The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මවගේ 69 වැනි උපන්දිනයට රොනාල්ඩෝගෙන් Porsche කාරයක් තෑගි

T

The Leader Desk

January 2, 2024 • 10:02 AM

මවගේ 69 වැනි උපන්දිනයට රොනාල්ඩෝගෙන් Porsche කාරයක් තෑගි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව වසර උදාවීමට පෙර දිනයේදී ත්‍යාගක් ලෙස අලුත් ම Porsche කාරයක් ලබා දෙමින් ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ඔහුගේ මව විස්මයට පත්කර තිබෙනවා.
  • අනතුරුව, අලුත් කාරය ක්‍රියාත්මක වන අයුරු ඇය ට පහදා දෙන විට රොනාල්ඩෝ ඇතුළු ඇගේ පවුලේ අය ගරාජය ඇතුළට වී එදෙස බලා සිටියා.
  • ඔබ ඔබේ තාත්තා ට සහ අම්මා ට ගෞරව කරන්න.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):

 

දෙසැම්බර් 31 වැනි ඉරිදා ට යෙදුනු තම මවගේ 69 වැනි උපන්දිනය සැමරීම පිණිස යළි තම උපන් නගරය වන Madeira ට ගුවනින් පැමිණි පෘතුගාල පාපන්දු තරුව මෝටර් රථයක් මෙසේ තෑගි කර තිබෙන්නේ ඔහුගේ මව 2023 වර්ෂය අමතක නොවන අයුරින් අවසන් කරනු ඇති බවට සහතික වෙමින්.

රොනාල්ඩෝ ඔහුගේ මව වන Dolores Aveiro ට මේ අලුත් කාරය පෙන්වූ මොහොත දිස්වන වීඩියෝව සමාජ මාධ්‍යයේ පැතිර ගොස් තිබෙනවා.



Porsche කාරය වෙත Aveiro කැන්දාගෙන ගොස් තිබෙන්නේ රොනාල්ඩෝගේ පුතා වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ (කණිෂ්ඨ). තමන්ට ලැබුනු ත්‍යාගය කුමක්දැයි දැනගත් විට දෑසින් කඩා වැටුනු කඳුළු නවත්වා ගන්නට Aveiro අසමත් වුනා.

ගැටගසන ලද දැවැන්ත රතු පීත්ත පටියකින් මෝටර් රථය ඔතා තිබුනු අතර එය දැකීමෙන් හැඟීම්බර වූ Aveiro අලුත් කාරයට පළමු වතාවට ගොඩවීමට පෙර ඇගේ මුනුපුරා සිප වැළඳ ගත්තා.

අනතුරුව, අලුත් කාරය ක්‍රියාත්මක වන අයුරු ඇය ට පහදා දෙන විට රොනාල්ඩෝ ඇතුළු ඇගේ පවුලේ අය ගරාජය ඇතුළට වී එදෙස බලා සිටියා.

cristiano ronaldo mother
තමන්ගේ මව වෙනුවෙන් රොනාල්ඩෝ කළ මේ නිර්ලෝභී ත්‍යාගය පිළිබඳව ඔහුගේ සොහොයුරිය වන Katia ‘ඉන්ස්ටග්‍රෑම්’වලින් සිය සහෝදරයා ආමන්ත්‍රණය කළා.

“ඇය සතුටු වෙනවා නම්, ඒ ඇගේ පුතා ට ඇයව මතක් වීම නිසා මිස ත්‍යාගයේ වටිනාකම නිසා නෙවෙයි. ඔබ ඔබේ තාත්තා ට සහ අම්මා ට ගෞරව කරන්න. එවිට ඔබ මේ ලෝකයේ ජීවත් වූ දවස් ගණන වැඩිවේවි” යනුවෙන් එම සටහනෙන් කියා තිබුනා.

රොනාල්ඩෝගේ වෘත්තීය ක්‍රීඩා දිවිය පුරා ම ඔහුගේ මව ඔහු ට ඉමහත් සහයෝගයක් දී තිබෙනවා. ඔහු එංගලන්තය, ස්පාඤ්ඤය හා ඉතාලියේ පෞද්ගලික හා කණ්ඩායම් සාර්ථකත්වයක් ලබා ගනිද්දී පුතු අනුගමණය කරමින් මව ලෝකය පුරා සංචාරය කළා.

ZURICH, SWITZERLAND - JANUARY 12:  FIFA Ballon d'Or winner Cristiano Ronaldo of Portugal and Real Madrid poses with son Cristiano Ronaldo Junior and mother Maria Dolores dos Santos Aveiro during the FIFA Ballon d'Or Gala 2014 at the Kongresshaus on January 12, 2015 in Zurich, Switzerland.  (Photo by Alexander Hassenstein - FIFA/FIFA via Getty Images)
රොනාල්ඩෝ ප්‍රිමිය ලීග්, ලා ලිගා, සීරී ඒ හා චැම්පියන්ස් ලීග් ජයග්‍රහණය කරද්දී මෙන්ම ඔහු ‘බැලන් ඩි ඔ්ර්’ සම්මානය පස් වතාවක් හිමිකර ගනිද්දීත් ඔහුගේ ජීවිතයේ මේ අමතක නොවන අවස්ථාවන්හිදී මව රොනාල්ඩෝගේ ළඟින් ම සිටියා.

2022 වසරේ ජූනි මාසයේදී ක්‍රීඩා මණ්ඩපයේ සිට මව බලා සිටියදී රොනාල්ඩෝ ස්විට්සරලන්තය ට එරෙහි ගෝල් 4-0ක පෘතුගාල ජයග්‍රහණයේ එක් ගෝලයක් ඇය වෙනුවෙන් කැප කළ අවස්ථාවේදී ඇගේ දෑස් කඳුලින් තෙමුනා. 



රොනාල්ඩෝ මැන්චෙස්ට යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ කළමනාකරු Erik ten Hag සමග 2022දී ඇතිකර ගත් ආරවුලේදී Aveiro ප්‍රසිද්ධියේ ම ඇගේ පුතාගේ පැත්ත ගත්තා.

එම ප්‍රශ්නයෙන් පසුව රොනාල්ඩෝගේ මැන්චෙස්ට යුනයිටඩ් කොන්ත්‍රාත්තුව අහෝසි කෙරුනු අතර ඔහු සෞදි අරාබියේ අල්-නසර් ක්‍රීඩා සමාජයට එක්වුනා. ගෙවුනු සතිඅන්තයේදී රොනාල්ඩෝ එම සමාජයට බැඳී වසරක් පිරීම සැමරුවා.

පාපන්දු : ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෙන් නව ලෝක වාර්තාවක්

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ 2023 වසර අවසන් කළේ එම ක්‍රීඩා සමාජය හා පෘතුගාලය වෙනුවෙන් ගෝල් 54ක් වාර්තා කරමින් ඒ කැලැන්ඩර වසරේ ලොව වැඩිම ගෝල්ලාභියා ලෙසින්.

සටහන :
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා නෙස්ලේ අර්ධ මැරතන් ජයග්‍රාහකයා රත්නපුර විද්‍යාරාජ  විදුහලෙන්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...