leader s

කොළඹ සහ හෝ චි මිං නගරය අතර සතියට දින 3ක් පුරා නව ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මකයි


ආගමික, සංස්කෘතික සහ සෞඛ්‍ය සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට දෙරටෙන්ම ඒකාබද්ධ සැලසුම්


ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරමින්, වියට්නාමයේ ප්‍රමුඛතම ගුවන් සේවයක් වන 'වියට්ජෙට්' (VietJet) සමාගම කොළඹ සහ හෝ චි මිං නගරය (Ho Chi Minh City) අතර සිය කුළුඳුල් ඍජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කර තිබේ. සංචාරක මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රවල ප්‍රගතිය උදෙසා නව අවස්ථා රැසක් උදාකර දෙමින් මෙම ඍජු ගුවන් ගමන් මෙහෙයුම් දියත් කර ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වියට්ජෙට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත පැමිණීම ඇගයීමට ලක් කරමින් ඔවුන්ගේ නව මෙහෙයුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා රජයේ සුබ පැතුම් එක් කර තිබේ. මෙම ඍජු ගුවන් ගමන් සේවාව ආරම්භ වීම, පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ රාජ්‍ය නායකයන් අතර පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ සංචාරක ප්‍රවර්ධනය සහ නව පැකේජ

වියට්ජෙට් ගුවන් සේවයේ මෙම නව ගමනාන්ත ප්‍රවේශය, ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට සෘජු දායකත්වයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට සමගාමීව, දෙරට අතර සංචාරක පැමිණීම් තවදුරටත් ඉහළ නැංවීම සඳහා දෙපාර්ශවයම එක්ව ඒකාබද්ධ නව සංචාරක පැකේජ හඳුන්වා දීමට කටයුතු යොදමින් සිටී.

විශේෂයෙන්ම දෙරට අතර පවතින ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා පදනම් කරගනිමින් ආගමික සංචාරක ව්‍යාපාරය (Religious Tourism) ප්‍රවර්ධනය කිරීමටත්, ඊට අමතරව සංස්කෘතික, සෞඛ්‍ය මෙන්ම වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍රයන් දියුණු කිරීමටත් මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.

ගුවන් ගමන් කාලසටහන සහ ගෝලීය සබඳතා

නිල මෙහෙයුම් දත්තවලට අනුව, වියට්ජෙට් ගුවන් සේවය සතියකට තුන් වතාවක්, එනම් සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල කොළඹ සහ හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

හෝ චි මිං නගරය යනු වියට්ජෙට් සමාගමේ ප්‍රධානතම ගුවන් මධ්‍යස්ථානයක් (Transit Hub) වන බැවින්, මෙමඟින් ශ්‍රී ලාංකික සංචාරකයින්ට සහ ව්‍යාපාරිකයින්ට වියට්නාමයේ අනෙකුත් ප්‍රධාන නගර වෙත ප්‍රවේශ වීමට පමණක් නොව, නැගෙනහිර ආසියාව, ගිනිකොණදිග ආසියාව, ඕස්ට්‍රේලියාව ඇතුළු ජාත්‍යන්තර ගමනාන්ත රැසක් වෙත ඉතා පහසුවෙන් සහ අවම පිරිවැයකින් ගමන් කිරීමේ අවස්ථාව උදාවේ.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්