The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලාන නායකයන්ගේ දිනය

T

The Leader Desk

February 6, 2026 • 9:29 AM

T20 ලෝක කුසලාන නායකයන්ගේ දිනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ හෙට (පෙබරවාරි 7) ඇරඹෙන විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ICC T20 World Cup 2026 තරගාවලියේ
  • මෙහිදී අදහස් දැක්වූ දසුන් ශානක, නායකයෙකු වශයෙන් තමා රට වෙනුවෙන් උපරිම ක්‍රීඩාවක් කිරී‌මේ අපේක්ෂාවෙන් සිටියත් තරග දිනවීමේ වගකීමේ තමන්ගේ පමණක් නොවන බව අවධාරණය කර සිටියා.
  •   පසුගිය තරගවල සිදුවූ පරාජයන්ගෙන් නොසැලී මේ තරගාවලියේදී තම කණ්ඩායමට සහයෝගය ලබා දීම පිණිස අත්වැල් බැඳගන්නා ලෙසට දසුන් ශානක ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලා සිටියා.
  • මේ ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශය ක්‍රීඩා නොකිරීම කනගාටුවට කාරණයක් බව මේ සාකච්ඡාවේදී කතා කරමින් පාකිස්තාන නායක සල්මාන් අලි අඝා කියා සිටියා “බංග්ලාදේශිකයන් අපේ සහෝදරයන්.
අකුරු ප්‍රමාණය (Font Size):

නායකයින්ගේ දිනයේ සැණකෙළියට තරගාවලියට සහභාගි වන කණ්ඩායම් විස්සේ නායකයින් කොළඹ හා මුම්බායි නගරවල ඊයේ එක්වෙමින් මාධ්‍යවේදීන් මුණගැසුනා. මෙවැනි මාධ්‍ය හමුවක් රටවල් දෙකක නගර දෙකකදී එකම දිනයේ පැවැත්වුනේ ප්‍රථම වතාවට.

මුම්බායි හි ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩල මූලස්ථානයේ පැවති නායකයින්ගේ දිනයේ මාධ්‍ය සාකච්ඡාවට සූර්යකුමාර් යාදව් (ඉන්දියාව), රෂිඩ් ඛාන් (ඇෆ්ගනිස්තානය), දිල්ප්‍රීට් බජ්වා (කැනඩාව), හැරී බෲක් (එංගලන්තය), වේන් මැඩ්සන් (ඉතාලිය), ගර්හාඩ් එරාස්මුස් (නැමීබියාව), රෝහිත් පවුඩල් (නේපාලය), මිචල් සැන්ට්නර් (නවසිලන්තය), රිචී බෙරිංටන් (ස්කොට්ලන්තය), ඒඩ්න් මාක්රාම් (දකුණු අප්‍රිකාව), මොනාන්ක් පටෙල් (අමෙරිකාව) සහ ෂායි හෝප් (බටහිර ඉන්දීය කොදෙව්) සහභාගි වූ අතර ඔ්මාන නායක ජටින්දර් සිං වෙනුවට මොහමඩ් නදීම් පෙනී සිටියා.

shana 34

 

කොළඹ මාධ්‍ය සාකච්ඡාව වෙළඳසේවා ක්‍රිකට් සංගමයේදී පැවති අතර එම අවස්ථාවට දසුන් ශානක (ශ්‍රී ලංකාව), මිචල් මාෂ් (ඔස්ට්‍රේලියාව), පෝල් ස්ටර්ලිං (අයර්ලන්තය), ස්කොට් එඩ්වර්ඩ්ස් (නෙදර්ලන්තය), සල්මාන් අලි අඝා (පාකිස්තානය), මොහමඩ් වසීම් (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) හා සිකන්දර් රාසා (සිම්බාබ්වේ) සහභාගි වුනා.

මෙහිදී අදහස් දැක්වූ දසුන් ශානක, නායකයෙකු වශයෙන් තමා රට වෙනුවෙන් උපරිම ක්‍රීඩාවක් කිරී‌මේ අපේක්ෂාවෙන් සිටියත් තරග දිනවීමේ වගකීමේ තමන්ගේ පමණක් නොවන බව අවධාරණය කර සිටියා.

මේ ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම පිණිස පසුගිය දිනවල පැවති තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබැස්මක් දිස්වූවත් ලෝක කුසලාන තරගාවලියේදී තරගයෙන් තරගයට සාර්ථකව ඉදිරියට යාමට සැලසුම් කර තිබෙන බව කී ශ්‍රී ලංකා නායකයා, මුල් පෙල පිතිකරුවන්ට මේ තරග බිමේදී ලොකු වගකීමක් තිබෙන බව ප්‍රකාශ කළා.

shana 35

 

පසුගිය තරගවල සිදුවූ පරාජයන්ගෙන් නොසැලී මේ තරගාවලියේදී තම කණ්ඩායමට සහයෝගය ලබා දීම පිණිස අත්වැල් බැඳගන්නා ලෙසට දසුන් ශානක ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලා සිටියා.

මේ ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශය ක්‍රීඩා නොකිරීම කනගාටුවට කාරණයක් බව මේ සාකච්ඡාවේදී කතා කරමින් පාකිස්තාන නායක සල්මාන් අලි අඝා කියා සිටියා

“බංග්ලාදේශිකයන් අපේ සහෝදරයන්. පාකිස්තානය ට ඔවුන්ගෙන් ලැබෙන සහයෝගයට අපි කෘතඥ වනවා. මේ තරගාවලියේ ඔවුන් ක්‍රීඩා නොකිරීම කනගාටුවට කාරණයක්.”

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරගාවලියක පළමු වරට පාකිස්තානය ට නායකත්වය ලබා දීම පිළිබඳව ඔහු කතා කළේ මහත් උනන්දුවකින්. “නායකයෙකු විදියට මේක මගේ පළමු ලෝක කුසලාන තරගාවලියයි. මට ඒ ගැන තිබෙන්නේ ලොකු ප්‍රබෝධයක්. මගේ නායකත්වය යටතේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරාවි කියා මම අපේක්ෂා කරනවා.”

 

shana 36

ඉන්දියා නායක සූර්යකුමාර් යාදව් මුම්බායි හිදී කතා කරමින්, පාකිස්තානය ට එරෙහිව ක්‍රීඩා කිරීම ඉන්දියාව ප්‍රතික්ෂේප නොකළ බවත් එම තරගයට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළේ පාකිස්තානය බවත් පැවසුවා. “පාකිස්තාන තරගය සඳහා කොළඹට යන අපේ ගුවන් ගමන් ටිකට් දැනමත් වෙන්කරවා ගෙනයි තියෙන්නේ” යනුවෙන් ඔහු කියා සිටියා.

“අපි ක්‍රීඩා කරමින් සිටින විදිය අනුව පීඩනය එල්ල වෙලා තියෙන්නේ අපට බව දැනෙනවා. තරගාවලියට පෙර ආයෙත් ලකුණු අතරට පිවිසෙන්න ලැබීම මට සහනයක්.”

 

සවස පැවැත්වෙන තරග අතරතුර පින්න වැටීමට ඇති ඉඩකඩ පිළිබඳව ද ඉන්දියා නායකයා අදහස් දක්වා සිටියා. “පින්න පාලනය කළ නොහැකි දෙයක්. අපට පාලනය කරන්න පුළුවන් දේවල් අපි පාලනය කරනවා. පළමුව පන්දුවට පහර දෙමින් මෙන්ම ලකුණු හඹා යමින් ද අපි හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. ප්‍රධාන තරගවලදී අපි කළ යුත්තේ මෙයින් කුමක්දැයි එදාට තෝරා ගන්නවා. පිනි වැටෙද්දී අපි තරග බොහොමයක් ක්‍රීඩා කර තිබෙනවා” යනුවෙන් මේ තරගාවලියේ ජනප්‍රියතම කණ්ඩායම බවට පත්ව සිටින ඉන්දියා කණ්ඩායමේ නායකයා වැඩිදුරටත් සඳහන් කළා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...