leader s

*ලංකාවේ ප්‍රමුඛ සන්නාම 100යේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 652ක් දක්වා ඉහළට: 2019 අගයන් ද අභිබවා යයි


*වටිනාකමින් 42%ක්ම බැංකු ක්ෂේත්‍රයට: ආර්ථික ස්ථාවරත්වය හමුවේ ක්ෂේත්‍ර විවිධාංගීකරණයේ හදිසි අවශ්‍යතාවක්

අර්බුදයෙන් පසු සන්නාම වටිනාකමේ වාර්තාගත වර්ධනය

ලෝක ප්‍රකට සන්නාම ඇගයීමේ උපදේශන ආයතනයක් වන Brand Finance හි 'Sri Lanka 100 2026' නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සන්නාම 100 හි සමස්ත වටිනාකම සියයට 17ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 652ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2019 වසරේ පැවැති රුපියල් බිලියන 630ක අගය ද අභිබවා ගිය සර්වකාලීන ඉහළම වාර්තාවයි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම මූල්‍ය අර්බුදයෙන් පසුව ආයෝජක විශ්වාසය සහ පාරිභෝගික තෘප්තිය යළි ගොඩනැගෙමින් පවතින බවට මෙය ප්‍රබල සංඥාවකි. ණය ප්‍රතිව්‍යුහගතකරණය, උද්ධමනය පාලනය වීම සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය හමුවේ මෙරට ප්‍රමුඛ සමාගම් එම ස්ථාවරත්වය වාණිජ වටිනාකම් බවට පරිවර්තනය කිරීමට පටන් ගෙන ඇති බව මෙම දත්ත සනාථ කරයි.

බැංකු ක්ෂේත්‍රයේ ආධිපත්‍යය සහ ප්‍රමුඛ ආයතන

කෙසේ වෙතත්, මෙම සන්නාම වර්ධනයේ වැඩි බරක් එකම ක්ෂේත්‍රයක් මත රැඳී පැවතීම කැපී පෙනෙන ලක්ෂණයකි. සමස්ත සන්නාම වටිනාකමෙන් සියයට 42ක්, එනම් රුපියල් බිලියන 275ක් නියෝජනය කරන්නේ මෙරට බැංකු ක්ෂේත්‍රයයි. ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරින් 6ක්ම බැංකු ආයතන වීම මගින් අර්බුදයෙන් පසු මූල්‍ය පද්ධතිය ගොඩනැගීමේදී එම ක්ෂේත්‍රය ඉටුකළ කේන්ද්‍රීය කාර්යභාරය පැහැදිලි වේ.

ලංකා බැංකුව :
රුපියල් බිලියන 65.5ක වටිනාකමක් වාර්තා කරමින් අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය බවට පත් විය.

කොමර්ෂල් බැංකුව:
සන්නාම වටිනාකම සියයට 18කින් ඉහළ නංවා ගනිමින් රුපියල් බිලියන 54.9ක අගයක් සමඟ දෙවන ස්ථානය තහවුරු කර ගත්තේය.

සම්පත් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව:
PayPal මුදල් ආපසු ගැනීමේ පහසුකම් හඳුන්වා දෙමින් සම්පත් බැංකුව සිය ඩිජිටල් සන්නාමය ශක්තිමත් කළ අතර, HSBC හි සිල්ලර බැංකු ව්‍යාපාරය අත්පත් කර ගැනීමත් සමඟ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සියයට 35ක ඉහළ සන්නාම වර්ධනයක් වාර්තා කළේය.

ඩිජිටල් තාක්ෂණය, AI සහ අනාගත ආර්ථික අභියෝග

Brand Finance Lanka සභාපති රුචි ගුණවර්ධන සඳහන් කළේ පූර්ව අර්බුද මට්ටම අභිබවා යාම මූල්‍යමය සැමරුමකට එහා ගිය ආර්ථික විශ්වාසයේ සලකුණක් බවයි. කෙසේ වෙතත්, ඉදිරි ආර්ථික වර්ධනය හුදෙක් බැංකු ක්ෂේත්‍රය මත පමණක් රඳා පැවතිය නොහැකි බවත්, නිෂ්පාදන, සංචාරක, අපනයන, විදුලි සංදේශ සහ තාක්ෂණික ක්ෂේත්‍රයන් හිද මෙවැනිම ප්‍රගතියක් අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

නවීන ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ කාර්යක්ෂම ගෙවීම් පද්ධති භාවිත කරන සමාගම් පාරිභෝගික පක්ෂපාතීත්වය ඉහළ නංවා ගනිමින් තරගකාරීත්වයේ ඉදිරියෙන්ම සිටින බව වාර්තාව පෙන්වා දෙයි. සමස්තයක් ලෙස මෙම දත්ත මගින් ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම්වල පවතින ශක්තිමත් භාවය පෙන්නුම් කළද, ආර්ථිකයේ අනාගත තිරසාරභාවය උදෙසා නාගරික හා කාර්මික ක්ෂේත්‍රයන් හි පුළුල් විවිධාංගීකරණයක අවශ්‍යතාව මනාව පැහැදිලි කරයි.


(සටහන | සම්පත් ධීරසේකර )

මුලාශ්‍රය :

Sri Lanka's Top Brands Signal Strong Recovery beyond Economic Crisis
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්