ඖෂධ සංස්ථාවේ ඔසුසල් 50න් 26ක්ම අලාභයි !
ශ්රී ලංකා රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව සතු ඔසුසල් 50න් ඔසුසල් 26ක්ම 2021 වර්ෂය තුළ දී රු. මිලියන 53 ක (රු. 53,239,900 ක) අලාභ ලබා තිබෙන බවත් ඉන් ඔසුසල් 10ක අලාභය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 15 සිට සියයට 175 දක්වා වූ පරාසයකින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.