The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දෙවන T20 තරගයේ ජය සිම්බාබ්වේ පිලට

T

The Leader Desk

January 17, 2024 • 4:05 AM

 දෙවන T20 තරගයේ ජය සිම්බාබ්වේ පිලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (16) පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට
  • එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කළේය.
  • චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් රැස් කළේය.
  • ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174කි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කළේය.

චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174කි.

සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී තිබියදී ලකුණු 178ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබුණි.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.

සිම්බාබ්වේ පිල වෙනුවෙන ක්‍රේග් එර්වින් පන්දු 54කදී ලකුණු 70ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේය.

ඒ අනුව කණ්ඩායම් දෙකම තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය තරග 1ට 1ක් ලෙස ජයගෙන සිටී.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (18) පැවැත් වීමට නියමිතය.

419589586 772818111549974 4778810891365853392 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...