවැත්වෙන හිම ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කිරීමට සූදානමින් සිටිනවා.

අනාගතයේ පැවැත්වෙන තරගාවලියන්හිදී කාන්තා අංශය ආරක්ෂා කරන බවට කොවෙන්ට්‍රි ජූනි මාසයේදී නව සභාපතිවරිය ලෙස පත්වීමෙන් පසුව පොරොන්දු වී තිබුණා.

ඔලිම්පික් ඉසව්වල මෑතකදී හටගත් මතභේදයන් මධ්‍යයේ ඇය නව ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම සඳහා විද්‍යාඥයින් සහ ක්‍රීඩා සම්මේලනවලින් යුත් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබුණා.

ඉමාන් කලී‌‌ෆ් ඇතුළු ලිංගික වර්ධනයේ වෙනස්වීම් (DSD – differences of sexual development) ඇති ක්‍රීඩිකාවන් හා සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්‌ට තිබෙන වාසිය පිළිබඳව කරන ලද පර්යේෂණය මත මේ සමාලෝචනය පදනම්ව තිබුණා.

ඉමාන් කලීෆ්: බොක්සිං ක්‍රීඩිකාවන්ගෙන් සමාව අයැදින්නැයි බොක්සිං ප්‍රධානියා  ඔලිම්පික් ප්‍රධානියාට කියයි

 

තමා උපත ලැබුවේත්, හැදී වැඩුනේත් දැරියක ලෙසින් බවට 26 හැවිරිදි කලීෆ් තදින් කියා තිබෙනවා.

ලිංගික වර්ධනයේ වෙනස්වීම් (DSD) තිබෙන පුද්ගලයන්ට පිරිමි හා කාන්තා දෙවර්ගයේම ජීව විද්‍යාත්මක සංඝටක තිබෙන බවට තහවුරු වී තිබෙනවා.

මීට පෙර, නවසිලන්තයේ ලෝරල් හබාඩ් ට 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට අවස්ථාව ලබා දුන්නේ ඇය ඔලිම්පික් උළෙලක පෙනී සිටි පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව බවට පත් කරමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්