The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

31 හැවිරිදි පාපන්දු නායකයා හා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ කසාදය

T

The Leader Desk

January 13, 2024 • 3:20 PM

31 හැවිරිදි පාපන්දු නායකයා හා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ කසාදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙනෙගාලයේ පාපන්දු නායක සාජියෝ මනේ (Sadio Mane) අද ඇරැඹෙන අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියට
  • මනේ සහ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වන අයීෂා ටම්බා (Aisha Tamba) අතර විවාහය රස අන්දරයක් වන්නේ ඔහුට වයස අවුරුදු 31ක්ව තිබියදී ඇගේ වයස 18ක්ව තිබීම නිසා පමණක් නොව ඇය තවමත් පාසල් යන දැරියක් නිසා.
  • කළින් නියම කරගෙන තිබූ මේ විවාහය ඉස්ලාමීය චාරිත්‍රානුකූලව ජනවාරි 7 වැනිදා සිදු කෙරුනේ Dakar අගනුවරට යාබදව පිහිටි Keur Massar උපනගරයේ.
  • අප්‍රිකානු පාපන්දු ශූරතාව පෙබරවාරි 11 වැනිදා අවසන් වීමෙන් පසුව මධුසමය ගත කිරීම පිණිස යාමට මනේ අපේක්ෂාවෙන් පසුවූවද ටම්බාගේ පවුලේ අය ඇයට උපදෙස් දී තිබෙන්නේ ළඟ එන ඇගේ අවසාන විභාගය කෙරෙහි අවධානය යොමු කරමින් පාඩම් වැඩ කරන ලෙසට.
අකුරු ප්‍රමාණය (Font Size):

සහභාගි වන්නේ අලුත බැඳපු මනාලයෙක් ලෙසින්.


මනේ සහ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වන අයීෂා ටම්බා (Aisha Tamba) අතර විවාහය රස අන්දරයක් වන්නේ ඔහුට වයස අවුරුදු 31ක්ව තිබියදී ඇගේ වයස 18ක්ව තිබීම නිසා පමණක් නොව ඇය තවමත් පාසල් යන දැරියක් නිසා.

 

xzdfwer
කෙසේ වෙතත් මේ දෙදෙනාට මධුසමය ගත කරන්නට නොහැකි වුනේ අයීෂා ට ඇගේ අවසාන විභාගය සඳහා යළි පාසලට යාමට සිදුවීම හේතුවෙන්. මනේ සෙනෙගාලය වෙනුවෙන් පාපන්දු රාජකාරියේ යෙදීම පිණිස දැන් අයිවරි කෝස්ට් රට ට පැමිණ සිටිනවා. වර්තමාන අප්‍රිකානු පාපන්දු ශූරයින් වන්නේ සෙනෙගාලය.

හිටපු ලිවපූල් හා වර්තමාන අල්-නසර් ක්‍රීඩක සාජියෝ මනේ හා අයීෂා ටම්බා විවාහ වුනේ අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින හයකට පෙර.

කළින් නියම කරගෙන තිබූ මේ විවාහය ඉස්ලාමීය චාරිත්‍රානුකූලව ජනවාරි 7 වැනිදා සිදු කෙරුනේ Dakar අගනුවරට යාබදව පිහිටි Keur Massar උපනගරයේ.

අයීෂාගේ නිවසේ සිදුවූ මේ විවාහයට සහභාගි වුනේ පවුලේ අය සහ සමීප මිතුරන් පමණ යි. කෙසේ වෙතත් ප්‍රසිද්ධියක් නැතිව කෙරුණු මේ පෞද්ගලික මංගල්‍යයට මනේගේ හිටපු කණ්ඩායම් සගයන් කිහිප දෙනෙකු ද සහභාගි වී තිබෙනවා.


dfe3dfas
අප්‍රිකානු පාපන්දු ශූරතාව පෙබරවාරි 11 වැනිදා අවසන් වීමෙන් පසුව මධුසමය ගත කිරීම පිණිස යාමට මනේ අපේක්ෂාවෙන් පසුවූවද ටම්බාගේ පවුලේ අය ඇයට උපදෙස් දී තිබෙන්නේ ළඟ එන ඇගේ අවසාන විභාගය කෙරෙහි අවධානය යොමු කරමින් පාඩම් වැඩ කරන ලෙසට.

මේ  විවාහය පිළියෙල කිරීම සඳහා පූර්ණ කාර්යභාරයක් ඉටු කළ මනේගේ හොඳම මිතුරා වන Moussa Ndiaye මෙසේ පවසනවා: “සෙනෙගාලය තරගාවලියේ අවසාන තරගයට පිවිසියොත් එයින් පසුව හෝ එසේ නොවී සෙනෙගාලය ඉවතට විසිවුනොත් අවසන් තරගයට පෙර හෝ මධුසමය ගත කරන්නට මනේ බලාපොරොත්තුවෙන් සිටියා.”


“නමුත් අයීෂා එයාගෙ අධ්‍යාපන කටයුතුවලට අවධානය යොමු කරනවා දකින්න එයාගෙ පවුලේ අයට උවමනා වී තිබෙනවා. ළඟ එන ඉතා වැදගත් විභාග කිහිපයක් ඇයට තිබෙන නිසා මේ විවාහය ඊට බාධාවක් වනවා දකින්න ඒ අය කැමති නැහැ. නිවාඩු ගත කරන්න තව ඔ්නෑ තරම් කල් එයාගෙ ජීවිතේ එයාට තියෙනවා කියලයි ඔවුන් කියන්නේ. දැනට පළමුවෙන් වැදගත් වී තිබෙන්නේ ඇගේ පාසල් වැඩ.”


මනේගේ මිතුරා වැඩිදුරටත් මෙසේ සඳහන් කරනවා: “අයීෂා දැන් සෙනෙගාලයේ ඉන්න වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා වන සාජියෝ මනේව කසාද බැඳගෙන හිටියත් ඇය තවමත් පාසල් ශිෂ්‍යාවක්. ඇය ඇගේ අධ්‍යාපනය සම්පූර්ණ කිරීම ඉතා ම අවශ්‍යයි.”

අයීෂා ටම්බා සිප්සතර හදාරන්නේ සෙනෙගාල් අගනුවරට බැහැරින් පිහිටි පෙදෙසක් වන Mbao නගරයේ තිබෙන සිසුවියන් පමණක් යන පාසලේ. ඇය විවාහයෙන් දිනකට පසුව නැවත පාසලට පැමිණි අවස්ථවේදී ලැබුනේ වීරවරියකගේ පිළිගැනීමක්. සිය ගණන් ශිෂ්‍යාවන් පාසල දෙවනත් වන පරිදි අත්පොළසන් දෙමින් ඇගේ සහ මනේගේ නම් කෑ ගසද්දී අයීෂා බැල්කනියේ සිට ළමයින්ට අත වැනුවා.

dfser3
“Sadio amenda jabar – Aissa amena jekeur (මැඩම් සාජියෝ මනේ)” යනුවෙන් හඬ නගමින් සිසුවියන් උද්යෝගිමත්ව ඇය පිළිගන්නා අයුරු සමාජ මාධ්‍ය වීඩියෝවල දක්නට ලැබෙනවා.

සාජියෝ මනේ ජගත් පාපන්දුවේ ප්‍රමුඛ පෙලේ නාමයක් බවට පත්වුනේ එංගලන්තයේ Liverpool හා Southampton සහ ජර්මනියේ Bayern Munich වැනි පාපන්දු සමාජ කණ්ඩායම්වලට ක්‍රීඩා කරමින්. ඔහු දැන් ක්‍රීඩා කරන්නේ සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ රොනාල්ඩෝ ක්‍රීඩා කරන අල්-නසර් කණ්ඩායමට.

මනේ අයීෂාව පළමු වරට දැක තිබෙන්නේ ඔහු ලිවපූල් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී කෙටි නිවාඩුවකට 2020 මුලදී සෙනෙගාලයේ ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී.

සාජියෝ මනේ 2016 වසරේදී ලිවපූල් ක්‍රීඩා සමාජය සමග පවුම් මිලියන 34ක කොන්ත්‍රාත්තුවකට අත්සන් කළේ ඒ වන විට ඉතිහාසයේ මිල අධික ම අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

දහසය හැවිරිදි වියේ පසුවෙමින් සිටි අයීෂා ඇගේ මව සමග මනේගේ පවුලේ අය බැහැදැකීමට නිවෙසට පැමිණි අවස්ථාවේදීයි මනේ මුල් වරට අයීෂාව දුටුවේ.

zxdfsdfse

ඒ කාලය මෙනෙහි කරමින් Ndiaye මෙසේ කියනවා: “මම ඒ කාලයේ හිටියේ ඔහුත් එක්ක ලිවපූල්වල ඔහුගේ මන්දිරයේ. සෙනෙගල්වල ඉන්න කොට තමාගේ පවුලේ අය මුණගැසෙන්න පැමිණි තමාට ඇත්තටම ආස හිතුන කෙල්ලෙක් දැක්ක බව සාජියෝ මට කීවා. ඒ වෙලාවේ ඔහු ඇයත් එක්ක කිසිම අවස්ථාවක කෙළින් ම කතා කර තිබුනේ නැහැ. නමුත් ඔහුට කසාද බඳින්න ඔ්න ඒ වගේ ලස්සන කෙල්ලෙක් බවත් තමා විවාහ වීමට සූදානම් බවත් මනේ මට කිවුවා.”

“ආපහු සෙනෙගාලටය ගිහිං ඇය හා ඇගේ පවුලේ අය මුණගැසී ඔහුගේ අදහස පවසන්න කියා මනේ මට කීවා. මම එය කළා. මම ඒ වෙලාවෙ ම දැනගත්තා මනේ ට සුදුසු ම කාන්තාව ඇය බව.”

2020 ප්‍රිමිය ලීග් ක්‍රීඩා වාරය අවසානයේ සෙනාගාල් නිවසට පැමිණි මනේ අයීෂා ගැන තිබෙන කැමැත්ත ඔහුගේ පවුලේ උදවියට දන්වා සිටි අතර එය මාමා කෙනෙකු හරහා ඇගේ මව්පියන් වෙත සන්නිවේදනය වුනා.

යුවළ නියමාකාරයෙන් මුණගැසී එකිනෙකා සමග ඒ ගිම්හානයේදී කතා කළේ අයීෂා සහ ඇගේ පවුල එම විවාහ යෝජනාවට එකඟ වීමෙන් පසුව. නමුත් අයීෂාගේ තවමත් ළාබාල වයස නිසා ඇය ඇගේ අනාගත සැමියා හරිහැටි හඳුනා ගන්නා තෙක් ඉවසන ලෙසට මවුපියන් අවධාරණය කළා.

ඉක්බිති සාජියෝ යළි ලිවපූල් කරා පැමිණියත් දෙදෙනා නිරතුරුව දුරකථනයෙන් කතා කරමින් සිටියා. “ඒ දෙදෙනා ඔවුනොවුන්ව හොඳින් දැන අඳුනා ගෙන එකිනෙකාට කිට්ටු වුනේ ඒ විදියටයි. දෙන්නා කවදාවත් මුණගැසුනේ නැහැ” යැයි Ndiaye පවසනවා.

“අයීෂාගේ පියා ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සාජියෝගේ පවුල වෙනුවෙන් ගොඩක් වැඩ කරලා තිබුනු නිසා අයීෂාගේ පියා කළින් ම සාජියෝගේ පවුල ගැන දැන සිටියා. ඒ වන විටත් ඔවුන් අතර සමීප සබඳතාවක් හා විශ්වාසයක් ගොඩනැගී තිබුනා.”

zdfsdafe

“සාජියෝ ඉතාම හොඳ මුස්ලිම් බැතිමතෙක්. අනෙක් බොහෝ පාපන්දු ක්‍රීඩකයන්ට සිටිනවා වගේ උසස් සමාජ තලයේ බිරිඳක් ඔහුට අවශ්‍ය වුනේ නැහැ. සැදැහැවත් පිරිමියෙකු වන ඔහුට අවශ්‍ය වුනේ සැදැහැවත් කාන්තාවක්. ඔහු ලිවපූල්වල ඉන්න කොටත් කවදාවත් අනික් පාපන්දු ක්‍රීඩකයන් වගේ හැසිරෙමින් රාත්‍රී සමාජ ශාලාවලට ගිහිං මත්පැන් බොමින් වෙන ගෑණු පස්සෙ ගියේ නැහැ.”


අයීෂා ටම්බාගේ නියම වයස සම්බන්ධව බොහෝ දෙනා අනුමාන කරන කතා පැතිර ගොස් තිබෙනවා. ඇගේ වයස අවුරුදු 18ක් බව පියා පවසා ඇතත් මනේ ට සමීප අය මෑත දිනවල කියා තිබුනේ ඇගේ වයස 19ක් බව.

“ඇගේ වයස කීයද කියන එක වැදගත් නැහැ. ගොඩක් සාර්ථක වූ වයසක පිරිමි ඔවුන්ට වඩා ගොඩක් වයසින් අඩු කාන්තාවන් සමග විවාහ වීම සෙනෙගාලයේ සාමාන්‍ය දෙයක්. අපේ සංස්කෘතියේ හැටි එහෙමයි. අයීෂා ට ඉස්සෙල්ලාම සාජියෝ මුණගැසෙන විට ඇගේ වයස 15ක් වුනත් 16ක් වුනත් එය අදාළ වෙන්නේ නැහැ” Ndiaye ප්‍රකාශ කරනවා.

විවාහයට පෙර මනේ ඔහුගේ මිතුරන් හා පවුලේ අය වෙනුවෙන් ඔහුගේ නිවසේ ලොකු පාටියක් දැමූ බවත් ඩොලර් 1,000ක දෑවැද්දක් දුන් බවත් ඔහුගේ මිතුරා අනාවරණය කළා. නමුත් ඒ මුදලෙන් වැඩි ප්‍රමාණයක් අයීෂාගේ පියා ආපසු එවා තිබෙනවා.

ඔවුන්ගේ එක්වීම මනේගේ ජනප්‍රියත්වය හෝ මුදල් නිසා නොවන බවත් තම දියණියට එවැනි දේ ගැන උනන්දුවක් නැති බවත් අයීෂාගේ පියා Amadou Tamba විවාහයෙන් පසුව අවධාරණයෙන් කියා සිටියා.  

මේ අතර, සාජියෝ මනේ වරක් මෙසේ කියා තිබුනා.

“මට කසාද බඳින්න ඕන දෙවියන්ට ගරු කරන හොඳින් යාච්ඤා කරන කෙනෙක්!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

31 හැවිරිදි පාපන්දු නායකයා හා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ කසාදය | The Leader