leader s

පුද්ගලයින් 156,000ක් ජීවත් වන කුරසාවු (Curacao) නමැති ඉතා කුඩා කැරිබියන් දූපත් රට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ ජනගහණය අතින් කුඩාම රට බවට පත්ව තිබෙනවා.


මේ අනුව ඔවුන්ගේ 78 හැවිරිදි පුහුණුකරු ඩික් ඇඩ්වකාට් (Dick Advocaat) ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වයස්ගතම පුහුණුකරු බවට පත්වනවා. මීට පෙර එම වාර්තාව හිමි කරගෙන සිටියේ 2010 වසරේ තරගාවලියට ග්‍රීසිය සුදුසුකම් ලබන විට 71 වැනි වියේ පසුවෙමින් එම කණ්ඩායම භාරව සිටි ඔටෝ රීහාගල් (Otto Rehhagel).

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ ජනගහණය අතින් කුඩාම රට ලෙස මීට පෙර වාර්තාව සතු කරගෙන සිටියේ 2018 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් 350,000ක පමණ ජනගහණයක් සිටින අයිස්ලන්තය. නමුත් එංගලන්තයේ කේම්බ්‍රිජ් සහ හඩස්ෆීල්ඩ් යන නගරවලට සමාන ජනගහණයකින් යුත්, වර්ග සැතපුම් 171ක භූමියක් ඇති කුරසාවු දූපත් දේශයට වඩා අයිස්ලන්තය විශාලත්වයෙන් බොහෝ වැඩියි.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට කුරසාවු සුදුසුකම් ලබා ගත්තේ ජැමෙයිකාව සමග තරගය ජය පැරදුමක් නැති ගෝල් 0-0කින් අවසන් කර ගැනීමට සමත් වෙමින්.

 



වෙනිසියුලා වෙරළට සැතපුම් 37ක් ඈතින් පිහිටි කුරසාවු දූපත තනි රටක් බවට පත්වුනේ 2010 වසරේදී Netherlands Antilles නමැති‌ කොට්ඨාශ දේශය විසිරුවා හැරීමෙන් පසුවයි.

මීට වසර දහයකට පෙර ජගත් පාපන්දු සම්මේලනයේ - FIFA - ලෝක ශ්‍රේණිගත කිරීම්වල 150 වැනි ස්ථානයේ පසුවූ කුරසාවු දැන් සිටින්නේ 82 වැනි ස්ථානයේ. ඔවුන් දැන් කේප් වර්ඩ්, උස්බෙකිස්තානය හා ජෝර්දානය සමග ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියට ප්‍රථම වතාවට සහභාගි වන සිවු වැනි රට බවට පත්ව සිටිනවා.

cura1

‘කුඩා ජෙනරල්’ යන නම පටබැඳුනු ඩික් ඇඩ්වකාට් විවිධ රටවල් අටක ජාතික පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන අතර නෙදර්ලන්තය 2004 යුරෝපීය ශූරතාවලි‌යේ අවසන් පූර්ව තරගයට සහ 1994 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට ගෙන යාමට ඔහු සමත් වුනා. මේ පළපුරදු පුහුණුකරුවා භාරගෙන සිටින අට වැනි ජාතික පාපන්දු කණ්ඩායමයි කුරසාවු. මීට පෙර, වාර තුනක් නෙදර්ලන්තයේ පුහුණුකරු වශයෙන් කටයුතු කර ඇති ඇඩ්වකාට් ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු කොරියාව, බෙල්ජියම, රුසියාව, සර්බියාව හා ඉරාකය යන රටවල ජාතික පාපන්දු පුහුණුකරු ලෙස ක්‍රියාකර තිබෙනවා. ඔහුගේ දකුණු කොරියානු කණ්ඩායම 2006 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසිවුනා.

කුරසාවු පාපන්දු කණ්ඩායම ජැමෙයිකාවේදී ‌ඓතිහාසික ජයග්‍රණයක් ලබන විට ඇඩ්වකාට් ඔවුන් සමග සිටියේ නැහැ. ඒ වන විට ඔහුට පවුලේ කටයුත්තක් වෙනුවෙන් නැවත නෙදර්ලන්තය ට යාමට සිදුව තිබුණා.

 

curqync2893
නෙදර්ලන්ත ජාතික පුහුණුකරුවකු සිටිනවාට අමතරව කුරසාවු පාපන්දු සංචිතයේ සිටින වැඩි දෙනා උපත ලබා තිබෙන්නේත්, හැදී වැඩුනේත් නෙදර්ලන්තයේ. සංචිතයේ සිටින ක්‍රීඩකයන්ගෙන් වැඩි දෙනෙක් පාපන්දු ක්‍රීඩා කරන්නේ ද නෙදර්ලන්තයේ. කුරසාවු කඩිසරව ඔවුන්ගේ ඩයස්පෝරාවෙන් ක්‍රීඩකයන් කණ්ඩායමට බඳවා ගෙන තිබෙන්නේ පවුල් සම්බන්ධයන් ඇති විදේශගත ක්‍රීඩකයන්ට ඔවුන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබෙන FIFA අනුමැතිය යටතේ. එංගලන්තයේ පාපන්දු සමාජ නියෝජනය කරන ක්‍රීඩකයින් මෙන්ම ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ද කුරසාවු කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්