The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එංගලන්තයේ ජෝ රූට් Test සහ ODI ශෛලීන් දෙකේම ශතක 20ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අට වැනි පිතිකරුවා වෙයි

T

The Leader Desk

January 27, 2026 • 3:15 PM

එංගලන්තයේ ජෝ රූට් Test සහ ODI ශෛලීන් දෙකේම ශතක 20ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අට වැනි පිතිකරුවා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්ත පිතිකරු ජෝ රූට් ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් යන ශෛලීන් දෙකේ ම ශතක 20ක් හෝ ඊට වැඩියෙන් ශතක
  • ඔහු මේ වික්‍රමය සටහන් කළේ ශ්‍රී ලංකාව ට එරෙහිව අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයේදී පන්දු 100කින් ලකුණු 100ක් රැස් කරමින්.
  • ඔහුගේ මේ 20 වැනි ජාත්‍යන්තර එක්දින ශතකයට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත්ව තිබුණා.
  • රූට් නොදැවී ලකුණු 111ක් රැස් කළ අතර පන්දු 108ක ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

වාර්තා කළ ලොව පිතිකරුවන් අට දෙනාගෙන් කෙනෙක් බවට ඊයේ පත්වුණා.

ඔහු මේ වික්‍රමය සටහන් කළේ ශ්‍රී ලංකාව ට එරෙහිව අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයේදී පන්දු 100කින් ලකුණු 100ක් රැස් කරමින්. ඔහුගේ මේ 20 වැනි ජාත්‍යන්තර එක්දින ශතකයට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත්ව තිබුණා.

Copy of Joe Root Batting
ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශෛලීන් දෙකේ ම ශතක 20ක් හෝ ඊට වැඩි ශතක ලබා ගත් අනෙක් පිතිකරුවන් වන්නේ සචින් ටෙන්ඩුල්කාර්, රිකී පොන්ටිං, කුමාර් සංගක්කාර, ඒ.බී. ඩි විලියර්ස්, හෂිම් අම්ලා, විරාට් කෝලි සහ ඩේවිඩ් වෝනර්.

රූට් නොදැවී ලකුණු 111ක් රැස් කළ අතර පන්දු 108ක ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුණා.

නායක හැරී බෲක් වඩාත් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 136ක් ලබා ගත්තේ පන්දු 66කට පමණක් මුහුණ දෙමින්. ඔහු හතරේ පහර 11ක් සහ හයේ පහර 9ක් එල්ල කිරීමට සමත් වුණා. බෲක් ඔහුගේ ‌‌තෙවැනි ජාත්‍යන්තර එක්දින ශතකය අද ලබා ගත්තේ පන්දු 57කට පමණක් මුහුණ දෙමින්. එම ශතකයට හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

Copy of Harry Brook Celebrate Centuryjpg

රූට් සහ බෲක් සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 113කින් ලකුණු 191ක් එක් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පිටියේ සතර දිසාව ම ආක්‍රමණය කරමින්.

එංගලන්තය ඔවුන්ගේ ඕවර 50 අවසන් වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 357ක් රැස්කර ගෙන සිටියා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

Copy of Joe Root Batting1

Copy of Joe Root and Harry Brook

Copy of Joe Root Celebrate Half Century

Copy of Joe Root Batting3

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...