The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලාන සහභාගිත්වය ගැන අඩමානයෙන් සිටින පාකිස්තාන කණ්ඩායම ජර්සි නිරාවරණය අහෝසි කරයි

T

The Leader Desk

February 1, 2026 • 3:25 PM

T20 ලෝක කුසලාන සහභාගිත්වය ගැන අඩමානයෙන් සිටින පාකිස්තාන කණ්ඩායම ජර්සි නිරාවරණය අහෝසි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තව නොබෝ දිනකින් ඇරඹෙන 2026 T20 ‌ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්
  • පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දෙවැනි ජාත්‍යන්තර විස්සයි20 තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව මේ ජර්සි නිරාවරණය පැවැත්වීමට සැලසුම් කර තිබූ බව මාධ්‍ය වාර්තාවක සඳහන් වනවා.
  • කෙසේ වෙතත්, එම තීරණය ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයේ සහභාගිත්වය පිළිබඳව තිබෙන අවිනිශ්චිතතාව සමග සම්බන්ධව තිබෙන බව ද එම වාර්තාවෙන් කියනවා.
  • එරට විදේශ කටයුතු කාර්යාලය ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ඔවුන්ගේ තීරණය හෙට (පෙබරවාරි 2) ස්ථිර කරනු ඇතැයි අපේක්ෂා කරන අතර තරගාවලිය ලබන 7 වැනිදා ආරම්භ වීමට පෙර තවත් ඉතිරිව තිබෙන්නේ දින පහක් පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පළඳින ජර්සිය නිරාවරණය කිරීම පිණිස සැලසුම් කර තිබූ විශේෂ උත්සවයක් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් අහෝසි කර ඇතැයි වාර්තා වනවා.

පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දෙවැනි ජාත්‍යන්තර විස්සයි20 තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව මේ ජර්සි නිරාවරණය පැවැත්වීමට සැලසුම් කර තිබූ බව මාධ්‍ය වාර්තාවක සඳහන් වනවා. එහෙත් නොවැළැක්විය හැකි හේතු මත යැයි කියමින් එය සිදුවී නැහැ.

කෙසේ වෙතත්, එම තීරණය ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයේ සහභාගිත්වය පිළිබඳව තිබෙන අවිනිශ්චිතතාව සමග සම්බන්ධව තිබෙන බව ද එම වාර්තාවෙන් කියනවා. PCB සභාපති මෝසින් නක්වි සහ පාකිස්තාන රජය තවමත් ඔවුන්ගේ විකල්ප සලකා බලමින් සිටිනවා.

එරට විදේශ කටයුතු කාර්යාලය ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ඔවුන්ගේ තීරණය හෙට (පෙබරවාරි 2) ස්ථිර කරනු ඇතැයි අපේක්ෂා කරන අතර තරගාවලිය ලබන 7 වැනිදා ආරම්භ වීමට පෙර තවත් ඉතිරිව තිබෙන්නේ දින පහක් පමණයි. එතෙක්, පාකිස්තානය ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් වක්‍රාකාරයෙන් හෝ සඳහනක් කිරීමෙන් වැළකී සිටිනවා.

පාකිස්තානය ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC)  සමග ප්‍රසිද්ධියේ කිවහැකි ප්‍රශ්නයක් නැහැ. කෙසේ වෙතත්, ඉන්දියාව ට යාම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරුනු බංග්ලාදේශය ට සහයෝගිතාව පළ කිරීමට තමන්ට අවශ්‍ය බව PCBය ප්‍රකාශ කර තිබෙනවා.

බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කළේ ඔවුන්ගේ කණ්ඩායමට ඉන්දියාවේ ආරක්ෂාවක් නැති බැවින් ඒ තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසට ඉල්ලමින්. නමුත් එවැනි තර්ජනයක් නැති බව පවසමින් බංග්ලාදේශ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ICCය ඔවුන් වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට ඇතුළත් කළා. පාකිස්තානය ඔවුන්ගේ සියලු තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන බැවින් ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ එවැනි ප්‍රශ්නයක් නැහැ.

එබැවින්, ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කිරීම සඳහා මේ අවසන් මොහොතේදී පාකිස්තානය විසින් ගනු ලබන තීරණයකින් ඔවුන්ට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට මෙන්ම උසාවියේ නඩු පැවරීමට ද ඉඩ තිබෙනවා.

පාකිස්තාන මාධ්‍යයේ පළවන වාර්තාවන්ට අනුව, නක්වි සහ ඔහුගේ පිරිවර ICCයට එරෙහි ඔවුන්ගේ විරෝධතාව ප්‍රකාශ කිරීම පිණිස වක්‍ර අයුරින් ක්‍රියා කරමින් පෙබරවාරි 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියාව සමග තරගය වර්ජනය කිරීම හෝ සමහර තරගවලට කළු අත්පටි පැළඳීම ගැන සලකා බලමින් සිටිනවා.

මේ අතර, තවත් මාධ්‍ය වාර්තාවකට අනුව, පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම පිණිස හෙට (2) අළුයම කොළඹ බලා පිටත්වීම සඳහා දැනටමත් ගුවන් ප්‍රවේශ පත් වෙන් කරගෙන තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...