leader s

ස්පාඤ්ඤයේ ඇට්ලටිකෝ මෙඩ්රිඩ් (Atletico Madrid) පාපන්දු කණ්ඩායමට යුරෝ 30,000ක දඩයක් නියම කළ යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA)  එහි සංචාරක ක්‍රීඩා ලෝලීන්ට දඬුවම් වශයෙන් වසරකට අත්හිටුවූ එක් තරග තහනමක් පනවා තිබෙනවා.


මීට හේතු වී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ ආසනල් කණ්ඩායමට එරෙහිව පැවති 4-0ක පරාජිත චැම්පියන්ස් ලීග් තරගයේදී එම ක්‍රීඩා ලෝලීන් වර්ගවාදී ලෙස හැසිරීමයි.

ලන්ඩනයේ එමිරේට්ස් ක්‍රීඩාංණයේ පැවති තරගයේදී ස්පාඤ්ඤ පාපන්දු සමාජයේ ආධාරකරුවන් වඳුරන් මෙන් අංග චලනය කරමින් ශබ්ද නැගීම සහ හිට්ලර්ගේ නාසි සැලියුට් කිරීමේ චෝදනාව මත මේ දඩුවම් පමුණුවා ඇතැයි UEFA ප්‍රකාශ කරනවා.

Atletico Madrid players warm up ahead of a Champions League opening phase soccer against Union Saint-Gilloise in Madrid, Spain, Tuesday, Nov. 4, 2025. (AP Photo/Manu Fernandez)
ඇට්ලටිකෝ ක්‍රීඩා ලෝලීන් තරගය අතරතුර නොයෙකුත් ද්‍රව්‍යය පිටියට විසිකරන අයුරු ද දැක තිබෙනවා.

මේ ක්‍රියාවට යුරෝ 10,000ක වෙනම දඩයක් නියම කර තිබෙන අතර එම දඬුවම සහ යුරෝ 30,000 දඩය වහාම ක්‍රියාත්මක වන පරිදියි පනවා තිබෙන්නේ.

මීට අමතරව, නොවැම්බර් 5 වැනිදා චෙල්සී කණ්ඩායමට එරෙහිව පැවති UEFA යූත් ලීග් තරගයේදී ජාතිවාදී ලෙස හැසිරීම හේතුවෙන් Qarabag FK Youth නමැති අසර්බයිජාන් කණ්ඩායමට ද යුරෝ 5,000ක දඩයක් නියම කර ඇති UEFA එම කණ්ඩායමේ එක් සත්කාරක තරගයක් නරඹන්නන් නැති දොරවල් වැසුණු ක්‍රීඩාංගණයක පවත්වන ලෙසට ද නියෝග කර තිබෙනවා.

VISRO2Hs

 

නරඹන්නන් රහිතව තරගය ක්‍රීඩා කිරීමේ දඬුවම වසරක පරිවාස කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්