leader s

පස්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමිය ලීග් (LPL) 2024 ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 500කට වැඩි පිරිසක්

ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.

මේ තරගාවලිය වෙනුවෙන් ළඟදී පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසිය සඳහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ සියළුම පූර්ණ සාමාජික රටවල් ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 24ක ක්‍රීඩකයන් ලියාපදිංචි වී සිටින්නේ ලංකා ප්‍රිමිය ලීගයේ කණ්ඩායම් පහෙන් එකකට තෝරා ගනු ඇතැයි යන අපේක්ෂාවෙන්.

මෙසේ ලියාපදිංචි වී සිටින ප්‍රධාන ක්‍රීඩකයන් අතර නවසිලන්තයේ ටිම් සවුතී, ජිමී නීශාම්, ඉෂ් සොධි හා මාක් චැප්මන් සිටිනවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වන ෂායි හෝප්, එවින් ලුවිස් හා ඇන්ඩ්‍රි ෆ්ලෙච සහ එංගලන්තයේ රීස් ටොප්ලී ද ලංකා ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවනවා.

ඔස්ට්‍රේලියාවේ උස්මාන් කවාජා, දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ෂම්සි හා පාකිස්තානයේ නසීම් ෂා දැනටමත් ලියාපදිංචිව සිටින ක්‍රීඩකයන් අතර සිටිනවා.

බංග්ලාදේශයෙන් මුෂ්ෆිකුර් රහිම්, ටමිම් ඉක්බාල්, නජ්මුල් හුසේන් ෂන්ටො සහ ටස්කින් අහමඩ් යන ක්‍රීඩකයන් ලියාපදිංචිව සිටින අතර ඉබ්රහිම් සඩ්රාන් ඇෆ්ගනිස්තානයෙන් ලියාපදිංචිව සිටින ක්‍රීඩකයෙක්.

දකුණු අප්‍රිකාවේ Rassie Van Der Dussen, Reeza Hendrics, Rilee Rossouw හා Lungi Ngidi යන ක්‍රීඩකයන්ට අමතරව Rahmanullah Gurbaz, Colin Munro, Jason Behrendorff, Oshane Thomas, Keemo Paul සහ Fabian Allen ද ලියාපදිංචිව සිටින තවත් ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක්.

මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, ඉෆ්ටිකාර් අහමඩ්, මොහමඩ් නවාස් හා ගුල්බඩින් නයිබ් ද තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන තවත් ප්‍රධාන පෙලේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්.

මේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක රසයෙන් යුත් 5 වැනි Lanka Premier League 2024 තරගාවලිය ජූලි මස 1 වැනිදා සිට 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙන අතර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පවත්වන දිනය ඉදිරියේදී නිවේදනය කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්