leader s

ඇමරිකාව, යුරෝපය සහ චීනය ඇතුළු රටවල් රැසක ගැනුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් 34 වන ප්‍රදර්ශනය ජනවාරියේදී


"සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට තාක්ෂණික සහ ආයතනික සහාය කඩිනමින් අවශ්‍යයි" - අපනයන සංවර්ධන මණ්ඩලය



ශ්‍රී ලංකාවේ ලෝක ප්‍රකට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමේ ප්‍රමුඛතම වේදිකාව වන ‘FACETS Sri Lanka 2027’ ප්‍රදර්ශනය සඳහා කටයුතු සූදානම් වෙමින් පවතින පසුබිමක, මෙරට මැණික් අපනයන තරඟකාරිත්වය පහත වැටීම සහ පවතින ප්‍රතිපත්තිමය අඩුපාඩු පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය දැඩි කනස්සල්ල පළ කරති.

මෙරට පැරණිතම විදේශ විනිමය උපයන මාර්ගයක් වන මෙම ක්ෂේත්‍රය, දැනට මුහුණ දී ඇති අභියෝග ජය ගනිමින් ඉදිරියට යාම සඳහා දිගුකාලීන ජාතික උපායමාර්ගයක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරේ.

ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ප්‍රදර්ශනයේ භූමිකාව

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරනු ලබන FACETS Sri Lanka ප්‍රදර්ශනයේ 34 වැනි අදියර 2027 ජනවාරි 4 සිට 6 දක්වා කොළඹ Cinnamon Life at City of Dreams පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, මැද පෙරදිග, ඉන්දියාව, චීනය සහ තායිලන්තය ඇතුළු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වෙළඳපොළවල් නියෝජනය කරමින් සියයකට අධික ප්‍රදර්ශකයන් සහ ගැනුම්කරුවන් සහභාගී වීමට නියමිතව ඇත.  

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අක්‍රම් කාසිම් ප්‍රකාශ කරන්නේ, මෙම ප්‍රදර්ශනය ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ගුණාත්මක ප්‍රතිරූපය නැවත තහවුරු කිරීමට ලැබෙන වටිනා අවස්ථාවක් බවයි. එහෙත්, මෙම ප්‍රදර්ශනය හරහා ක්ෂේත්‍රයේ සාර්ථකත්වය තාවකාලිකව ඉස්මතු වුවද, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තරඟකාරිත්වය දැඩි වී ඇති වටපිටාවක අපනයන වර්ධනය තිරසාරව පවත්වා ගැනීමට නම් අභ්‍යන්තර ආයතනික ව්‍යුහයන් ශක්තිමත් කළ යුතු බව ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පෙන්වා දෙති.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන අභියෝග

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මෙහිදී පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ (SME) මැණික් නිෂ්පාදකයන් 100කට අධික සංඛ්‍යාවකට ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශය ලබා දීම වර්තමානයේ පවතින ප්‍රධානතම අවශ්‍යතාවක් බවයි. තාක්ෂණික සහයෝගීතාවයේ පවතින අඩුපාඩු, ප්‍රමාණවත් නොවන ප්‍රවර්ධන වැඩසටහන් සහ සීමිත වෙළඳපොළ ප්‍රවේශය හේතුවෙන් බොහෝ සුළු පරිමාණ අපනයනකරුවන් ගෝලීය වෙළඳපොළ තුළ දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව හෙතෙම සඳහන් කරයි.

මැණික් පරීක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ඇති කිරීම සහ නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් (Public-Private Partnerships) අවශ්‍ය බව ද සභාපතිවරයා පවසයි. වත්මන් ගෝලීය පාරිභෝගික රුචිකත්වයන් වේගයෙන් වෙනස් වන බැවින්, පවතින නීතිමය සහ ආයතනික යටිතල පහසුකම් ඊට සාපේක්ෂව නවීකරණය වී නොමැති බවට ද විවේචන පවතී.

තිරසාර සහ සදාචාරාත්මක මැණික් කර්මාන්තය (Ethical Sourcing)

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය සතු සුවිශේෂී වාසියක් වන්නේ රජය විසින් අනුමත කරන ලද, පරිසර හිතකාමී සුළු පරිමාණ නිල් මැණික් (Sapphire) පතල් කර්මාන්තයයි. ගෝලීය වෙළඳපොළ තුළ වර්තමානයේ පරිසර හිතකාමී සහ සදාචාරාත්මක ලෙස කැණීම් කරන ලද (Traceable & Sustainable) මැණික් සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇත. එම නිසා, ශ්‍රී ලංකාවේ මැණික් ජාත්‍යන්තර වශයෙන් ඉහළ මිලකට (Premium Markets) අලෙවි කිරීමට නම්, මැණික් කැණීමේ සිට පාරිභෝගිකයා අතට පත්වීම දක්වා වූ සැපයුම් දාමයේ විනිවිදභාවය සහ සහතිකකරණය (Certification) සඳහා රජය සහ ආයතන වැඩි වශයෙන් ආයෝජනය කළ යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ නිගමනය වී තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් පවත්වා ගැනීමට කටයුතු කළ ද, FACETS 2027 ප්‍රදර්ශනයෙන් ලබා ගන්නා ප්‍රවර්ධන සාර්ථකත්වය, දිගුකාලීන අපනයන වර්ධනයක් බවට පරිවර්තනය කිරීමට නම් ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් තාක්ෂණික, මූල්‍ය සහ ආයතනික වශයෙන් ඒකාබද්ධ වූ ජාතික උපායමාර්ගයක් කඩිනමින් සකස් කළ යුතුව ඇත.  

(සටහන | සම්පත් ධීරසේකර )

මුලාශ්‍රය :

Sri Lanka's Gem Industry Faces Export Slump amid Policy Gaps

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්