leader s

අයර්ලන්තය ට එරෙහිව පෙබරවාරි 8 වැනිදා ‌කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව

ඔවුන්ගේ 2026 විස්සයි20 ලෝක කුසලාන මෙහෙයුම ආරම්භ කරනවා.

ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය හා ඔ්මානය සමග ‘බී’ කොටසට ඇතුළත්ව සිටින ශ්‍රී ලංකාව ඔවුන්ගේ මූලික වටයේ තරග හතරෙන් දෙක බැගින් ක්‍රීඩා කරන්නේ ආර්.ප්‍රේමදාස හා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලයි.

තරගාවලියේ සමසත්කාරකයන් වන ශ්‍රී ලංකාවේ දෙවැනි හා තෙවැනි තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පල්ලෙකැලේදී. එම තරග දෙක ඕමානය සමග පෙබරවාරි 12 වැනිදාත්, ඔස්ට්‍රේලියාව ට එරෙහිව පෙබරවාරි 16 වැනිදාත් පැවැත්වෙනවා.

තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාවේ අවසන් තරගය සිම්බාබ්වේ ට එරෙහිව පෙබරවාරි 19 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ‘බී’ කොටසට අයත්ව සිටින සෙසු කණ්ඩායම් ද ඔවුන්ගේ සියලුම මූලික වට තරග කොළඹ හා මහනුවර පිහිටි ක්‍රීඩාංගණ තුනක ක්‍රීඩා කරනවා. ලබන වසරේ පැවැත්වෙන මේ T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ අනෙක් ඉසව්ව වන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයයි.

ඉන්දියාව සමග ‘ඒ’ කොටසේ සිටින පාකිස්තානය සමස්ත තරගාවලියේ ඔවුන්ගේ සියලුම තරග ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ. ඒ අනුව ඔවුන්ගේ පළමු තරගය නෙදර්ලන්තය සමග තරගාවලියේ සමාරම්භක දිනය වන පෙබරවාරි 7 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර මෙය එම ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසගත වනවා.

ඉන්දියාව, පාකිස්තානය හා නෙදර්ලන්තය ට අමතරව ‘ඒ’ කොටසට අයත්ව සිටින අනෙක් කණ්ඩායම් දෙක වන්නේ අමෙරිකාව හා නැමීබියාව.

තරගාවලියේ අනෙක් සමසත්කාරකයන් වන ඉන්දියාව ඔවුන්ගේ තරග අහමදාබාද් (නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාගණය), චෙන්නායි (එම්.ඒ.චිදම්බරම් ක්‍රීඩාංගණය), නවදිල්ලිය (අරුන් ජයිට්ලි ක්‍රීඩාංගණය), මුම්බායි (වන්කඩේ ක්‍රීඩාංගණය) සහ කොල්කටා (ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණය) යන නගර පහේ පවත්වනවා.

තරගාවලියේ සමාරම්භක දිනයේ ඉන්දියාව ඔවුන්ගේ මෙහෙයුම ආරම්භ කරන්නේ අමෙරිකාව ට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගණයේ තරග වදිමින්. ඉන්දියාව හා පාකිස්තාන ගැටුම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 15 වැනිදා පැවැත්වෙනවා.

2026 විස්සයි20 ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන්නේ මාර්තු 8 වැනිදා අහමදාබාද් හෝ කොළඹදී. පාකිස්තානය ඊට සුදුසුකම් ලැබවහොත් එය කොළඹ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක කොල්කටා (පාකිස්තානය සුදුසුකම් ලැබුවහොත් කොළඹ) හිදී මාර්තු 4 සහ මුම්බායි හිදී මාර්තු 5 පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට කණ්ඩායම් 20ක් සහභාගි වන අතර එම කණ්ඩායම් පළමු වටයේ කොටස් හතරකට බෙදා තිබෙනවා.

drye565

‘ඒ’ කොටස - ඉන්දියාව, පාකිස්තානය, අමෙරිකාව, නෙදර්ලන්තය, නැමීබියාව

‘බී’ කොටස - ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ, ඕමානය

‘සී’ කොටස - එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, නේපාලය, ඉතාලිය

‘ඩී’ කොටස - නවසිලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය

පළමු වටය පෙබරවාරි 7 සිට 20 දක්වා පැවැත්වෙන අතර එය අවසානයේ ඒ ඒ කොටස්වල ඉහළටම පිවිසෙන කණ්ඩායම් දෙක බැගින් පෙබරවාරි 21 සිට මාර්තු 1 දක්වා පැවැත්වෙන ‘සුපිරි අට’ වටයට පිවිසෙන අතර එහිදී එම කණ්ඩායම් තවදුරටත් කණ්ඩායම් හතර බැගින් වන කොටස් දෙකකට බෙදෙනවා.

පළමු වටයෙන් සුදුසුකම් ලබනු ඇති කණ්ඩායම් අටක් අනුමාන කරමින් ‘සුපිරි අට’ වටයේ කොටස් දෙක පහත සඳහන් පරිදි සකස් කර තිබෙන අතර පෙරැලිකාර ජයග්‍රහණවලින් තවත් කණ්ඩායමක් සුදුසුකම් ලැබුවහොත් එම කණ්ඩායම ඔවුන්ගේ කොටසෙන් සුදුසුකම් ලැබීමට අසමත් වූ කණ්ඩායමේ ස්ථානය ගන්නවා.

සුපිරි අට 1 කොටස - ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව

සුපිරි අට 2 කොටස - එංගලන්තය, නවසිලන්තය, පාකිස්තානය, ශ්‍රී ලංකාව

‘සුපිරි අට’ වටයේදී සෑම කණ්ඩායමක් ම ඔවුන්ගේ කොටසේ අනෙක් කණ්ඩායම් තුන සමග තරග වදින අතර එම කොටස්වලින් ඉහළට පැමිණෙන කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.
cfhe56546

2026 T20 ලෝක කුසලාන තරග සටහන

පෙබරවාරි 7 - පාකිස්තානය හා නෙදර්ලන්තය (එස්.එස්.සී.)
පෙබරවාරි 7 - බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් (ඊඩ්න් ගාඩ්න්ස්)
පෙබරවාරි 7 - ඉන්දියාව හා අමෙරිකාව (වන්කඩේ)
පෙබරවාරි 8 - ඇෆ්ගනිස්තානය හා නවසිලන්තය (චෙන්නායි)
පෙබරවාරි 8 - එංගලන්තය හා නේපාලය (වන්කඩේ)
පෙබරවාරි 8 - ශ්‍රී ලංකාව හා අයර්ලන්තය (ආර්.ප්‍රේමදාස)
පෙබරවාරි 9 - බංග්ලාදේශය හා ඉතාලිය (ඊඩ්න් ගාඩ්න්ස්)
පෙබරවාරි 9 - ඔ්මානය හා සිම්බාබ්වේ (එස්.එස්.සී.)
පෙබරවාරි 9 - කැනඩාව හා දකුණු අප්‍රිකාව (අහමදාබාද්)
පෙබරවාරි 10 - නැමීබියාව හා නෙදර්ලන්තය (දිල්ලි)
පෙබරවාරි 10 - නවසිලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (චෙන්නායි)
පෙබරවාරි 10 - පාකිස්තානය හා අමෙරිකාව (එස්.එස්.සී.)
පෙබරවාරි 11 - ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව (අහමදාබාද්)
පෙබරවාරි 11 - ඔස්ට්‍රේලියාව හා අයර්ලන්තය (ආර්.ප්‍රේමදාස)
පෙබරවාරි 11 - එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් (වන්කඩේ)
පෙබරවාරි 12 - ශ්‍රී ලංකාව හා ඔ්මානය (පල්ලෙකැලේ) - *පෙරවරු 11.00 ට
පෙබරවාරි 12 - ඉතාලිය හා නේපාලය (වන්කඩේ)
පෙබරවාරි 12 - ඉන්දියාව හා නැමීබියාව (දිල්ලි)
පෙබරවාරි 13 - ඔස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ (ආර්.ප්‍රේමදාස)
පෙබරවාරි 13 - කැනඩාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (දිල්ලි)
පෙබරවාරි 13 - නෙදර්ලන්තය හා අමෙරිකාව (චෙන්නායි)
පෙබරවාරි 14 - අයර්ලන්තය හා ඔ්මානය (එස්.එස්.සී.)
පෙබරවාරි 14 - බංග්ලාදේශය හා එංගලන්තය (ඊඩ්න් ගාඩ්න්ස්)
පෙබරවාරි 14 - නවසිලන්තය හා දකුණු අප්‍රිකාව (අහමදාබාද්)
පෙබරවාරි 15 - නේපාලය හා බටහිර ඉන්දීය කොදෙව් (වන්කඩේ)
පෙබරවාරි 15 - නැමීබියාව හා අමෙරිකාව (චෙන්නායි0
පෙබරවාරි 15 - ඉන්දියාව හා පාකිස්තානය (ආර්.ප්‍රේමදාස)
පෙබරවාරි 16 - ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (දිල්ලි)
පෙබරවාරි 16 - එංගලන්තය හා ඉතාලිය (ඊඩ්න් ගාඩ්න්ස්)
පෙබරවාරි 16 - ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව (පල්ලෙකැලේ)
පෙබරවාරි 17 - කැනඩාව හා නවසිලන්තය (චෙන්නායි)
පෙබරවාරි 17 - අයර්ලන්තය හා සිම්බාබ්වේ (පල්ලෙකැලේ)
පෙබරවාරි 17 - බංග්ලාදේශය හා නේපාලය (වන්කඩේ)
පෙබරවාරි 18 - දකුණු අප්‍රිකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (දිල්ලි)
පෙබරවාරි 18 - නැමීබියාව හා පාකිස්තානය (එස්.එස්.සී.)
පෙබරවාරි 18 - ඉන්දියාව හා නෙදර්ලන්තය (අහමදාබාද්)
පෙබරවාරි 19 - ඉතාලිය හා බටහිර ඉන්දීය කොදෙව් (ඊඩ්න් ගාඩ්න්ස්)
පෙබරවාරි 19 - ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ (ආර්.ප්‍රේමදාස) - *පස්වරු 3.00 ට
පෙබරවාරි 19 - ඇෆ්ගනිස්තානය හා කැනඩාව (චෙන්නායි)
පෙබරවාරි 20 - ඔස්ට්‍රේලියාව හා ඔ්මානය (පල්ලෙකැලේ)
පෙබරවාරි 21 - සුපිරි අට 2 කොටස (ආර්.ප්‍රේමදාස)
පෙබරවාරි 22 - සුපිරි අට 2 කොටස (පල්ලෙකැලේ) - * පස්වරු 3.00 ට
පෙබරවාරි 22 - සුපිරි අට 1 කොටස (අහමදාබාද්)
පෙබරවාරි 23 - සුපිරි අට 1 කොටස (වන්කඩේ)
පෙබරවාරි 24 - සුපිරි අට 2 කොටස (පල්ලෙකැලේ)
පෙබරවාරි 25 - සුපිරි අට 2 කොටස (ආර්.ප්‍රේමදාස)
පෙබරවාරි 26 - සුපිරි අට 1 කොටස (අහමදාබාද්)
පෙබරවාරි 26 - සුපිරි අට 1 කොටස (චෙන්නායි)
පෙබරවාරි 27 - සුපිරි අට 2 කොටස (ආර්.ප්‍රේමදාස)
පෙබරවාරි 28 - සුපිරි අට 2 කොටස (පල්ලෙකැලේ)
මාර්තු 1 - සුපිරි අට 1 කොටස (දිල්ලි)
මාර්තු 1 - සුපිරි අට 1 කොටස (ඊඩ්න් ගාඩ්න්ස්)
මාර්තු 3 - පළමු අවසන් පූර්ව තරගය
මාර්තු 5 - දෙවැනි අවසන් පූර්ව තරගය
මාර්තු 8 - අවසාන තරගය

 

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්