The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩොන් බ්‍රැඩ්මන්ගේ කැප් තොප්පියට‍ ඩොලර් 460,000ක්

T

The Leader Desk

January 30, 2026 • 2:29 PM

ඩොන් බ්‍රැඩ්මන්ගේ කැප් තොප්පියට‍ ඩොලර් 460,000ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියානු පුරාවෘත්ත පිතිකරු ඩොන් බ්‍රැඩ්මන් ඉන්දියාව ට එරෙහි 1947-48 ක්‍රිකට් තරගාවලියේ පැළඳ සිටි කොළපාට
  • මෙය මේ ශ්‍රේෂ්ඨ ඔස්ට්‍රේලියානු පිතිකරුවා විසින් පළඳිනු ලැබූ කැප් තොප්පියකට ලැබුණු ඉහළම මිල බව වාර්තා වනවා.
  • බ්‍රැඩ්මන් මේ කැප් තොප්පිය ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීරංග වාසුදේව් සොහොනි (Sriranga Wasudev Sohoni) ට ත්‍යාග කර තිබෙන අතර ඔහුගේ පවුල එය වසර 75ක් තිස්සේ ආරක්ෂා කර තිබෙනවා.
  • “එයින් කියන්නේ මේ කැප් තොප්පිය පරම්පරා තුනක් යතුරු දමා සුරක්ෂිතව තබාගෙන සිටි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

‘බැගී’ කැප් තොප්පිය ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ පැවති වෙන්දේසියකදී ඩොලර් 460,000කට අලෙවි වී තිබෙනවා.

cap
මෙය මේ ශ්‍රේෂ්ඨ ඔස්ට්‍රේලියානු පිතිකරුවා විසින් පළඳිනු ලැබූ කැප් තොප්පියකට ලැබුණු ඉහළම මිල බව වාර්තා වනවා.

බ්‍රැඩ්මන් මේ කැප් තොප්පිය ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීරංග වාසුදේව් සොහොනි (Sriranga Wasudev Sohoni) ට ත්‍යාග කර තිබෙන අතර ඔහුගේ පවුල එය වසර 75ක් තිස්සේ ආරක්ෂා කර තිබෙනවා.

“එයින් කියන්නේ මේ කැප් තොප්පිය පරම්පරා තුනක් යතුරු දමා සුරක්ෂිතව තබාගෙන සිටි බවයි. පවුලේ සාමාජිකයෙකුට එය දකින්න ඉඩ ලැබුනේ වයස අවුරුදු 16 වූ විටයි. ඒකත් මිනිත්තු පහකට පමණයි” ලොයිඩ් වෙන්දේසිකරුවන් හා තක්සේරුකරුවන්ගේ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලී හේම්ස් ප්‍රකාශ කරනවා.

නිර්නාමික ලංසු තබන්නෙකුට මේ කැප් තොප්පිය අලෙවි කර තිබෙන අතර එය දැන් ඔස්ට්‍රේලියානු කෞතුකාගාරයක ප්‍රදර්ශනය පිණිස තබා ඇතැයි දේශීය මාධ්‍ය වාර්තා කරනවා. D.G. Bradman සහ  S.W. Sohoni යන නම් සඳහන්ව තිබෙන මේ කැප් තොප්පිය හොඳ තත්ත්වයක තිබෙන බව පැවසෙනවා.

බ්‍රැඩ්මන් පැළඳූ තවත් කැප් තොප්පියක් 2024 වසරේ පැවති වෙන්දේසියකදී ඩොලර් 311,000කට අලෙවි වන විට එය හිරු එළියෙන් මැකී ගොස් කෘමීන් විසින් හානිකර තිබුණා.

ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍රව සිටින ඩොන් බ්‍රැඩ්මන් ටෙස්ට් තරග 52කට ක්‍රීඩා කළේ 99.94ක පිතිකරණ සාමාන්‍යක් සටහන් කරමින්. මෙය වෙනත් ඔ්නෑම ක්‍රීඩකයෙකුට වඩා ලකුණු 40කට ආසන්න ප්‍රමාණයකින් ඉහළින් සිටීමක්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩොන් බ්‍රැඩ්මන්ගේ කැප් තොප්පියට‍ ඩොලර් 460,000ක් | The Leader