The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ICCයෙන් පාකිස්තානයට ඩොලර් මිලියන 35ක නෛතික අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

February 4, 2026 • 9:21 AM

ICCයෙන් පාකිස්තානයට ඩොලර් මිලියන 35ක නෛතික අනතුරු ඇඟවීමක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව ට එරෙහි පෙබරවාරි 15 තරගය වර්ජනය කිරීම නිසා 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ නිල විකාශය වන JioStar ආයතනයේ නීතිමය ක්‍රියාමාර්ගයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට (PCB) අනතුරු අඟවා තිබෙනවා.
  •   පාකිස්තානයේ සමස්ත වාර්ෂික ආදායම් කොටස වන අමෙරිකානු ඩොලර් මිලියන 35ක් පමණ වන මුදල ICCය විසින් රඳවා ගෙන එම පසුම්බියෙන් තරග විස්තර ප්‍රචාරක ආයතනයේ මුදල ගෙවා දැමීමට ඉඩ තිබෙන බව PTI පුවත් සේවය වාර්තා කරනවා.
  • අභ්‍යන්තර කමිටුවක් වන ICCයේ DRCය ඔවුන්ගේම මණ්ඩලය විසින් ගනු ලබන තීරණවලට එරෙහි අභියාචන අසන්නේ නැහැ.
  •   “ඉන්දියාව සමග ක්‍රීඩා නොකරන ලෙසට රජය උපදෙස් දී තිබුනත් පාකිස්තානයේ කැමැත්තට අනුව ඔවුන්ගේ සියලුම තරග පැවැත්වෙන්නේ මධ්‍යස්ථ ස්ථානයක් වන ශ්‍රී ලංකාවේ බැවින් PCBයට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා” යනුවෙන් එම මණ්ඩලයේ තවත් ප්‍රකාශකයෙක් කියා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාව සමග කොළඹදී පැවැත්වීමට නියමිත තරගය රජයේ උපදෙස් මත වර්ජනය කිරීමට පාකිස්තානය තීරණය කර තිබුණ ද එය නිල වශයෙන් ICCයට දන්වා නැහැ.
 
පාකිස්තානයේ සමස්ත වාර්ෂික ආදායම් කොටස වන අමෙරිකානු ඩොලර් මිලියන 35ක් පමණ වන මුදල ICCය විසින් රඳවා ගෙන එම පසුම්බියෙන් තරග විස්තර ප්‍රචාරක ආයතනයේ මුදල ගෙවා දැමීමට ඉඩ තිබෙන බව PTI පුවත් සේවය වාර්තා කරනවා.
24174429185a7c2මෝසින් නක්වි
 
පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරිෆ් ට තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය සතියේ දැනුවත් කිරීමට පෙර  PCB සභාපති මෝසින් නක්වි ක්‍රිකට් මණ්ඩලයේ නීති විශාරදයින්ගෙන් උපදෙස් ලබා ගෙන ඇතත් මණඩලයට බරපතල විපාකවලට මුහුණ දීමේ අවදානමක් තිබෙන බව PCB ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.
පාකිස්තානය ‌මේ වර්ජන අදහස අත්හැර ඉන්දියාව ට එරෙහි තරගයට ක්‍රීඩා කළේ නැත්නම් ඔවුන්ට මූල්‍යමය දඬුවම් හා සමහර විට තරග විකාශය කරන්නන් පවරන නඩුවකටත් මුහුණ දීමට සිදුවනවා පමණක් නොව ICC ආරවුල් බේරුම් කිරීමේ කමිටුව (DRC) වෙත යාමට දරන ඔ්නෑම උත්සාහයක්ද අසාර්ථක වනු ඇති බව PCB ප්‍රකාශකයා එම පුවත් සේවයට පවසා තිබෙනවා.
අභ්‍යන්තර කමිටුවක් වන ICCයේ DRCය ඔවුන්ගේම මණ්ඩලය විසින් ගනු ලබන තීරණවලට එරෙහි අභියාචන අසන්නේ නැහැ.
 

“ඉන්දියාව සමග ක්‍රීඩා නොකරන ලෙසට රජය උපදෙස් දී තිබුනත් පාකිස්තානයේ කැමැත්තට අනුව ඔවුන්ගේ සියලුම තරග පැවැත්වෙන්නේ මධ්‍යස්ථ ස්ථානයක් වන ශ්‍රී ලංකාවේ බැවින් PCBයට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා” යනුවෙන් එම මණ්ඩලයේ තවත් ප්‍රකාශකයෙක් කියා තිබෙනවා.

“දෙවනුව, පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට ඉන්දියා රජය ඔවුන්‌ගේ කණ්ඩායමට අවසර දී නැතත්,  ආසියානු කුසලානයේ හෝ ICCයේ තරගාවලියන්හි පාකිස්තානය ට එරෙහිව ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩාව මැයි මාසයේ ඇතිවූ යුද්ධයෙන් පසුවත් ඉන්දියා රජය විසින් නතර කර නැහැ.”
 
“ICCයේ සියලුම තරගාවලියන් වෙනුවෙන් සිවු වසරක ගිවිසුම තරග විකාශය කරන්නන් සමග ICCය අත්සන් කළ අවස්ථාවේ, එම කොන්ත්‍රාත්තුවට ඉන්දියාව හා පාකිස්තානය අතර තරග ද ඇතුළත්ව තිබෙන අතර ඒ අනුව එම විකාශන ආයතනය එම තරග සඳහා ද ICCයට මුදල් ගෙවා තිබෙනවා” යනුවෙන් PCB ප්‍රකාශකයා පෙන්වා දෙනවා.
“ඒ නිසා, එම කොන්ත්‍රාත්තුවේ ප්‍රධාන උල්ලංඝනයක් ගැන PCBය හා ICCය අධිකරණයට ගෙන යන්න විකාශන ආයතනයට අයිතිය තිබෙනවා.”
 
pak t20
warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...