leader s

මිචල් ස්ටාක්ගේ කඩුලු 10 සහ ට්‍රැවිස් හෙඩ්ගේ අධිවේගී ශතකය මත ඔස්ට්‍රේලියාව පර්ත් නුවර පැවති පළමු ‘අළු බඳුන’

ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින දෙකක් ඇතුළත එංගලන්තය පරාජය කරමින් තරග පහකින් සමන්විත තරගමාලාවට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. එහෙත් මේ වික්‍රමයෙන් තරගය දින දෙකක් තුළ අවසන් වීම හේතුවෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන තුනක පාඩුවක් සිදුව තිබෙනවා.

මේ පාඩුව ප්‍රධාන වශයෙන් සිදුව තිබෙන්නේ ක්‍රිකට් ආයතනය මේ තරගයේ තෙවැනි හා සිවුවැනි දිනවලින් උපයා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ ප්‍රවේශ පත්‍ර ආදායමෙන්. තරගයේ පළමු දිනයේදී ක්‍රීඩා ලෝලීන් 51,531ක් හා දෙවැනි දිනයේදී 49,983ක් වශයෙන් නරඹන්නන් 101,514ක වාර්තාගත සංඛ්‍යාවක් පර්ත් ක්‍රීඩාංගණයට පැමිණ තිබුණා.

මේ සංඛ්‍යාව මගින් පසුගිය වසරේ පර්ත් හිදී ඉන්දියාව දින හතරක් ඇතුළත ජයග්‍රහණය හිමි කරගත් තරගය නැරඹූ 96,463කගේ කලින් වාර්තාව අභිබවා ගොස් තිබෙනවා. ඇත්තෙන්ම, පසුගිය වසරේ පැවති ඉන්දියා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නරඹන්නන්ගෙන් පිරී ඉතිරී තිබුණා. ඒ අනුව මේ තරගයේ තෙවැනි දින ක්‍රීඩාව නැරඹීම පිණිස ද ක්‍රීඩා ලෝලීන් අතිවිශාල සංඛ්‍යාවක් ඔප්ටස් ක්‍රීඩාංගණයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරුනා.

පළමු දිනයේ ම කඩුලු 19ක් බිඳ වැටීමෙන් පසුව මේ තරගය අවසාන දිනය හෝ සිවු වැනි දිනයට පවා හෝ යාවිද යන සැකය පහළ වී තිබුනා. මේ අවස්ථාවේදීයි තරගය තුන්වැනි දිනයක් දක්වා නොඇදෙන බව සහතික කරන ට්‍රැවිස් හෙඩ්ගේ පන්දු 83කින් ලකුණු 123ක ප්‍රවේගාකාරී පිතිහරඹය ප්‍රදර්ශනය වුනේ.

dftye56| පන්දු 83කින් ලකුණු 123ක ප්‍රවේගාකාරී පිතිහරඹයක් ප්‍රදර්ශනය කළ ට්‍රැවිස් හෙඩ්
තරගය කලින් අවසන් කිරීමෙන් පසුව හෙඩ් ක්‍රීඩා ලෝලීන් ගැන දුක්වුනා. “හෙට එන්න බැරිවෙන ජනතාව ගැන මට දුකක් දැනෙනවා” යනුවෙන් ඔහු තරගයෙන් පසුව කියා සිටියා.

තරගය දින දෙකක් ඇතුළත අවසන් වීම නිසා ප්‍රවේශ පත් අලෙවිය අතින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට විශාල ආදායමක් අහිමි වීමට අමතරව ඔවුන්ගේ තරග විස්තර ප්‍රචාරකයන්, හවුල්කරුවන් හා අනුග්‍රාහකයන්ට ද මුදල්මය පාඩුවක් සිදුවූ බවත් මෙයින් මේ තරගමාලාවට විශාල ආර්ථික බලපෑමක් සිදුව තිබෙන බවත් ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධාන විධායක ටොඩ් ග්‍රීන්බර්ග් ප්‍රකාශ කළා.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය ට මිචල් ස්ටාක්ගේ 7/58ක විශිෂ්ට පන්දු යැවීම හමුවේ පළමු ඉනිමේ ලබා ගත හැකිවූයේ ලකුණු 172 යි. පිළිතුරු වශයෙන්, ඔස්ට්‍රේලියාව බෙන් ස්ටෝක්ගේ කඩුලු පහ හමුවේ රැස්කර ගත්තේ ලකුණු 132ක් පමණයි. මේ අනුව ප්‍රතිවාදීන්ට තරගයේ ලකුණු 40ක පෙරමුණක් ලැබුනා. ස්ටාක් නැවත වරක් දෙවැනි ඉනිමේදී එංගලන්තය හොල්මන් කිරීමට පැමිණියා.

DRTER5645‍| මිචල් ස්ටාක්
ස්ටාක් කඩුලු තුනක් හා ස්කොට් බොලාන්ඩ් කඩුලු හතරක් ලබා ගැනීම මත එංගලන්තය දෙවැනි ඉනිමේදී ලකුණු 164කට දැවී ගියේ ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාව ට ලකුණු 205ක ඉලක්කයක් හා දින තුනකට වැඩි ක්‍රීඩා කාලයක් ඉතිරි කරමින්. සිවු වැනි ඉනිමේදී, ඔස්ට්‍රේලියාව හෙඩ්ගේ ලකුණු 123 හා මානස් ලබුෂේන්ගේ පන්දු 49කින් ලකුණු 51ක නොදැවුනු ඉනිම ආධාරයෙන් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කළා.

වසර 104ක් ඇතුළත ‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගයක් දින දෙකක් ඇතුළත අවසන් වූ ප්‍රථම අවස්ථාවයි මේ. ‘අළු බඳුන’ ටෙස්ට් තරගයක් දින දෙකක් ඇතුළත අවසන් වූ මීට පෙර අවස්ථාව ලෙස සටහන්ව තිබෙන්නේ 1921 වසරේ නොටිංහැම් හි පැවති පළමු ටෙස්ට් තරගය.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්