leader s

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයට IFC ලබා දුන් පළමු තිරසාර පරිසර හිතකාමී ණය පහසුකම

නෞකාවලින් භාණ්ඩ හුවමාරු කිරීමේ කාර්යක්ෂමතාව 11%කින් ඉහළ නැංවීමට සහ බලශක්ති පිරිවැය අවම කිරීමට පියවර

ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මුදල් සංස්ථාව (IFC) සහ HSBC බැංකුව එක්ව කොළඹ වරායේ 'දකුණු ආසියානු ගේට්වේ ටර්මිනල්ස්' (SAGT) සමාගමේ මෙහෙයුම් නවීකරණය සහ කාබන් විමෝචනය අවම කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක මූල්‍ය ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

මෙරට නාවික වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන කොළඹ වරායේ තරගකාරීත්වය, නම්‍යශීලීභාවය සහ තිරසාර බව ඉහළ නංවමින්, දකුණු ආසියාවේ ප්‍රමුඛතම ප්‍රතිනැව්ගත කිරීමේ (Transshipment) මධ්‍යස්ථානය ලෙස එහි පවතින ස්ථානය තවදුරටත් තහවුරු කිරීම මෙම ආයෝජනයේ ප්‍රධාන අරමුණයි.

ණය පහසුකමේ ස්වභාවය සහ ව්‍යාපෘති ඉලක්ක

මෙම ආයෝජන පැකේජයට IFC වෙතින් ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක තිරසාරභාවය හා බැඳුණු ණය පහසුකම (Sustainability-linked loan) ඇතුළත් වන අතර, ඊට IFC හි 'කළමනාකරණය කළ සහ-ණයදීම් වැඩසටහන' (MCPP) හරහා රැස්කළ ඩොලර් මිලියන 8.57ක මුදලක් ද අයත් වේ. ඊට සමගාමීව HSBC බැංකුව මඟින් ඩොලර් මිලියන 20ක හරිත ණය පහසුකමක් (Green loan) ලබාදීමට කටයුතු යොදා ඇත.

මෙම මුදල් යොදවා ගනිමින් උසස් තාක්ෂණයෙන් යුතු 'ට්වින්-ලිෆ්ට්' (Twin-lift) වර්ගයේ නෞකාවල සිට ගොඩබිමට භාණ්ඩ හුවමාරු කරන දොරටුපාල කොකු (Ship-to-shore cranes) ලබාගැනීමට නියමිතය. එමඟින් මෙහෙයුම් විශ්වාසනීයත්වය වැඩිදියුණු වන අතර බලශක්ති භාවිතය සහ කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අවම කරගත හැකි බව සඳහන් වේ.

මෙම නවීකරණයත් සමඟ SAGT පර්යන්තයේ ගොඩබිම් පාර්ශ්වීය මෙහෙයුම් කාර්යක්ෂමතාව අවම වශයෙන් 11%කින් ඉහළ යනු ඇති අතර, ප්‍රතිනැව්ගත කිරීම් මෙන්ම දේශීය බහාලුම් මෙහෙයවීමේ ධාරිතාව ද පුළුල් වනු ඇත. තවද, මෙම ක්ෂේත්‍රය තුළ කාන්තාවන් සඳහා පවතින නියෝජනය ඉහළ නංවමින් අලුතින් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට ද පියවර ගැනේ.

IFC දශක දෙකකට පසු වරාය ක්ෂේත්‍රයට

මෙය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සමාගමකට ලබාදුන් ප්‍රථම 'තිරසාරභාවය හා බැඳුණු ණය පහසුකම' වන අතර, වසර විස්සකට පසුව IFC සංස්ථාව ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ ආයෝජනයකට එක්වූ පළමු අවස්ථාව ද වේ. 1999 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම Public-Private Partnership (PPP - රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය ) බහාලුම් පර්යන්තය ලෙස SAGT ආරම්භ කිරීමේදී ද IFC ඊට මූල්‍ය සහාය ලබා දී තිබිණි.

ගෝලීය ප්‍රධාන නාවික මාර්ග රැසක හන්දියක පිහිටා ඇති ශ්‍රී ලංකාව ආසන්නයෙන් ලෝකයේ සමස්ත බහාලුම් ප්‍රවාහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සිදු වන අතර, ශ්‍රී ලංකාවේ දදේනියෙන් (GDP) 2.5%ක පමණ දායකත්වයක් නාවික හා සැපයුම් ක්ෂේත්‍රය මඟින් සපයනු ලබයි.

අංශ ප්‍රධානීන්ගේ අදහස්

SAGT සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීන් කනුඩ්සන් (Steen Knudsen) ප්‍රකාශ කළේ, ලෝක මට්ටමේ යටිතල පහසුකම් වෙනුවෙන් සිදුකරන මෙම ආයෝජනය හරහා කොළඹ වරායේ කලාපීය නායකත්වය තවදුරටත් තහවුරු වන අතර, පරිසර හිතකාමී හා තිරසාර වර්ධනයක් උදෙසා තම සමාගම කැපවී සිටින බවයි.

ලෝක බැංකු සමූහයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින භාර ප්‍රධානී ගෙවෝර්ග් සර්ග්සියන් (Gevorg Sargsyan) පෙන්වා දුන්නේ, වෙළෙඳාම සක්‍රිය වන විට ආර්ථිකය ද වර්ධනය වන බවත්, මෙවැනි නව්‍ය මූල්‍ය ආයෝජන මඟින් රටේ ප්‍රධාන ආර්ථික සම්පත් නවීකරණය කරමින් දීර්ඝකාලීන තිරසාර වර්ධනයක් ළඟා කරගත හැකි බවත්ය.

එසේම HSBC ශ්‍රී ලංකා ආයතනික බැංකුකරණ අධ්‍යක්ෂ අමේෂ් දිසානායක සඳහන් කළේ, නාවික හා සැපයුම් ක්ෂේත්‍රය අඩු කාබන් විමෝචන අනාගතයක් කරා ගෙන යාම සඳහා මෙවැනි හරිත ණය පහසුකම් හරහා ප්‍රායෝගික සහ මැනිය හැකි යහපත් ප්‍රතිඵල අත්කර දීමට HSBC කැපවී සිටින බවයි.

මෙම ආයෝජනය ශ්‍රී ලංකාව වෙනුවෙන් වන ලෝක බැංකු සමූහයේ 'රාජ්‍ය හවුල්කාරිත්ව රාමුව (Country Partnership Framework) සමඟ ද සමපාත වන අතර, ශ්‍රී ලංකාව කලාපීය ප්‍රමුඛතම සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ගෝලීය වෙළෙඳ ජාලය සමඟ බද්ධ කිරීමට මින් සහාය ලැබෙනු ඇත.

hkhdjfrr

මුලාශ්‍රය :

IFC and HSBC to invest $ 40 m in SAGT

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්