leader s

ඉන්දීය මහ මැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කරන ජනතාව දිරිගැන්වීමක් වශයෙන් නොමිලේ ආහාර,පාන මෙන්ම කුලී රථ ගමන් සේවා ලබාදීමටත් දකුණු ඉන්දීය නගරයක් වන බැන්ගලෝරයේ බොහෝ සමාගම් කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 


කර්ණාටක ප්‍රාන්තයේ පිහිටි බැන්ගලෝරය සාමාන්‍යයෙන් අඩු ඡන්ද ප්‍රතිශතයක් දක්නට ලැබෙන නගරයක් ලෙස සැලකෙයි. 

එබැවින්, නගරයේ හෝටල්, කුලීරථ සේවා සහ අනෙකුත් සමාගම් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව දිරිගැන්වීමක් වශයෙන් නොමිලේ ආහාර,පාන මෙන්ම සේවා ලබාදීමට එකඟ වී ඇත. 

මෙම දිරිගැන්වීම් අතරට නොමිලේ ලැබෙන බීර වීදුරුවක්, වට්ටම් සහිත කුලීරථ ගමන් මෙන්ම නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ පවා ඇතුලත්.

ypwMplTh
එසේම, ඡන්දය ප්‍රකාශ කර ඇති බව සහතික කරගැනීමට වර්ණ ගැන්වූ ඇඟිල්ල පෙන්වීම සමහර ආහාර අලෙවිසැල්වල අනිවාර්ය කර ඇත.

මැතිවරණ මාර්ගෝපදේශ උල්ලංඝනය නොකරන තාක් නොමිලේ හෝ අඩු මිලට ආහාර ලබා දීමට ප්‍රාන්ත මහාධිකරණය විසින් හෝටල් අයිතිකරුවන්ගේ එක් සංගමයකට බදාදා (24) අවසර දී තිබුණි.

2019 වසරේ දී පැවති අවසන් මහා මැතිවරණයේදී, බැංගලෝර් නගරයේ දකුණ මැතිවරණ කොට්ඨාශය කර්ණාටක ප්‍රාන්තයේ අඩුම ඡන්ද ප්‍රතිශතය වාර්තා කර තිබුණි. ඒ 53.7%ක් ලෙසිනි.

 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්