The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

EURO 2024: බෙල්ජියම සහ රොමේනියාව (ඊ කොටස)

T

The Leader Desk

April 17, 2024 • 11:47 AM

EURO 2024: බෙල්ජියම සහ රොමේනියාව (ඊ කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රත්තරං පරම්පරාව ලෙසින් අතිශයෝක්තියෙන් සැළකුම් ලබන තත්ත්වයෙන් ම සිටීමට බෙල්ජියම් පාපන්දු කණ්ඩායම අපොහොසත්ව සිටිය ද, මෑතකදී එංගලන්තය ට එරෙහිව පැවති තරගයේ ගෝල් 2-2ක සම ප්‍රතිඵලයෙන් මතක් කර දෙන්නේ බෙල්ජියම සතුව තිබෙන සහජ කුසලතාවේ තරම.
  • අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - කෙවින් ඩ බ්‍රෝයින් (Kevin De Bruyne)   ‘යුරෝ 2024’ කෙවින් ඩ බ්‍රෝයින් ඔහුගේ උපරිම ක්‍රීඩා මට්ටමේ සිටින අන්තිම තරගාවලිය යි.
  • පසුගිය වසරේදී බෙල්ජියමේ පාපන්දු නායකයා ලෙසින් පත්කරනු ලැබූ මේ ක්‍රීඩකයාගේ හපන්කම් අනුවයි බෙල්ජියම මේ තරගාවලියේ යන දුර තීරණය වන්නේ.
  • මේ 32 හැවිරිදි ක්‍රීඩකයාගේ උපරිම දස්කම් මෑතකදී බෙල්ජියම දැක නැති අතර ‘යුරෝ 2024’ කෙවින් ඩ බ්‍රෝයින් ඔහුගේ උපරිම ක්‍රීඩා මට්ටමේ සිටින අන්තිම තරගාවලිය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


රත්තරං පරම්පරාව ලෙසින් අතිශයෝක්තියෙන් සැළකුම් ලබන තත්ත්වයෙන් ම සිටීමට බෙල්ජියම් පාපන්දු කණ්ඩායම අපොහොසත්ව සිටිය ද, මෑතකදී එංගලන්තය ට එරෙහිව පැවති තරගයේ ගෝල් 2-2ක සම ප්‍රතිඵලයෙන් මතක් කර දෙන්නේ බෙල්ජියම සතුව තිබෙන සහජ කුසලතාවේ තරම.

 


ඩොමීනිකො තිදේස්කොගේ කණ්ඩායම සතුව Jeremy Doku හා Lois Openda වැනි තරුණ ආක්‍රමණික ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සිටින අතර ඔවුන් සමග එකට යන සේ ක්‍රීඩා කිරීමට පළපුරුදු හා උසස් මට්ටමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන Kevin De Bruyne හා Romelu Lukaku සිටිනවා. 

 

maxresdefaultkl‘යුරෝ’ තරග බිමේ බෙල්ජියම

කෙසේ වෙතත්, තවමත් රටේ විශ්වාසවන්තම ආරක්ෂක ක්‍රීඩකයා ලෙසින් සැලකුම් ලබන Jan Vertonghen ට අමතරව සිටින Thibaut Courtoisගේ ආබාධ කරදර හේතුවෙන් කණ්ඩායමට පසුපෙළේ තිබෙන්නේ සීමිත විකල්පයන් බැවින් එය මෙවර ‘යුරෝ’ තරග බිමේ බෙල්ජියමේ ප්‍රබල දුබලකම බවට පත්වීමට ඉඩ තිබෙනවා.

අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - කෙවින් ඩ බ්‍රෝයින් (Kevin De Bruyne)

 

1704650408650 377fdcbc 25d3 46a5 b681 d131aaf4a1e5‘යුරෝ 2024’ කෙවින් ඩ බ්‍රෝයින් ඔහුගේ උපරිම ක්‍රීඩා මට්ටමේ සිටින අන්තිම තරගාවලිය යි.
සිය පරම්පරාවේ සිටින ශ්‍රේෂ්ඨතම මැද පෙළ ක්‍රීඩකයෙකි කෙවින් ඩ බ්‍රෝයින්. පසුගිය වසරේදී බෙල්ජියමේ පාපන්දු නායකයා ලෙසින් පත්කරනු ලැබූ මේ ක්‍රීඩකයාගේ හපන්කම් අනුවයි බෙල්ජියම මේ තරගාවලියේ යන දුර තීරණය වන්නේ.

මේ 32 හැවිරිදි ක්‍රීඩකයාගේ උපරිම දස්කම් මෑතකදී බෙල්ජියම දැක නැති අතර ‘යුරෝ 2024’ කෙවින් ඩ බ්‍රෝයින් ඔහුගේ උපරිම ක්‍රීඩා මට්ටමේ සිටින අන්තිම තරගාවලිය යි.

කළමනාකරු - ඩොමීනිකො තිදේස්කො (Domenico Tedesco)

 

 128559959 gettyimages 1243009579තවමත් තරග 12කින් අපරාජිතව සිටින තිදේස්කො

 

Vertonghen ට වඩා අවුරුදු දෙකක් පමණක් වැඩිමල්, ජර්මනියේ Schalke හා RB Leipzig සහ රුසියාවේ Spartak Moscow යන කණ්ඩායම්වල හිටපු පුහුණුකරු වන තිදේස්කො, බෙල්ජියමේ හිටපු පුහුණුකරු වන Roberto Martinezගේ ස්ථානයට පත්කිරීම කුතුහලය දනවන තෝරා ගැනීමක්.

තවමත් තරග 12කින් අපරාජිතව සිටින තිදේස්කො බෙල්ජියම් කණ්ඩායමේ මේ සුපිරි මට්ටම ‘යුරෝ 2024’ටත් ගෙන ඒමට අපේක්ෂා කරන්නේ මේ ගිම්හානයේ අවසන් වන ඔහුගේ ගිවිසුමේ දිගුවක් උපයා ගැනීමේ අරමුණෙන්. 

රොමේනියාව

 

maxresdefaultfghරොමේනියානු සහජ දක්ෂතාවන්ගේ චමත්කාරී අස්වැන්නනේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් දැන් රටේ ජ්‍යෙෂ්ඨ පාපන්දු කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

 

රොමේනියාව යනු ලොව ප්‍රධාන පාපන්දු තරග බිම නොහඳුනන රටක්. එවන් කණ්ඩායමක් මෑත කාලයේ ලබා ගෙන සිටින දියුණුව එරට පාපන්දු සම්මේලනයේ දීර්ඝ කාලීන සැලසුමට ලැබුනු ත්‍යාගයක්.

2019 අවුරුදු 21න් පහළ යුරෝ තරගාවලියේදී James Maddison, Mason Mount හා Fikayo Tomoroi වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ එංගලන්ත කණ්ඩායමක් විශ්මයට පත් කළ රොමේනියානු සහජ දක්ෂතාවන්ගේ චමත්කාරී අස්වැන්නනේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් දැන් රටේ ජ්‍යෙෂ්ඨ පාපන්දු කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

 

රොමේනියාව මෙවර ජර්මනියේ පැවැත්වෙන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ ඔවුන්ට නියමිත තරග 10න් ලකුණු 22ක් රැස්කර උද්යෝගිමත් අයුරින්. ඔවුන් තමන්ට වඩා පළපුරුද්දක් තිබෙන ස්විට්සලන්ත කණ්ඩායමට වඩා ලකුණු 5ක් වැඩියෙන් ලබා ගනිමින් සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය අවසන් කිරීමට සමත් වුනා.

අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - ජෝජ් පුස්කෙස් (George Puscas)

 

george puscas genoa 2022 1670359460 98121ජෝජ් පුස්කෙස් රොමේනියානු කණ්ඩායමේ සාර්ථකත්වයේ දොර අරින යතුර යි. 
රොමේනියාවේ ආකර්ෂණීය සුදුසුකම් ලැබීමේ මෙහෙයුම එසේ තිබියදීත්, තරග 10කින් ඔවුන් ලබා ගත්තේ ගෝල් 16ක් පමණක් වීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ තරගවලින් සියුම් ප්‍රතිඵල අපේක්ෂා කළ යුතු බව.

එංගලන්ත පාපන්දු ලීගයේ ක්‍රීඩා ලෝලීන්ට අමතක නැති ක්‍රීඩා වාර තුනක් Reading පාපන්දු සමාජය සමග ගත කළ ජෝජ් පුස්කෙස් රොමේනියානු කණ්ඩායමේ සාර්ථකත්වයේ දොර අරින යතුර යි. 

ඉතාලියේ Bari කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු වන මොහු රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 41දී ගෝල් 11ක් ලබා ගෙන සිටින අතර මේ වාර්තාවට වඩා වැඩි දක්ෂතාව වන්නේ ප්‍රවීන ක්‍රීඩක Nicolae Stanciuගේ තරග 67න් ගෝල් 14 පමණ යි.

කළමනාකරු - එඩ්වර්ඩ් යෝඩනෙස්කු (Edward Iordanescu)

 

851791 ale8613 1000x600 1යෝඩනෙස්කු, ඔහුගේ රට පරාජය කිරීමට අසීරු කණ්ඩායමක් ලෙසින් දිගටම පවත්වා ගෙන යනවා.
CFR Cluj නමැති රොමේනියානු වෘත්තීය පාපන්දු සමාජයේ හිටපු ජයග්‍රාහී ක්‍රීඩකයෙකු වන යෝඩනෙස්කු, ඔහුගේ රට පරාජය කිරීමට අසීරු කණ්ඩායමක් ලෙසින් දිගටම පවත්වා ගෙන යනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය පුරා මොහුගේ චමත්කාරජනක නිර්භය ක්‍රියාවන්හි ප්‍රතිඵලය වූයේ රොමේනියාව තරගාවලියේ කණ්ඩායම් කොටස්ගත කිරීමේ කුසපත් ඇදීමේදී දෙවැනි පොකුරට ඇතුළත් වීම. මෙයින් ලැබී තිබෙන්නේ ‘යුරෝ 2024’ පිළිමළුන් පිටු දැකීමේ වටයට පිවිසීමේ ඔවුන්ගේ අපේක්ෂාවන්ට හොඳ තල්ලුවක්. 

සටහන :

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


EURO 2024: යුක්රේනය සහ ස්ලොවේකියාව (ඊ කොටස)

EURO 2024: පෝලන්තය සහ ඔස්ට්‍රියාව (ඩී කොටස)

EURO 2024: නෙදර්ලන්තය සහ ප්‍රංශය (ඩී කොටස)

EURO 2024: සර්බියාව සහ එංගලන්තය (සී කොටස)

EURO 2024: ස්ලොවේනියාව සහ ඩෙන්මාර්කය (සී කොටස)

EURO 2024: ඉතාලිය සහ ඇල්බේනියාව (බී කොටස)

EURO 2024: ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව (බී කොටස)

EURO 2024: හංගේරියාව සහ ස්විට්සලන්තය (ඒ කොටස)

EURO 2024: ජර්මනිය සහ ස්කොට්ලන්තය (ඒ කොටස)    
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...