The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඕවර 41.1කින් ලකුණු 311ක් හඹා ගිය ඉන්දියාවෙන් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන නව වාර්තාවක්

T

The Leader Desk

February 5, 2026 • 2:44 PM

ඕවර 41.1කින් ලකුණු 311ක් හඹා ගිය ඉන්දියාවෙන් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන නව වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව ඕවර 41.1ක් ඇතුළත ලකුණු 311ක ඉලක්කයක් හඹා යමින් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
  • එහිදී ඒරන් ජෝර්ජ්ගේ ලකුණු 115ක ඉනිම ඉන්දියාව ට අමතක නොවන ජයග්‍රහණයක් ලබා දුන්නා පමණක් නොව වාර්තාගත 10 වැනි වතාටත් ඔවුන්ට අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ අවසාන තරගයේ ස්ථානයක් ද හිමිකර දුන්නා.
  • ජෝර්ජ් ට අමතරව වයිභාව් සූර්යවන්ශි (පන්දු 33කින් ලකුණු 68) සහ අයුෂ් මහාත්‍රී (පන්දු 59කින් ලකුණු 62) ද ඉලක්කය හඹා යාමේදී කැපී පෙනුනු පිතිකරණයක නිරත වුණා.
  • මීට අමතරව, ඉන්දියාව මේ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම සාර්ථක ලකුණු හඹා යාමේ වාර්තාව ද බිඳ දැමුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


2026 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට පිවිසෙමින් ඉන්දියා කණ්ඩායම මේ හපන්කම ප්‍රදර්ශනය කළේ හරාරේ නුවර හරාරේ ක්‍රීඩා සමාජයීය ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තානය ට එරෙහිව බදාදා පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ.

එහිදී ඒරන් ජෝර්ජ්ගේ ලකුණු 115ක ඉනිම ඉන්දියාව ට අමතක නොවන ජයග්‍රහණයක් ලබා දුන්නා පමණක් නොව වාර්තාගත 10 වැනි වතාටත් ඔවුන්ට අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ අවසාන තරගයේ ස්ථානයක් ද හිමිකර දුන්නා.

ජෝර්ජ් ට අමතරව වයිභාව් සූර්යවන්ශි (පන්දු 33කින් ලකුණු 68) සහ අයුෂ් මහාත්‍රී (පන්දු 59කින් ලකුණු 62) ද ඉලක්කය හඹා යාමේදී කැපී පෙනුනු පිතිකරණයක නිරත වුණා.

vbbg

මීට අමතරව, ඉන්දියාව මේ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම සාර්ථක ලකුණු හඹා යාමේ වාර්තාව ද බිඳ දැමුවා.

මේ දක්වා, ඉන්දියාව හා නවසිලන්තය යන කණ්ඩායම් දෙක පමණයි අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගයක ලකුණු 300ක් හෝ ඊට වැඩි ඉලක්කයක් සාර්ථකව හඹා යාමට සමත්ව සිටින්නේ.

2006 වසරේ පෙබරවාරි 14 වැනිදා කොළඹදී අයර්ලන්තය ට එරෙහිව නවසිලන්තය කඩුලු 3ක ජයග්‍රහණයක් තහවුරු කිරීම පිණිස ඕවර  49.1කදී ලකුණු 305ක ඉලක්කය හඹා ගියා. එම වාර්තාව වසර 20ක් ම පැවතුනද දැන් එය අයත්ව තිබෙන්නේ ඉන්දියාව ට.

අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ වැඩිම සාර්ථක ලකුණු හඹායාම්

F ඉන්දියාව ඇෆ්ගනිස්තානය ට එරෙහිව ඕවර  41.1කින් ලකුණු 311/3 (ඉලක්කය 311)

F නවසිලන්තය අයර්ලන්තය ට එරෙහිව ඕවර  49.1කින් ලකුණු 305/7 (ඉලක්කය 305)

F දකුණු අප්‍රිකාව බංග්ලාදේශය ට එරෙහිව ඕවර  48.5කින් ලකුණු 298/8 (ඉලක්කය 294)

F බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාව ට එරෙහිව ඕවර  48.3කින් ලකුණු 294/6 (ඉලක්කය 292)

F බටහිර ඉන්දීය කොදෙව් පිල අයර්ලන්තය ට එරෙහිව ඕවර  48.2කින් ලකුණු 281/6 (ඉලක්කය 279)


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...