The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

EURO 2024: නෙදර්ලන්තය සහ ප්‍රංශය (ඩී කොටස)

T

The Leader Desk

April 10, 2024 • 11:46 AM

EURO 2024: නෙදර්ලන්තය සහ ප්‍රංශය (ඩී කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩා පිටිය හරහා සහජ දක්ෂතා පිරි නෙදර්ලන්තය ලොව ප්‍රධාන පාපන්දු තරග බිමේදී තමන් සැළකිය යුතු කණ්ඩායමක් බවට පසුගිය වසරේදී ඔප්පු කර තිබෙනවා.
  • රොනල්ඩ් කියුමෙන්ගේ කණ්ඩායම පසුගිය මාස 12 ඇතුළත ප්‍රංශය (දෙවතාවක්), ඉතාලිය, ක්‍රොඒෂියාව හා ජර්මනිය ට පරාජය වී සිටින්නේ ඔවුන්ගේ දුර්වලතාවන් ඔවුන්ට මතක් කර දෙමින්.
  •   නෙදර්ලන්තය පහසුවෙන් ‘යුරෝ 2024’ තරගාවලියට සුදුසුකම් ලැබුවේ ඔවුන්ගේ එකම පරාජයන් දෙක ප්‍රංශය ට එරෙහිව අත්විඳිමින්.
  • ඉතා ඉහළින් ගණන් ගනු ලබන මේ 20 හැවිරිදි ක්‍රීඩකයා 2022 ගිම්හානයේදී ප්‍රංශයේ PSG ක්‍රීඩා සමාජය අතහැර නෙදර්ලන්තයේ PSV කණ්ඩායමට බැඳුනද, එම කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ දක්ෂතාව කොතරම්ද යත් ප්‍රංශ පාපන්දු දැවැන්තයින් නැවත ඔහු තම කණ්ඩායමට කැඳවා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්‍රීඩා පිටිය හරහා සහජ දක්ෂතා පිරි නෙදර්ලන්තය ලොව ප්‍රධාන පාපන්දු තරග බිමේදී තමන් සැළකිය යුතු කණ්ඩායමක් බවට පසුගිය වසරේදී ඔප්පු කර තිබෙනවා.

 

නෙදර්ලන්තය පාපන්දු කණ්ඩායම

කෙසේ වෙතත්, ඔවුන් පසුපසට ඇද දමන එක් කාරණයක් වී තිබෙන්නේ ශක්තිමත් රටවලට එරෙහිව ඔවුන්ගේ තිබෙන වාර්තාව. රොනල්ඩ් කියුමෙන්ගේ කණ්ඩායම පසුගිය මාස 12 ඇතුළත ප්‍රංශය (දෙවතාවක්), ඉතාලිය, ක්‍රොඒෂියාව හා ජර්මනිය ට පරාජය වී සිටින්නේ ඔවුන්ගේ දුර්වලතාවන් ඔවුන්ට මතක් කර දෙමින්.

 

නෙදර්ලන්තය පහසුවෙන් ‘යුරෝ 2024’ තරගාවලියට සුදුසුකම් ලැබුවේ ඔවුන්ගේ එකම පරාජයන් දෙක ප්‍රංශය ට එරෙහිව අත්විඳිමින්. ඔවුන් ආරක්ෂාකාරී ක්‍රීඩාවේදී Nathan Ake හා Virgil van Dijk වැනි ක්‍රීඩකයින් පිළිබඳව ආඩම්බර වන අතරතුර Memphis Depay, Cody Gakpo හා Xavi Simons යන ක්‍රීඩකයන් ආක්‍රමණයට උසස් තත්ත්වයක් ගෙන ආ යුතුව තිබෙනවා.

අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - චැවී සයිමන්ස් (Xavi Simons)

 

යුරෝපීය පාපන්දුවේ සිය නාමය සනිටුහන් කිරීමට මේ ක්‍රීඩකයාට මේ ග්‍රීෂ්ම සෘතුවේදී ලැබෙන්නේ මහඟු අවස්ථාවක්.


ඉතා ඉහළින් ගණන් ගනු ලබන මේ 20 හැවිරිදි ක්‍රීඩකයා 2022 ගිම්හානයේදී ප්‍රංශයේ PSG ක්‍රීඩා සමාජය අතහැර නෙදර්ලන්තයේ PSV කණ්ඩායමට බැඳුනද, එම කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ දක්ෂතාව කොතරම්ද යත් ප්‍රංශ පාපන්දු දැවැන්තයින් නැවත ඔහු තම කණ්ඩායමට කැඳවා ගත්තා.
 
සයිමන්ස් මේ ක්‍රීඩා වාරයේදී ජර්මනියේ RB Leipzig කණ්ඩායම වෙනුවෙන් දීප්තිමත්ව ක්‍රීඩා කළ අතර පසුගිය මාස 12 ඇතුළත ඔහු නෙදර්ලන්ත කණ්ඩායමේ ස්ථිර තරග ආරම්භක ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු බවට පත්ව සිටිනවා. යුරෝපීය පාපන්දුවේ සිය නාමය සනිටුහන් කිරීමට මේ ක්‍රීඩකයාට මේ ග්‍රීෂ්ම සෘතුවේදී ලැබෙන්නේ මහඟු අවස්ථාවක්.

කළමනාකරු - රොනල්ඩ් කියුමෙන් (Ronald Koeman)
 
52780520 beac 43d6 aed6 15d2ba0d0e32 alta libre aspect ratio default 061 හැවිරිදි පුහුණුකරුවා ප්‍රමාණවත් ප්‍රශංසා ඉතිරි කරගෙන සිටින්නේ ඔහුගේ තරග 32න් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් පරාජය වී සිටියදීත්.
ප්‍රිමිය ලීග් ක්‍රීඩා ලෝලීන් හොඳින් දන්නා මේ හිටපු Southampton හා Everton එංගලන්ත පාපන්දු කණ්ඩායම් ප්‍රධානියා පැමිණියේ Louis van Gaalගේ තැන ගනිමින්. 

උපක්‍රම අඩුපාඩු සම්බන්ධව කියුමෙන් විවේචනයන්ට ලක්ව සිටියද, මේ 61 හැවිරිදි පුහුණුකරුවා ප්‍රමාණවත් ප්‍රශංසා ඉතිරි කරගෙන සිටින්නේ ඔහුගේ තරග 32න් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් පරාජය වී සිටියදීත්.

*ප්‍රංශය
 
hq720ප්‍රංශය - ජනප්‍රියතම ජයග්‍රාහී කණ්ඩායම වීම පුදුමයට කරුණක් නෙවෙයි.  
තමන් ඉදිරියේ තිබෙන අති විශාල සහජ කුසලතාවන් සැළකිල්ලට ගත් විට, ඩිඩිඒ ඩේෂෝම්ගේ කණ්ඩායම මෙවර ‘යුරෝ’ තරගාවලියේ සිටින ජනප්‍රියතම ජයග්‍රාහී කණ්ඩායම වීම පුදුමයට කරුණක් නෙවෙයි.  

‘යුරෝ 2020’ තරගාවලියේදී ලජ්ජාවට පත්වෙමින් ස්විට්සලන්තය වෙතින් අවසන් කණ්ඩායම් 16 දෙනාගේ වටයෙන් ප්‍රංශයේ ඉවතට විසිවීම මැදි වී තිබෙන්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් දෙකක පළමු හා දෙවන ස්ථාන ලබා ගැනීමේ මෙහෙයුම්වලින්.
 
 
මෑතකදී ජර්මනියට වූ පරාජය සහ චිලී කණ්ඩායම හමුවේ ලැබූ සියුම් ජයග්‍රහණයෙන් විද්‍යාමාන වන්නේ ප්‍රංශයේ පාපන්දු ක්‍රීඩකයනුත් මනුෂ්‍යයන් බව. නමුත් තරග බිම හරහා තිබෙන නායක කිලිඅන් බප්පේ ඇතුළු ඔවුන්ගේ සහජ දක්ෂතාවේ ගැඹුර හමුවේ ප්‍රතිවාදී කණ්ඩායම් මුහුණ දෙන්නේ බිය ගෙනදෙන ගැටලුවකට.
 
අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - කිලඅන් බප්පේ (Kylian Mbappe)
 
කිලිඇන් බප්පේගේ ඔලිම්පික් සිහිනය සිහිනයක්ම වේවිද?තරග 77කදී ගෝල් 46ක් ලබා ගෙන සිටින බප්පේ 25 හැවිරිදි වියේදී ප්‍රංශයේ එදා මෙදා තුර වාර්තාගත ගෝල්ලාභියා බවට පත්වීමේ මාර්ගයට ඉතා සාර්ථවක පිවිස සිටිනවා.
ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් තරග 77කදී ගෝල් 46ක් ලබා ගෙන සිටින බප්පේ 25 හැවිරිදි වියේදී ප්‍රංශයේ එදා මෙදා තුර වාර්තාගත ගෝල්ලාභියා බවට පත්වීමේ මාර්ගයට ඉතා සාර්ථවක පිවිස සිටිනවා.
 
ඔහුගේ අනාගතය වටා තිබෙන අනුමානයන් කෙසේ වෙතත්, මේ ක්‍රීඩා වාරයේදී බප්පේ තරග 37කින් ගෝල් 38ක් ලබා ගෙන සිටින අතර PSG කණ්ඩායමෙන් ඔහුගේ වෙන්වීම එළඹ තිබෙන නිසා බප්පේ ජර්මනියේ තරග බිමට යනු ඇත්තේ හොඳ නිවුඩාවකින් පසුව.
 
කළමනාකරු - ඩිඩිඒ ඩේෂෝම් (Didier Deschamps)

ff fඩේෂෝම් තරග 151කින් ජයග්‍රහණ 98ක් ලබා ගෙන සිටින්නේ ඔහුගේ සේවා කාලය තුළ ලෝක පාපන්දුවේ ප්‍රංශයේ ස්ථානය ප්‍රදර්ශනය කරමින්.
 
පුහුණුකරු සේවයේ 12 වැනි වසරට පිවිසෙන ඩේෂෝම් තරග 151කින් ජයග්‍රහණ 98ක් ලබා ගෙන සිටින්නේ ඔහුගේ සේවා කාලය තුළ ලෝක පාපන්දුවේ ප්‍රංශයේ ස්ථානය ප්‍රදර්ශනය කරමින්.

ලොව ප්‍රධාන පාපන්දු තරගාවලියන් පහකදී අනුශූරතා දෙකක් හා ශූරතාවක් දිනා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මට්ටමේදී තමන් කරන්නේ කුමක්ද කියා ඩේෂෝම් මනාව වටහා ගෙන තිබෙන බව.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි ලිපි :

EURO 2024: සර්බියාව සහ එංගලන්තය (සී කොටස)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

EURO 2024: නෙදර්ලන්තය සහ ප්‍රංශය (ඩී කොටස) | The Leader