මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව

වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (28) ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එබව කියා සිටියේ, දෙරණ 24 නාලිකාවේ GET REAL වැඩසටහනට අද එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තවදුරටත් මෙසේද පැවසිය.

"අපි ලංසු කැදවා තිබෙනවා මාර්තු 5 වැනිදා උදෑසන 10 සිට සවස 2 දක්වා ඔවුන්ට පැමිණිය හැකියි. එය සජීවීව සිදුකරනු ලබනවා. පස්වරු 2 වන විට ලංසු විවෘත කර ඇගයීම ලක්කළ හැකියි. ඒ සඳහා සහාය දැක්වීමට තාක්ෂණික කණ්ඩායමක් ද සිටිනවා. ඔවුන් එම ලංසු ඇගයීම සිදුකරනු ලබනවා. අවසානයේ එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබනවා. මට අවශ්‍ය අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජනයක් සිදුකළ හැකි ශක්තිමත් ආයෝජකයෙකු පැමිණීමයි. ඒ වගේම ගුවන් සේවයේ 6,000කගේ රැකියාවන් සුරක්ෂිතභාවයට පත්කිරීමත් අවශ්‍ය වනවා."

(adaderana.lk)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්