ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ස්තර දෙකකට වෙන් කිරීමේ සැලසුම්වලට එතරම් සහයෝගයක් නොලැබීමෙන් පසුව මීළඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) චක්‍රයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සියලුම පූර්ණ සාමාජිකයන් 12 දෙනාම එකම කොටසින් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
වැඩි ආයුෂ නොතිබුනු ජාත්‍යන්තර එක්දින සුපර් ලීගය නැවත ගොඩනැගීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.
දශකයකට වැඩි කාලයක් තිස්සේ වරින් වර මතුවූ ස්තර-දෙකේ ක්‍රමවේදය පිළිබඳ කතා නැවත වරක් මාතෘකාවක් බවට පත්ව තිබුනේ ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල වාර්ෂික සම්මන්ත්‍රණයේදී කාර්ය කණ්ඩායමක් පිහිටුවූ අවස්ථාවේ.
නමුත් අරමුදලක් ක්‍රියාවෙහි යෙදවීම පිළිබඳව ඇතිවූ අනුමානයන් ස්තර-දෙකේ ආකෘතිය හකුළා ගැනීමට හේතු වී තිබෙනවා. දෙවැනි කොටසේ සිටින කණ්ඩායම්වලට මූල්‍ය බෙදාහැරීමක් හරහා ඉන්දියාව, එංගලන්තය හා ඔස්ට්‍රේලියාව ට මේ ආකෘතිය සඳහා සහාය විය හැකි බවට සාකච්ජා පැවතියද එම කතාබහ එතරම් දුර ගොස් නැහැ.
බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව හා පාකිස්තානය වැනි දෙවැනි කොටසට වැටෙනු ඇතැයි අපේක්ෂිත රටවල් මේ අදහසට විරුද්ධ වුනේ එමගින් ලොකු රටවල් සමග තරග කිරීමට තිබෙන අවස්ථා ඔවුන්ට අහිමි වීමට ඉඩ ඇති බැවින්.
තරග කොටසකින් කොටසකට උසස් කිරීම හා පහතට හෙළීම ද ගැටලු සහිත කරුණක් බවට පත්වුනේ පහතට වැටීමෙන් සිදුවන මූල්‍යමය බලපෑම පිළිබඳව ඉන්දියාව, එංගලන්තය හා ඔස්ට්‍රේලියාව යන ක්‍රිකට් ලෝකයේ ලොකු රටවල් තුන සැලකිලිමත් වූ බැවින්.
තරග කොටසකින් කොටසකට උසස් කිරීම හා පහතට හෙළීම ද ගැටලු සහිත කරුණක් බවට පත්වුනේ පහතට වැටීමෙන් සිදුවන මූල්‍යමය බලපෑම පිළිබඳව ඉන්දියාව, එංගලන්තය හා ඔස්ට්‍රේලියාව යන ක්‍රිකට් ලෝකයේ ලොකු රටවල් තුන සැලකිලිමත් වූ බැවින්.
“අපි අක්‍රිය කාල වකවානුවක යෙදී සිටින විට දෙවැනි කොටසට වැටී ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව සමග තරග නොකිරීමට සිදුවනවා දකින්න එංගලන්තය විදියට අපට උවමනා නැහැ” යනුවෙන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානී රිචර්ඩ් තොම්සන් අගෝස්තු මාසයේදී BBCයට කියා තිබුනා.
ඒ වෙනුවට, 2027 වසරේ ජූලි මාසයේ ඇරඹෙන ප්‍රසාරණය වූ මීළඟ චක්‍රය සඳහා ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ සහ අයර්ලන්තය ද ඇතුළත් කණ්ඩායම් 12ක ලෝක ටෙස්ට් ශූරතාවලියක් කාර්ය කණ්ඩායම විසින් යෝජනා කර තිබෙනවා. මෙහිදී කණ්ඩායම් එම චක්‍රය තුළ ටෙස්ට් තරග අවම ප්‍රමාණයක් (නියම සංඛ්‍යාව තවම ප්‍රකාශ කර නැහැ) ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු වනවා. ටෙස්ට් තරගවලට සත්කාරකත්වය දැක්වීම වෙනුවෙන් අමතර අරමුදල් නොලැබීමට ඉඩ තිබෙනවා.
“සියලු දෙනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන බව මෙයින් තහවුරු කෙරෙනවා” යනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් පවසනවා.
2023 ලෝක කුසලානයෙන් පසුව ඉවත් කර දැමූ ODI සුපර් ලීගය නැවත පණගැන්වීම කෙරෙහි ද සැලකිල්ල යොමුව තිබෙනවා.
2020 වසරේ ජූලි මාසයේ ආරම්භ වුනු කණ්ඩායම් 13 ලීගය හඳුන්වා දී තිබුනේ ක්‍රමයෙන් පිරිහීමට ලක්ව තිබූ සීමිත ඕවර 50 ක්‍රමවේදයට වැඩි ප්‍රාණවත්බවක් නිර්මාණය කිරීමේ උත්සාහයක් වශයෙන්. නමුත් තරග වැඩිවීමක් නිසා හිරවුනු කැලැන්ඩරයක් මධ්‍යයේ එම ලීග් තරගාවලිය අත්හැර දැමුනේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට අනුබද්ධිත රටවල් හා කුඩා පූර්ණ සාමාජික රටවල් කනස්සල්ලට පත් කරමින්.
නව ලීගයට කණ්ඩායම් කොතරම් සංඛ්‍යාවක් ඇතුළත් වනු ඇත්ද යන්න යෝජනාවෙන් විස්තර කර නැති අතර එම ලීගය නැවත පවත්වනවා නම් එය සිදුවිය හැක්කේ 2028 වසරේ සිට පමණක් බව පැවසෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







