ස්ලොවේනියාව

Euro 2024 තරගාවලියට සුදුසුකම් ලැබීම ස්ලොවේනියාව ට අමතක නොවන අවස්ථාවක් වනුයේ ඔවුන් යුරෝපීය පාපන්දු ශූරතාවලියට පිවිසෙන්නේ වසර 2000න් පසුව ප්‍රථම වතාවට බැවින්.

පසුගිය වසර කිහිපයේ ඔවුන්ගේ නැගීම මෙයින් වඩාත් චමත්කාරජනක වන්නේ ස්ලොවේනියාව මෙවර තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී ඔවුන්ගේ තරග 10න් හතක් ම ජය ගෙන ඩෙන්මාර්කය ලබා ගත් ලකුණු ප්‍රමාණය ම රැස් කිරීමට සමත් වීම නිසා.


පෘතුගාලය ට එරෙහිව මෑතකදී ලබා ගත් 2-0ක ඉතා වැදගත් ජයග්‍රහණයේදී ප්‍රදර්ශනය වූ ක්‍රීඩාවෙන් මට්යාස් කීක්ගේ කණ්ඩායමට මෙවර ‘යුරෝ’ තරගාවලියේදී සාර්ථකත්වයේ බලාපොරොත්තු රැසක් ගෙනැවිත් තිබෙනවා.

 

Euro 2024 තරගාවලියට සුදුසුකම් ලැබීම ස්ලොවේනියාව ට අමතක නොවන අවස්ථාවක්



අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - බින්යමින් සීස්කො (Benjamin Sesko)


ස්පාඤ්ඤ පාපන්දු ලීග් ක්‍රමවේදයේ La Liga නමැති ඉහළ ම තරගාවලියේ තරග වදින Atletico Madrid ක්‍රීඩා සමාජයේ දිගු කාලීන ගෝල් රකින්නා වන යාන් ඕබ්ලක් ස්ලොවේනියානු කණ්ඩායම එකට තබා ගැනීමට උපකාර කළ ද, වර්තමානයේ ලොව සිටින දක්ෂතම ආක්‍රමණික ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු වන්නේ බින්යමින් සීස්කො යි.



Red Bull Salzburg නමැති ඔස්ට්‍රියානු වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ චමත්කාරජනක තරග වාර දෙකකින් පසුව, ඔවුන්ගේ සහෝදර සමාජයක් වන RB Leipzig කණ්ඩායමට එක්ව සිටින සීස්කොගේ ක්‍රීඩාව පෙර පරිදි ම සුවිශේෂී මට්ටමක තිබෙනවා.

 

GettyImages 1685214922 d98aවර්තමානයේ ලොව සිටින දක්ෂතම ආක්‍රමණික ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු වන්නේ බින්යමින් සීස්කො යි.



කළමනාකරු -මට්යාස් කීක් (Matjaz Kek)


සිය ක්‍රීඩා දිවිය තුළ ස්ලොවේනියාව හා ඔස්ට්‍රියාව හරහා සංචාරය කරන්නෙකු වූ කීක්, මේ ග්‍රීෂ්ම සෘතුවේ ජර්මනියේ පැවැත්වෙන තරගාවලිය දක්වා වන දිගු ගමනකින් විනෝදයට පත්වූ තවත් පුහුණුකරුවෙක්.

තම මව්බිම, සෞදි අරාබිය හා ක්‍රොඒෂියාවේ ඔහු කළ සේවය අතර තිබෙන්නේ ස්ලොවේනියාවේ පාපන්දු ප්‍රධානියා ලෙස කටයුතු කළ වාර දෙකක්. තම රටට 2010  ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමට උපකාරී වූයේ ද මට්යාස් කීක්. 



සමස්තයක් වශයෙන්, 2018 වසරේදී පුහුණුකරුගේ කාර්යයට නැවත පැමිණි කීක් ඔහු භාරයේ ස්ලොවේනියාව ක්‍රීඩා කළ තරග 102න් තරග 46ක් ජය ගෙන තිබෙන අතර Euro 2024දී තම දේශය මීට වඩා වැඩි පෙරලිකාර ක්‍රීඩාවක් කරා මෙහෙයවීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.




LJUBLJANA, SLOVENIA - NOVEMBER 20: Matjaz Kek, Head Coach of Slovenia, celebrates after the team's victory in the UEFA EURO 2024 European qualifier match between Slovenia and Kazakhstan at Stadion Stozice on November 20, 2023 in Ljubljana, Slovenia. (Photo by Jurij Kodrun - UEFA/UEFA via Getty Images)තම රටට 2010  ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමට උපකාරී වූයේ ද මට්යාස් කීක්. 

 

ඩෙන්මාර්කය


තම තරග කොටසේ අඩියෙන් ම ක්‍රීඩාව අවසන් කිරීමෙන් පසුව ඩෙන්මාර්කය 2022 ලෝක කුසලාන තරගාවලියේ වැඩියෙන් ම කලකිරවන කණ්ඩායම්වලින් එකක් බවට පත්වුනා. මෙය සිදුවුනේ සංවේදී බවින් පිරුණු Euro 2020 අවසන් පූර්ව ගමනකින් පසුව.

 

කටාර් ලෝක කුසලාන තරගාවලියේදී ඛේදජනක ක්‍රීඩාවකින් පසුවත් තම රැකියාව සුරක්ෂිතව තබා ගත් කැස්පා හියුල්මන් දර්ශනීය නොවූවත් නොසෙල්වෙන සුදුසුකම් ලබා ගැනීමේ මෙහෙයුමක් අධීක්ෂණය කළ අතර ස්ලොවේනියාව ඔවුන්ගේ කොටසේ ඉහළ ම ස්ථානයෙන් ඉවත් කිරීමට ඩෙන්මාර්කය ට හැකිවූයේ ‘තරගයෙන්-තරගයේ’ වාර්තාවෙන් පමණ යි. 

 

 

denmarkඩෙන්මාර්කය 2022 ලෝක කුසලාන තරගාවලියේ වැඩියෙන් ම කලකිරවන කණ්ඩායම්වලින් එකක් බවට පත්වුනා.




අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - රාස්මුස් හොයිලුන් (Rasmus Hojlund)


වැදගත්කමක් ඔප්පු කර නැති 20 හැවිරිදි ආක්‍රමණික ක්‍රීඩකයෙකුට ‘මැන්චෙස්ට යුනයිටඩ්’ ක්‍රීඩා සමාජය පවුම් මිලියන 70ක් වියදම් කර ඇත්තේ ඇයිදැයි යන්න මෑත මාසවලදී ප්‍රදර්ශනය වී තිබෙනවා.

 

දැන් 21 වැනි වියේ පසුවන රාස්මුස් හොයිලුන්, සුදුසුකම් ලබා ගැනීමේ තරග අටකදී ගෝල් හතක් ලබා ගනිමින් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට කදිම ආරම්භයක් ලබා ගෙන සිටිනවා. ඩෙන්මාර්ක් කණ්ඩායම ඒ ලෝක කුසලාන තරගාවලියේ ව්‍යසනයේ වැරදි නිවැරදි කර ගැනීමට නම් මේ ක්‍රීඩකයාගේ ගෝල් තීරණාත්ම වනවා.

 

GOAL Blank WEB Facebookදැන් 21 වැනි වියේ පසුවන රාස්මුස් හොයිලුන්, සුදුසුකම් ලබා ගැනීමේ තරග අටකදී ගෝල් හතක් ලබා ගනිමින් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට කදිම ආරම්භයක් ලබා ගෙන සිටිනවා



කළමනාකරු - කැස්පා හියුල්මන් (Kasper Hjulmand)


‌ඩෙන්මාර්කයේ Lyngby, Nordsjaelland සහ ජර්මනියේ Mainz කණ්ඩායම්වල සේවය කිරීමෙන් පසු මේ 51 හැවිරිදි පුද්ගලයා ඩෙන්මාර්ක් පාපන්දු කණ්ඩායම බාර ගත්තේ Nordsjaelland හි දෙවැනි වතාවටත් පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් පසුව.

 

ඩෙන්මාර්ක් කාර්යභාරයේදී තරග 49කින් ජයග්‍රහණ 31ක් ලබා ගත් ඔහුගේ වාර්තාවෙන් කියාපාන්නේ වැඩි දියුණුවක් ලබා තිබෙන කණ්ඩායමක ‘යුරෝ’ තරගාවලියේ ක්‍රීඩාවක් අධීක්ෂණය කිරීම පිණිස අවශ්‍ය සෑම මෙවලමක් ම හියුල්මන් සතුව තිබෙන බව.

 

 

Wales v Denmark UEFA Euro 2020 Round of 16 132561569351 හැවිරිදි පුද්ගලයා ඩෙන්මාර්ක් පාපන්දු කණ්ඩායම බාර ගත්තේ Nordsjaelland හි දෙවැනි වතාවටත් පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් පසුව

 


warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 


සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්