The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

MCA ‘D’ කොටසේ ඕවර 40 ලීග් ශූරතාව මෙල්වය රෝලිං කණ්ඩායමට

T

The Leader Desk

January 8, 2024 • 8:38 AM

MCA ‘D’ කොටසේ ඕවර 40 ලීග් ශූරතාව මෙල්වය රෝලිං කණ්ඩායමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙළඳ සේවා ක්‍රිකට් ‘ඩී’ කොටසේ ඕවර 40 ලීග් ශූරතාව දිනා ගැනීමට මෙල්වය රෝලිං කණ්ඩායම සමත් වුනා.
  •   වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ පැවති අවසාන තරගය 35 හැවිරිදි පළපුරුදු ක්‍රීඩක මහේන්ද්‍රන් සෙෂාන්කුමාර් මෙහෙයවූ මෙල්වය රෝලිං කණ්ඩායම ජයග්‍රහණය කළේ නේෂන්ස් ට්‍රස්ට් බැංකු ‘ඒ’ කණ්ඩායම එක් කඩුල්ලකින් පරදවමින්.
  •   පන්දු යවන්නන් ආධිපත්‍ය පැතිරවූ මේ තරගයේ ඕවර 74ක් ඇතුළත ලකුණු 242කට කඩුලු 19ක් බිඳ වැටුනා.  කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේෂන්ස් ට්‍රස්ට් බැංකු කණ්ඩායමේ ඉනිම ඕවර් 39.2ක් ඇතුළත ලකුණු 121කට සීමා වුනා.
  • මෙහිදී මෙල්වය රෝලිං පිලේ සචින් සේනානායක ලකුණු 28කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූ අතර මලින්ද පෙරේරා, අරවින්ත් රජේන්ද්‍රන් හා ජේසන් චාල්ස් කඩුලු 2 බැගින් ලබා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙය මේ ආයතනය ලබා ගත් පළමු වෙළඳ සේවා ක්‍රිකට් ශූරතාව යි.
 
වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ පැවති අවසාන තරගය 35 හැවිරිදි පළපුරුදු ක්‍රීඩක මහේන්ද්‍රන් සෙෂාන්කුමාර් මෙහෙයවූ මෙල්වය රෝලිං කණ්ඩායම ජයග්‍රහණය කළේ නේෂන්ස් ට්‍රස්ට් බැංකු ‘ඒ’ කණ්ඩායම එක් කඩුල්ලකින් පරදවමින්.
417808969 763299869175249 8066552440584475218 n
 
පන්දු යවන්නන් ආධිපත්‍ය පැතිරවූ මේ තරගයේ ඕවර 74ක් ඇතුළත ලකුණු 242කට කඩුලු 19ක් බිඳ වැටුනා. 

කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේෂන්ස් ට්‍රස්ට් බැංකු කණ්ඩායමේ ඉනිම ඕවර් 39.2ක් ඇතුළත ලකුණු 121කට සීමා වුනා. මෙහිදී මෙල්වය රෝලිං පිලේ සචින් සේනානායක ලකුණු 28කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූ අතර මලින්ද පෙරේරා, අරවින්ත් රජේන්ද්‍රන් හා ජේසන් චාල්ස් කඩුලු 2 බැගින් ලබා ගත්තා.
417903880 763299689175267 1496544388800816179 n
අනතුරුව ලකුණු 122ක පහසු ඉලක්කය හඹා ගිය මෙල්වය රෝලිං කණ්ඩායම ඕවර 34.2කදී කඩුලු 9ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.
 
මෙහිදී අංක 3 පිතිකරු සනේෂ් නදීෂාන් හතරේ පහර 6ක් සමග පන්දු 80කින් අර්ධ ශතකයක් වාර්තා කරමින් පිතිහරඹයේ නැංගුරමක් වූයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලෙස්ට ජයවීර (24) සමග ලකුණු 47ක සබඳතාවක් ද, හයවැනි කඩුල්ල වෙනුවෙන් ඉෂාන් හන්සික (15) සමග ලකුණු 41ක සබඳතාවක් ද ගොඩනගමින්. 
417851546 763299605841942 3844663755600104560 n
 
නදීෂාන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

ප්‍රබල පන්දු යැවීමක නිරත වූ නේෂ්න්ස් ට්‍රස්ට් බැංකු කණ්ඩායමේ ආරම්භ පන්දු යවන මදුෂාන් චතුරංග ලකුණු 31කට කඩුලු 5ක් ලබා ගත්තා. තරගය උඩුයටිකුරු කළ මේ පන්දු ප්‍රහාරය හමුවේ 32 වැනි ඕවරය අවසන් වන විට මෙල්වය රෝලිං කණ්ඩායමේ කඩුලු 9ක් ලකුණු 113කට බිද වැටී තිබුනත් මලින්ද පෙරේරා හා සචින් සේනානායක යන ඔවුන්ගේ අවසන් පිතිකරු යුගලය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වුනා.
mca 1 
මේ අවසාන තරගය දක්වා තරග 7කදී ලකුණු 187කට කඩුලු 19ක් වාර්තා කළ නේෂන්ස් ට්‍රස්ට් බැංකු ‘ඒ’ කණ්ඩායමේ මදුෂාන් චතුරංග තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙසත්, අවසාන තරගයට පිවිසෙන තෙක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමග ඉනිම 7කින් ලකුණු 281ක් රැස්කළ නදුන් පතිරණ තරගාවලියේ හොඳම පිතිකරුවා ලෙසත් තේරුණු අතර අවසන් පූර්ව තරගය දක්වා තරග 7කදී ලකුණු 209ක් හා කඩුල්ල පිටුපස සිටිමින් දවාගැනීම් 18ක් වාර්තා කළ හේලීස් ‘බී’ කණ්ඩායමේ ලක්ෂිණ රොඩ්රිගෝ තරගාවලියේ වීරයා වුනා.
 
417843917 763299729175263 9047120243080987387 n
417900914 763299665841936 7956826815663487241 n
417882375 763299739175262 7623599451493696941 n
සීමාසහිත සිලෝන් බිස්කට්ස් අනුග්‍රහයෙන් සිවුවැනි වතාවටත් පැවති 2024 ‘CBL-Munchee’ කුසලාන වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ ‘ඩී’ කොටසේ ඕවර 40 ලීග් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා වුනේ සිලෝන් බිස්කට්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී කුෂානි පීරිස් ය. වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස්, ලේකම් රොහාන් සෝමවංස හා තරගාවලි කමිටුවේ සභාපති ලක්ෂාන් ද සිල්වා ද මේ අවස්ථාවට සහභාගි වුනා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...