ලොව ශක්තිමත්ම කාන්තාව තේරීමේ තරගයෙන් පරාජය වුනු එංගලන්ත තරගකාරිනිය ජයග්‍රාහිකාව උපතින් පිරිමියෙකු බව කාමුක වෙබ්අඩවියක් මගින් සොයාගෙන තිබෙනවා.
අමෙරිකාවේ ජැමී බූකර් (Jammie Booker) ටෙක්සාස් ප්‍රාන්තයේ ආලිංටන් නුවර පසුගිය සතිඅන්තයේ පැවති ලෝක ශූරතාවලියේදී බ්‍රිතාන්‍යයේ ඇන්ඩ්‍රියා තොම්සන් (Andrea Thompson) පරදවා 2025 ලොව ශක්තිමත්ම කාන්තාව ලෙස ශූරතාව දිනා ගත්ත ද, පසුව තරග කමිටුව එම කිරුළ ඇගෙන් උදුරා ගත්තා.
වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ්අඩවියක තිබූ බූකර්ගේ ඡායාරූපයක් තමා වෙත එවීමෙන් පසුව ජයග්‍රාහිකාව ජීව විද්‍යාත්මකව පිරිමියෙකු බව දැන ගැනීමෙන් තමා තුළ මහත් කම්පනයක් ඇතිවූ බව තොම්සන් අනාවරණය කළා.

තොම්සන්ව ජයග්‍රාහිකාව වශයෙන් නම් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ ඇලිරා-ජෝයි කවුලී ට තරගයේ දෙවැනි ස්ථානයත්, කැනඩාවේ ජැකී ඔස්සෙව්ස්කි ට තෙවැනි ස්ථානයත් ලැබුනා.
පදක්කම් පිරිනමන වේදිකාවේ සිට තමාගේ ජයග්‍රහණය භුක්ති විඳීමේ අවස්ථාව නොලැබීම පිළිබඳව තමා කනස්සල්ලට පත්ව සිටින බව තොම්සන් කියා සිටියා.
බූකර්ව තරගයෙන් නෙරපා දැමූ බවත් ඇයගේ ලිංගික තත්ත්වය පිළිබඳව තමන් නොදැන සිටි බවත් තරග සංවිධායකයන් ප්‍රකාශ කළා.

ජයග්‍රහණය ලැබූ තැන් පටන් බූකර් ඔවුන්ගේ දුරකථන ඇමතුම් මඟහරිමින් සිටින බව සංවිධායක මණ්ඩලය පවසනවා.
බූකර් 2017 වසරේදී යූටියුබ් වීඩියෝවක් ඔස්සේ තමා සංක්‍රාන්ති ලිංගික කාන්තාවක බවට ස්වයං හැඳින්වීමක් කර තිබෙනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







