The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියා තරගය වර්ජනය කිරීමේ විපාකය ගැන ICCයෙන් පාකිස්තානයට අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

February 2, 2026 • 11:48 AM

ඉන්දියා තරගය වර්ජනය කිරීමේ විපාකය ගැන ICCයෙන් පාකිස්තානයට අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තානය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගය වර්ජනය කරන බවට දැන්වීමෙන් පසුව මුළු තරගාවලිය ම අවුල් ජාලයක් බවට පත්ව තිබෙනවා.
  • මේ කාරණාව තම වාසියට හරවා ගන්නා ICCය 2012 වසරේ සිට ඔවුන්ගේ සෑම තරගාවලියකම මේ කණ්ඩායම් දෙක සැමවිටම එකම කොටසේ සිටින බවට තහවුරු කර ගන්නවා.
  • මේ රටවල් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නරක අතට හැරෙමින් තිබෙන නිසා වසර 14ක කාලයක් තුළ ඉන්දියාව හා පාකිස්තානය ද්විපාර්ශ්වික තරග පවත්වා නැතත් ඔවුන් තරගාවලියකදී එකම කොටසේ සිටින බවට ICCය නිරතුරුවම වග බලා ගන්නවා.
  • පාකිස්තානය මේ තරගාවලියේදී ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය හා අමෙරිකාව සමග ‘ඒ’ කොටසට ඇතුළත්ව සිටින අතර ඔවුන්ගේ සියලුම තරග ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පාකිස්තාන රජයේ නිල X ගිණුම විසින් ඊයේ නිකුත් කරනු ලැබූ පෝස්ටුවකින් සඳහන් වුනේ තරගාවලියට සහභාගි වීම පිණිස පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව ට යාම රජය විසින් අනුමත කර තිබුනත් ඉන්දියාව ට එරෙහිව පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  පැවැත්වීමට නියමිත තරගයට පාකිස්තාන කණ්ඩායම සහභාගි නොවන බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) ඕනෑම  තරගාවලියක වැඩිම ලාභදායී මෙන්ම සාමාන්‍යයෙන් වැඩිම පිරිසක් නරඹන තරගය වන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයි. මේ කාරණාව තම වාසියට හරවා ගන්නා ICCය 2012 වසරේ සිට ඔවුන්ගේ සෑම තරගාවලියකම මේ කණ්ඩායම් දෙක සැමවිටම එකම කොටසේ සිටින බවට තහවුරු කර ගන්නවා. මේ රටවල් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නරක අතට හැරෙමින් තිබෙන නිසා වසර 14ක කාලයක් තුළ ඉන්දියාව හා පාකිස්තානය ද්විපාර්ශ්වික තරග පවත්වා නැතත් ඔවුන් තරගාවලියකදී එකම කොටසේ සිටින බවට ICCය නිරතුරුවම වග බලා ගන්නවා.

 

මේ ලෝක කුසලාන තරගාවලියේ පසුව එළඹෙන පිළිමළුන් පිටු දැකීමේ තරගයකදී ‌මේ කණ්ඩායම් දෙක මුණගැසුනොත් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව තවමත් ප්‍රකාශයක් නැතත් 2010 වසරෙන් පසුව මූලික වටයේ ඉන්දියා - පාකිස්තාන තරගයක් නැති පළමු පිරිමි ICC තරගාවලිය බවට 2026 T20 ලෝක කුසලානය පත්වන ලකුණු දැන් පහළ වී තිබෙනවා.

පාකිස්තානය මේ තරගාවලියේදී ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය හා අමෙරිකාව සමග ‘ඒ’ කොටසට ඇතුළත්ව සිටින අතර ඔවුන්ගේ සියලුම තරග ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ. පාකිස්තාන කණ්ඩායම සිය පළමු තරගය නෙදර්ලන්තය ට එරෙහිව පවත්වන්නේ තරගාවලියේ සමාරම්භක දිනය වන පෙබරවාරි 7 වැනිදා. ඉන්පසුව ඔවුන් පෙබරවාරි 10 වැනිදා අමෙරිකාව සමගත්, පෙබරවාරි 18 වැනිදා නැමීබියාව සමගත් තරග වැදීමට නියමිතයි. ඉන්දියාව ට එරෙහි තරගය වර්ජනය කළහොත් ඔවුන්ට එම තරගයෙන් ලකුණු දෙකක දඩයක් ගෙවීමට සිදුවනවා.

1769958647 cric 6

මේ ලකුණු අහිමි වීමෙන් පාකිස්තානයේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ අගයට ද පහරක් එල්ල වුනත් එයින් ඉන්දියාවේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ අනුපාතිකයට බලපෑමක් ඇති නොවන බව ICC ක්‍රීඩා කොන්දේසි පෙන්නුම් කරනවා.

එහෙත් මීට වඩා දරුණු වනු ඇත්තේ ICCය මීට දක්වන ප්‍රතිචාරයයි. මෙයින් තමන්ගේ රටේ ම ක්‍රිකට් ක්‍රීඩාවට ඇතිවන සම්බාධක හා දීර්ඝ කාලීන බලපෑම් ඇතුළත් විපාකය පිළිබඳව සලකා බලන ලෙසට ලෝක ක්‍රිකට් බලධාරීන් පාකිස්තානය ට අනතුරු අඟවා තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

සබැඳි පුවත් 

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය : ලංකාවේ 'මහ තරගය' හබක්?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...