The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාව සමග T20 ලෝක කුසලාන තරගය ක්‍රීඩා කරන්නැයි ශ්‍රී ලංකාව පාකිස්තානයෙන් ඉල්ලයි

T

The Leader Desk

February 6, 2026 • 7:22 AM

ඉන්දියාව සමග T20 ලෝක කුසලාන තරගය ක්‍රීඩා කරන්නැයි ශ්‍රී ලංකාව පාකිස්තානයෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කරන ලෙසට 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරක රටක් වන ශ්‍රී ලංකාව පාකිස්තානයෙන් ඉල්ලා තිබෙනවා.
  • කෙසේ වෙතත්, පාකිස්තාන රජය පෙබරවාරි 1 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මේ තරගය වර්ජනය කරන බව කියා සිටියා.
  • මේ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට ලිපියක් යවමින් තරගයට සහභාගි නොවී‌මේ තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.
  • ආගන්තුක සත්කාරය සැලසුම් කිරීම හා තරග ප්‍රවේශ පත් අලෙවිය ද මීට ඇතුළත්.
අකුරු ප්‍රමාණය (Font Size):


තරගාවලියේ ඉහළින්ම තිබෙන ඉන්දියා - පාකිස්තාන තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, පාකිස්තාන රජය පෙබරවාරි 1 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මේ තරගය වර්ජනය කරන බව කියා සිටියා.

මේ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට ලිපියක් යවමින් තරගයට සහභාගි නොවී‌මේ තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

shammi 260206

සත්කාරක රටක් වශයෙන් ශ්‍රී ලංකාව මේ තරගාවලිය දෙස අතිශයෙන් උනන්දු වූ ආසාවෙන් බලා සිටින අතර ශ්‍රී ලංකාව ට ලබා දී තිබෙන තරග සඳහා වන සියලුම ව්‍යාපාරික, කාර්යාත්මක, සැලසුම් සංවිධානය හා ආරක්ෂක කටයුතු දැනටමත් අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ලිපියෙන් අවධානයට ලක් කර තිබෙනවා. ආගන්තුක සත්කාරය සැලසුම් කිරීම හා තරග ප්‍රවේශ පත් අලෙවිය ද මීට ඇතුළත්.

විශේෂයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඇතුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා වන ටිකට් අලෙවිය කැපී පෙනෙන ප්‍රබල ඉල්ලුමකින් යුතුව අවසන් කර තිබෙන්නේ පෙර නොවූ විරූ මහජන උනන්දුවක් සහ සැලකිය යුතු වාණිජමය අපේක්ෂාවන් පිළිබිඹු කරමින් බව එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

මෙවැනි විශාල තරගයකට සහභාගි නොවීම මගින් සැලකිය යුතු තරමේ මූල්‍ය නිරාවරණය, බලාපොරොත්තු වූ සංචාරකයින්ගේ පැමිණී‌‌මේ අඩුවීම හා මහත් ආර්ථික භේද වීම ඇතුළු පුළුල් පරාසයක විපාකයන් සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනතුරු අඟවා තිබෙනවා.

lanka pakistan

අතීතයේදී සහයෝගයෙන් කටයුතු කළ ආකාරය ද මෙහිදී මතක් කර දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අනෙකුත් ක්‍රිකට් රටවල් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ ආරක්ෂාව සම්බන්ධ බරපතල සිදුවීම් හටගෙන තිබූ වකවානු ඇතුළු අභියෝගාත්මක හා සංවේදී තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම කිහිප වතාවක් ම පාකිස්තානයේ සංචාරය කළ බව පෙන්වා දී තිබෙනවා. එම තීරණ ගනු ලැබුවේ හොඳ විශ්වාසයකින්, ක්‍රීඩාශීලිත්වයේ ජීවගුණයෙන් සහ දෙරටේ ක්‍රිකට් මණ්ඩල අතර තිබෙන අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුවයි.

එබැවින්, එම අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වයේ ජීවගුණය ම තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන්නේ පූර්ණ ආරක්ෂාව, අපක්ෂපාත බව සහ අධි වෘත්තීයතාව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලුම තරග සඳහා සහතික කරමින්.

 

PAK IND 260202
ඉන්දියා - පාකිස්තාන තරගය වර්ජනය කිරීමට හෝ එයට සහභාගි වීමෙන් වැළකී සිටීම තෝරා ගැනීමට හෝ ගෙන තිබෙන ඕනෑම තීරණයක් පිළිබඳව යළි සලකා බලන ලෙසට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලියේ යහපත, එහි සංවිධායකයින් හා ලොව පුරා සිටින මිලියන ගණනක ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සියලු තරගවලට සහභාගි වන ලෙසට පාකිස්තානය ට කියා සිටිනවා.

 

warnan Gunasekara

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...