The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බ්‍රසීල පාපන්දුවේ Godfather මිය යයි

T

The Leader Desk

January 7, 2024 • 10:59 AM

බ්‍රසීල පාපන්දුවේ Godfather මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු ලෝක කුසලානය සිවු වතාවක් දිනා ගත් මාරියෝ සෙකාලෝ (Mario Zagallo)ගේ මරණය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ දින හතක් බ්‍රසීල පාපන්දු සම්මේලනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
  • එම සම්මේලනය ශෝක දින හතක් පවත්වන බවත් ඊසාන දිග බ්‍රසීලයේ ඉහළ ම කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මේ සති අන්තයේ පැවැත්වෙන Copa do Nordeste සුදුසුකම් ලබා ගැනීමේ සියළු තරග ආරම්භ වීමට පෙර මිනිත්තුවක නිශ්ෂබ්දතාවක් පවත්වන බවත් රොඩ්රීගස් පැවසුවා.
  • 1958 ලෝක කුසලාන අවසාන තරගයේ සත්කාරක ස්වීඩනය ට එරෙහි ජයග්‍රහණයේදී ගෝලයක් ලබා ගත් සෙකාලෝ ඊට සිවු වසරකට පසුව චිලී හිදී පෙලේ (Pele) හා ගරින්ෂා (Garrincha) වැනි ක්‍රීඩකයින් සමග බ්‍රසීලය ට පිට පිට ලෝක කුසලාන දිනා දීමට උපකාරී වුනා.
  • සිය ක්‍රීඩා සමාජ දිවිය Flamengo හා Botafogo පාපන්දු කණ්ඩායම් සමග ගත කළ සෙකාලෝ 1965 වසරේ පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත් විගස Botafogo කණ්ඩායමේ කළමනාකරු වශයෙන් වැඩ භාර ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):


92 වැනි වියේ පසුවෙමින් සිටියදී ඊයේ මිය ගිය සෙකාලෝ බ්‍රසීල පාපන්දුවේ ඉතාමත් වැදගත් චරිතයක්. 

ක්‍රීඩකයෙකු හා කළමනාකරුවෙකු ලෙස පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ලොව පළමු පුද්ගලයා වන්නේ ද සෙකාලෝ. 

Brazil coach Mario Zagallo kisses the FIFA Confederations Cup trophy  (Photo by Matthew Ashton/EMPICS via Getty Images)

ඔහු ක්‍රීඩකයෙක් ලෙසින් දෙවතාවක් ද, කළමනාකාර පුහුණුකරු වශයෙන් එක් වතාවක් ද, සහායක පුහුණුකරුවෙකු ලෙසින් එක් වතාවක් ද පාපන්දු ලෝක කුසලානය දිනා ගෙන තිබෙන්නේ FIFA ලෝක කුසලාන හතරක් දිනා ගත් ලොව එක ම පුද්ගලයා ලෙස ඉතිහාසගත වෙමින්.

skynews mario zagallo world cup 6413329

මීට අමතරව සෙකාලෝ 1990 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලි සහභාගිත්වය කරා ද මෙහෙයවූවා.

“බ්‍රසීල පාපන්දු ක්‍රීඩාවේ එක් අතිවිශිෂ්ටතම පුරාවෘත්තයක් වන Mario Jorge Lobo Zagalloගේ මරණය පිළිබඳව බ්‍රසීල පාපන්දු සම්මේලනය හා බ්‍රසීල පාපන්දුව ශෝක වනවා” යනුවෙන් බ්‍රසීල පාපන්දු සම්මේලනය සභාපති එජිනල්ඩු රොඩ්රීගස් (Ednaldo Rodrigues) ඊයේ ප්‍රකාශ කළා.

එම සම්මේලනය ශෝක දින හතක් පවත්වන බවත් ඊසාන දිග බ්‍රසීලයේ ඉහළ ම කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මේ සති අන්තයේ පැවැත්වෙන Copa do Nordeste සුදුසුකම් ලබා ගැනීමේ සියළු තරග ආරම්භ වීමට පෙර මිනිත්තුවක නිශ්ෂබ්දතාවක් පවත්වන බවත් රොඩ්රීගස් පැවසුවා.

1958 ලෝක කුසලාන අවසාන තරගයේ සත්කාරක ස්වීඩනය ට එරෙහි ජයග්‍රහණයේදී ගෝලයක් ලබා ගත් සෙකාලෝ ඊට සිවු වසරකට පසුව චිලී හිදී පෙලේ (Pele) හා ගරින්ෂා (Garrincha) වැනි ක්‍රීඩකයින් සමග බ්‍රසීලය ට පිට පිට ලෝක කුසලාන දිනා දීමට උපකාරී වුනා.

සිය ක්‍රීඩා සමාජ දිවිය Flamengo හා Botafogo පාපන්දු කණ්ඩායම් සමග ගත කළ සෙකාලෝ 1965 වසරේ පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත් විගස Botafogo කණ්ඩායමේ කළමනාකරු වශයෙන් වැඩ භාර ගත්තා.

මේ කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසින් ඔහු ලැබූ සාර්ථකත්වය ඔහුට ජාතික කණ්ඩායමේ කළමනාකරු/පුහුණුකරු ලෙස පත්වීමට මං විවර කළ අතර ඔහු නැවත වතාවක් පෙලේගේ දස්කම් මත 1970 මෙක්සිකෝ ලෝක කුසලාන පාපන්දු ජයග්‍රහණය කරා බ්‍රසීලය ගෙන ගියා.

3ec056ec1c30432a9a0a0eb7761d8238Brazil Obit Mario Zagallo 52711
ක්‍රීඩකයෙකු හා ප්‍රධාන පුහුණුකරුවෙකු යන දෙආකාරයෙන් ම පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමේ සෙකාලෝගේ වික්‍රමයට සමාන වී සිටින්නේ ජර්මනියේ Franz Beckenbauer හා ප්‍රංශයේ Didier Deschamps පමණයි.

සිය උපක්‍රමශීලී සියුම් නුවණ නිසා ‘මහාචාර්යවරයා’ – The Professor - යන ආමන්ත්‍රණ නාමය හිමිකර ගත් මාරියෝ සෙකාලෝ බ්‍රසීලය 1994 වසරේදී සිවු වැනි වතාවටත් පාපන්දු ලෝක කුසලානය දිනා ගනිද්දී Carlos Alberto Parreiraගේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියා.

එම වසරේ පසු කාලයේදී සෙකාලෝ නැවත වතාවක් ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වූ අතර 1998 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ බ්‍රසීල කණ්ඩායම භාරව තිබුනේ ඔහු ට. එහි අවසාන තරගයේදී බ්‍රසීලය ගෝල් 3-0කින් ප්‍රංශය ට පරාජය වුනා. 

Zagallo

ජගත් පාපන්දු සම්මේලනයේ - FIFA - සභාපති Gianni Infantino නිවේදනයක් මගින් මෙසේ කියා සිටියා.

“මාරියෝ සෙකාලෝ ක්‍රීඩකයෙක් වශයෙනුත් ඉන්පසුව පුහුණුකරුවෙක් ලෙසිනුත් FIFA ලෝක කුසලාන හතරක් දිනා ගත්තා. වෙනත් කිසිම පුද්ගලයෙක් මෙච්චර කුසලාන දිනා ගෙන නැහැ. නමුත් ඔහුගේ දායාදය අංකවලට ගොනු කරන්න බැහැ. පාපන්දු ක්‍රීඩාවට හා විශේෂයෙන් බ්‍රසීල පාපන්දුවට තිබුනු සෙකාලෝගේ ආභාසය විශිෂ්ටයි.”

“සන්සුන්ව පෙනී සිටීම, සුක්කානම කරකවන අත හා උපායශීලී ක්‍රම සම්බන්ධ රුසියෙක් යන ඒ ඒ අවශ්‍යතාවයන්ට අනුව බ්‍රසීලය ‘මහාචාර්යවරයා’ වෙත යොමු වී තිබෙනවා.”

zagallodfdfgh

“බ්‍රසීල පාපන්දුවේ Godfather වශයෙන් ඔහුව සදා මතකයේ තිබෙනු ඇති අතර සෙකාලෝ නොපෙනී සිටීම විශේෂයෙන් ජගත් පාපන්දු සම්මේලනය ඇතුළු පාපන්දු ක්‍රීඩාවේ නියැලී සිටින සියළු දෙනා ට තදින් දැනේවි. FIFA ලෝක කුසලාන කතන්දරේ මාරියෝ සෙකාලෝ නැතුව කියන්න බැහැ.”

සටහන :
වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බ්‍රසීල පාපන්දුවේ Godfather මිය යයි | The Leader