The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LSR ‘කෝපා සිම්හ’ යොවුන් පාපන්දු තරගාවලියේ මංගල අදියර අප්‍රේල් මස කොළඹදී

T

The Leader Desk

January 28, 2026 • 11:06 AM

LSR ‘කෝපා සිම්හ’ යොවුන් පාපන්දු තරගාවලියේ මංගල අදියර අප්‍රේල් මස කොළඹදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිලක් වීරසිංහ සහ සෙල්වකුමාර් පනීර්සෙල්වම්
  • ඉදිරියේදී වයස් ඛාණ්ඩ වැඩිකර ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මේ තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තු වන බව ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියා.
  • ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) නීති රීතිවලට අනුකූලව පැවැත්වෙන ‘කෝපා සිම්හ’ යොවුන් පාපන්දු තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ වැඩිම ගෝල්ලාභියා ට කුසලාන පිරිනැමෙන බව සංවිධායකයින් සඳහන් කරනවා.
  • ‘සින්ගා කුසලාන’ ජාත්‍යන්තර තරගාවලියට කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් පහක පැවැත්වෙන තරගාවලියන්හි ජයග්‍රාහකයින්ගෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජාත්‍යන්තර මැරතන්, පාපැදි, මවුන්ටන් බයික් හා සර්ෆන් තරග සාර්ථකව පවත්වමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයේ ජනප්‍රියව සිටින ලංකා ස්පෝට්රයිසන් ආයතනය (LSR – Lanka Sportreizen) දැන් පාපන්දු ක්‍රීඩාවටත් පිවිසෙමින් ඔවුන්ගේ නවතම යෞවන ක්‍රීඩා උළෙල වන ‘කෝපා සිම්හ’- ‘සිංහ කුසලානය’ (Copa Simha) පාපන්දු තරගාවලිය අප්‍රේල් මස 25 සහ 26 දිනවල කොළඹ ක්‍රීඩාංගණ දෙකක පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

දිවයිනේ ප්‍රථම වතාවට පැවැත්වෙන මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ වයස අවුරුදු 12න් පහළ පිරිමි (U12 Boys) වයස් ඛාණ්ඩය යටතේ වන අතර මීට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් 16ක් හා විදෙස් රටවලින් කණ්ඩායම් 4ක් සහභාගි වීමට නියමිතයි. ඉදිරියේදී වයස් ඛාණ්ඩ වැඩිකර ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මේ තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තු වන බව ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියා.

cop 2

 

කොළඹ ජාත්‍යන්තර පාසල්වල පාපන්දු ක්‍රීඩා සමාජ හා ඇකඩමිවලින් තෝරා ගත් කණ්ඩායම් මේ තරගාවලියට සහභාගි කර ගැනෙන අතර ජයග්‍රාහී කණ්ඩායමට ලබන නොවැම්බරයේ සිංගප්පූරුවේ පැවැත්වෙන ‘සින්ගා කුසලාන’ (SingaCup) ජාත්‍යන්තර තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම් ලැබෙනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) නීති රීතිවලට අනුකූලව පැවැත්වෙන ‘කෝපා සිම්හ’ යොවුන් පාපන්දු තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ වැඩිම ගෝල්ලාභියා ට කුසලාන පිරිනැමෙන බව සංවිධායකයින් සඳහන් කරනවා.

‘සින්ගා කුසලාන’ ජාත්‍යන්තර තරගාවලියට කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් පහක පැවැත්වෙන තරගාවලියන්හි ජයග්‍රාහකයින්ගෙන්. එම තරගාවලියන් මෙසේයි.

*පිලිපීනය - Copa Haribon – Eagle (මාර්තු)
*ශ්‍රී ලංකාව - Copa Simha – Lion (අප්‍රේල්)
*කාම්බෝජියාව - Copa Kouprey – OX (ජූනි)
*මැලේසියාව - Copa Enggang – Hornbill (ජූනි)
*තායිලන්තය - Copa Naka – Dragon (ජූලි)
*සිංගප්පූරුව - SingaCup (නොවැම්බර්)


cop 1

‘කෝපා සිම්හ’ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ගේ පූර්ණ ආශිර්වාදය ලැබී ඇති බවත් මේ තරගාවලියේ අනාගත අරමුණ පාපන්දු ක්‍රීඩාව දිවයිනේ ග්‍රාමීය මට්ටමට ගෙන යාම බවත් තිලක් වීරසිංහ ප්‍රකාශ කළා.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා තරග සැලසුම් කිරීම, සම්බන්ධීකරණය හා මනාව තරග පැවැත්වීමේදී ලංකා ස්පොට්රයිසන් ආයතනය මූලික භූමිකාවක් ඉටු කර තිබෙනවා. මේ සාර්ථක ක්‍රීඩා ඉතිහාසයට වාර්ෂිකව දහස් ගණන් දේශීය හා ජාත්‍යන්තර ධාවකයින් ආකර්ෂණය කරන LSR කොළඹ මැරතන්, ශ්‍රී ලංකා T-CUP වෙරළෙන් වෙරළට මාර්ග පාපැදි තරගාවලිය,  Rumble in the Jungle මවුන්ටන් පාපැදි ශූරතාවලිය සහ ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය පුරා පැවැත්වෙන ජාත්‍යන්තර හා දේශීය සර්ෆින් තරගාවලියන් රැසක් ඇතුළත්ව තිබෙනවා. මේ සියලු ක්‍රීඩා උළෙලන් කළමනාකරණය කර තිබෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව වෘත්තීයභාවය, ආරක්ෂාව හා ධනාත්මක හවුල්කරුවන්ගේ සහයෝගීතාවට විශේෂ අවධානය යොමු කරමින්.

කොවිඩ් වසංගතය මේ තරගාවලියන් දිගටම පවත්වා ගෙන යාමට බාධාවක් වූව ද LSR Colombo Marathon තරගය පසුගිය වසරේ සිට නැවත ආරම්භ වී තිබෙනවා. අනෙකුත් ජාත්‍යන්තර තරගාවලියන් පැවැත්වීමේ කටයුතු වසරක් හෝ වසර එකහමාරකට පෙර සිට ආරම්භ කළ යුතුව තිබෙන නිසා එම තරග ද යළි පැවැත්වීමට සැලසුම් කරගෙන යන බව LSR සභාපතිවරයා අනාවරණය කළා.

cop 4

 

ලංකා ස්පෝට්රයිසන් ආයතනය යෞවන සංවර්ධනය, සංස්කෘතික හුවමාරුව සහ ආර්ථික ප්‍රතිලාභ වර්ධනයට දායක වන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකාව තරගකාරී සහ ආකර්ෂණීය ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරී‌මේ දිගුකාලීන දැක්මකට අනුවයි. ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්‌ගේ ආධාරකරුවන් ශ්‍රී ලංකාව ට ආකර්ෂණය කර ගැනීම මෙන්ම ගෝලීය ක්‍රීඩා පරිසරය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් කිරීම ද ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

‘කෝපා සිම්හ’ අවුරුදු 12න් පහළ පිරිමි පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ LSR 2026 ක්‍රීඩා කැලැන්ඩරයේ කොටසක් ලෙසින්. මෙය මෙරට යොවුන් පාපන්දු ක්‍රීඩකයින්ට වටිනා ජාත්‍යන්තර අත්දැකීම්, තරගකාරී තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාවන් හා විවිධ සංස්කෘතික පසුබිම් අතර සබඳතා ගොඩනැගීම සඳහා නිර්මාණය කර ඇතැයි වීරසිංහ පැවසුවා. ක්‍රීඩා කාර්ය සාධනයට පමණක් සීමා නොවී පාපන්දු ක්‍රීඩාවේ මූලික මට්ටමේ සංවර්ධනය, යෞවන ක්‍රීඩා ප්‍රමිතීන් උසස් කිරීම සහ ශ්‍රී ලාංකීය හා ජාත්‍යන්තර පාපන්දු ප්‍රජාවන් අතර දිගුකාලීන සබඳතා වර්ධනය කිරීම ද මේ තරගාවලියේ තවත් අරමුණක්.

 

cop 3
මේ තරගාවලියේ තරග කාලසටහන් සකස් කිරීම, ක්‍රීඩා පිටි සම්බන්ධීකරණය, පිටි නඩත්තුව, ආරක්ෂාව, වෛද්‍ය සේවා හා සම්පූර්ණ උත්සව කළමනාකරණය LSR විසින් සිදුකරනු ලබන්නේ එකමුතු සහ ගුණාත්මක තරග අත්දැකීමක් සහතික කරමින්.

ලංකා ස්පොට්රයිසන් ආයතනයේ අදහසට අනුව, යොවුන් පාපන්දුව තරගයකට පමණක් සීමා නොවන අතර එය චරිත ගොඩනැගීම, ඉගෙනීම සහ ප්‍රේරණය නියෝජනය කරනවා. ‘කෝපා සිම්හ’ තරගාවලිය හරහා විශ්වාසය, විනය සහ ගෝලීය දැක්මෙන් යුත් යෞවන ක්‍රීඩකයින් බිහිකිරීම මෙන්ම ජගත් යොවුන් ක්‍රීඩා වෙනුවෙන් හිතකාමී සහ තරගකාරී ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාව ට තිබෙන කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් කිරීම ද LSR ආයතනයේ ඉලක්කය වී තිබෙනවා.

‘සින්ගා කුසලාන’ තරගාවලියේ කළමනාකාර අධ්‍යක්ෂ සෙල්වකුමාර් පනීර්සෙල්වම් ද මේ මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...