ඩුබායි හි පැවති 21 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අළුයම පෙරළා දිවයිනට පැමිණියේ

සියලු දෙනාම ඔවුන්ගේ ඉසව්වල ආසියාවේ හොඳම 8 දෙනා අතරට පිවිසීමට සමත් වීමෙන් පසුව.

මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනා ගත් අතර සිවුවැනි ස්ථාන 2ක්ද, පස්වැනි ස්ථාන 2ක්ද, හයවැනි හා අටවැනි ස්ථානයක් බැගින් ද ලබා ගත්තා.


මීට අමතරව, ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අවුරුදු 20න් පහළ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වලදී ශ්‍රී ලංකා වාර්තා 2ක්ද, මීටර් 100 සහාය දිවීම ඉසව්වේ හොඳම දක්ෂතාවක් ද මේ තරගාවලියේදී සටහන් වුනා.

පිරිමි සහාය දිවීමේ කණ්ඩායම මීටර් 100 හා මීටර් 400 ඉසව්වලින් ද, කාන්තා සහාය දිවීමේ කණ්ඩායම මීටර් 400 ඉසව්වෙන් ද, මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම මීටර් 400 ඉසව්වෙන්ද ශ්‍රී ලංකාව ට පදක්කම් හිමිකර දුන්නා.

 

2 Men 100m Relayරිදී - මීටර් 100 සහාය දිවීම පිරිමි

 

රිදී පදක්කම දිනා ගත් මීටර් 100x4 පිරිමි සහාය දිවීම කණ්ඩායම සමන්විත වූයේ මෙරෝන් විජේසිංහ (ආනන්ද විදුහල), කෞෂල් තමීල් (කඳාන ඩි මැසිනඩ්), ඉඳුවර වීරරත්න (මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල) හා ඉන්දුසාර විදුශාන් (ආනන්ද) යන ක්‍රීඩකයන්ගෙන්. රිදී පදක්කම දිනා ගැනීමට අමතරව මේ කණ්ඩායම තත්පර 39.81ක කාලයක් සටහන් කළේ නව දකුණු ආසියානු කණිෂ්ඨ හොඳම දක්ෂතාව ද වාර්තා කරමින්. මෙරෝන් විජේසිංහ මේ තරගාවලියට සහභාගි වූ සමස්ත ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකයා යි.

 

1. Nethmika Madushaniරිදී - නෙත්මිකා මදුශානී



ශ්‍රී ලංකාව වෙනුවෙන් අනෙක් රිදී පදක්කම හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා නෙත්මිකා මදුශානී හේරත්. ඇය තුන් පිම්ම කාන්තා ඉසව්වේ මීටර් 13.01ක් දුර පනිමින් ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද මෙහිදී වාර්තා කිරීම විශේෂත්වයක්. මොණරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ සිප්සතර හදාරණ ඇගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ක්‍රිශාන්ත කුමාර. මේ ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී තනි ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකර දුන්නේ නෙත්මිකා මදුශානී පමණ යි.

 

4. Men 400m Relayලෝකඩ - මීටර් 400 සහාය දිවීම පිරිමි



ශ්‍රී ලංකා අවුරුදු 20න් පහළ මීටර් 400x4 සහාය දිවීම පිරිමි, කාන්තා සහ මිශ්‍ර කණ්ඩායම් තුන ම මේ තරගාවලියේදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.
මීටර් 400x4 පිරිමි සහාය දිවීම කණ්ඩායම අවිශ්ක රාජපක්ෂ (මලියදේව), හසිඳු නෙත්සර (ලුම්බිණි), ජත්යා කිරුළු (මහින්ද විදුහල) සහ ෂසින්ත සිල්වා (සාන්ත සෙබස්තියන්) යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුනා. ඔවුන් සටහන් කළ කාලය 3:09.48ක්.

 

3. Women 400m Relay ලෝකඩ - මීටර් 400 සහාය දිවීම කාන්තා කණ්ඩායම ඩුබායි සහ උතුරු එමිරේට්ස් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ විධායක කමිටු සාමාජික අලෙක්සි ගුණසේකර මහතා සමග...



කාන්තා මීටර් 400x4 සහාය දිවීමේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වූයේ ප්‍රවින්දි දුනුසිංහ (මලියදේව බාලිකා විදුහල), චාරුනි ප්‍රමුදිකා (ගම්පහ හෝලි ක්‍රොස්), ජිත්මා විජේතුංග (වත්තල ලයිසියම්) හා නුහන්සා කොඩිතුවක්කු (මාතර මැදි විදුහල). මේ ක්‍රීඩිකාවන් වාර්තා කළ කාලය 3:46.20ක්.

 

5. Mixed Relay Teamලෝකඩ - මීටර් 400 සහාය දිවීම මිශ්‍ර


මීටර් 400x4 සහාය දිවීම මිශ්‍ර ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගත් අවුරුදු 20න් පහළ කණ්ඩායම ජත්යා කිරුළු, අවිශ්ක රාජපක්ෂ, ජිත්මා විජේතුංග හා නුහන්සා කොඩිතුවක්කු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වූ අතර ඔවුන් සටහන් කළ කාලය 03:28.18ක්.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්