leader s

විදුලි ආලෝකයෙන් දිලිසෙන එස්.එස්.සී. පිටියේ පළමු තරගය පෙබරවාරි 9දා

 

විදුලි ආලෝකය මධ්‍යයේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරග පැවැත්වීම 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සමසත්කාරකයන් වීමෙන් ශ්‍රී ලංකාව ට ලැබුනු දායාදයක්. මේ අනුව දැන් මෙරට දිවා-රාත්‍රි ක්‍රිකට් තරග පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ සංඛ්‍යාව හතර දක්වා වැඩිවනවා.

සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.), කොළඹ ආර්.ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ සහ දඹුල්ල එම ක්‍රීඩාංගණයි.

ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ. එහෙත් පෙබරවාරි 7 වැනිදා එම තරගය ආරම්භ වන්නේ පෙරවරු 11.00 ට වන බැවින් ඊට විදුලි ආලෝකය අවශ්‍ය වන්නේ නැහැ. එබැවින් එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තරගය වන ඕමානය  හා සිම්බාබ්වේ අතර ගැටුම එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය බවට පත්වනවා. පෙබරවාරි 9 වැනිදා පැවැත්වෙන එම තරගය ආරම්භ වන්නේ පස්වරු 3.00 ට වන බැවින් ක්‍රීඩාවේ පසුභාගයේදී එයට විදුලි ආලෝකය අවශ්‍ය වනවා.

SSC 1200x675px 11 11 25

 

එස්.එස්.සී. ක්‍රීඩාංගණයට ලෝක කුසලාන තරග පහක් ලැබී තිබෙන අතර මෙයින් විදුලි ආලෝකය සම්පූර්ණයෙන් අවශ්‍ය වන්නේ පස්වරු 7.00 ට ආරම්භ වන තෙවැනි තරගයට පමණයි. එම තරගය පාකිස්තානය හා අමෙරිකාව අතර පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙනවා. එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අනෙක් ලෝක කුසලාන තරග දෙක වන අයර්ලන්තය හා ඔ්මානය අතර තරගය පෙබරවාරි 14 වැනිදා පෙරවරු 11.00 ට ද, පාකිස්තානය හා නැමීබියාව අතර තරගය පෙබරවාරි 18 වැනිදා පස්වරු 3.00 ට ද ආරම්භ වීමටයි නියමිතව තිබෙන්නේ.

එස්.එස්.සී. ක්‍රීඩාංගණය විදුලි ආලෝකයෙන් සන්නද්ධ වීම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට නව මං විවර වීමක්. මෙමගින් දිවා-රාත්‍රී ටෙස්ට් තරග ද එහි පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ විදුලි ආලෝකය තිබෙන දිවයිනේ සෙසු ක්‍රීඩාංගණ අතරින් ටෙස්ට් ක්‍රිකට් ඉසව්වක් ලෙසින් නමක් දිනා ගෙන තිබෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය වන බැවින්.

ටෙස්ට් තරගවලට අමතරව, මීට පෙර මේ ක්‍රීඩාංගණයේ විශේෂයෙන් කාන්තා ක්‍රිකට් තරග සහ ඉඳහිට ජාත්‍යන්තර සීමිත ඔ්වර ක්‍රිකට් තරග පවත්වා තිබෙනවා. ඉදිරියේදී ජාතික සුපර් ලීගය (NSL), එල්.පී.එල්. (LPL), විස්සයි10 ලීග් (T10 League) තරග ද එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

විදුලි ආලෝකය මධ්‍යයේ දිවා-රාත්‍රි ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට අවස්ථාව ලබමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන එස්.එස්.සී. එළැඹෙන්නේ නව යුගයකට.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි පුවතක් :

T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවේ පළමු තරගය අයර්ලන්තයට එරෙහිව පෙබරවාරි 8 කොළඹදී

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්