(The Leader TV දිනපතා දේශපාලන ගොසිප් විශේෂාංගය)


21 ට බාලගිරි දෝෂය - බැසිල් බෑ කියයි - ගෝඨා සහ විමල්ලා එක මතයක!


21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට බාලගිරි දෝෂය ලබන්න අරගෙන. මොකද 21 ට අදාළ යෝජනාවලියක් ඊයේ පැවැත්වුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එහිදී අමාත්‍යවරුන් කියලා තියෙන්නේ අදාළ යෝජනා අධ්‍යයනයට සතියක කාලයක් දෙන්න කියලා. ඒ වගේම   දේශපාලන පක්‍ෂ හා සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ඇතුලත් කර මීලග කැබිනට් හමුවට ඉදිරිපත් කරන්නත් යෝජනාවක් ඇවිත්. ඒ කියන්නේ 21 තවත් කල් යන ලකුණු තමයි පෙන්නුම් කරන්නේ.

21 මේ ආකාරයට දිගින් දිගටම කල්යන්නේ එහි ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර අහිමිවීමට අදාල කාරණයට බැසිල් ඇතුළු ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් එල්ලවී ඇති බලපෑම නිසා කියලයි කියන්නේ. නමුත් පොදුජන පෙරමුණම ඒ අදහසේ නෑ. ඒ නිසා මේ වෙනකොට 21ට එරෙහිව අදහස් දක්වමින් ඉන්නේ සරත් වීරසේකර සහ සාගර කාරියවසම් විතරයි.

බැසිල්වාදී සාගර කාරියවසම් දිගටම කියන්නේ, ජනතාවගේ මුලික ප්‍රශ්නය වී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධන නෙවෙයි පෝලිම් කියලයි.  ජනතාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදී සිටියදී ව්‍යවස්ථා සංශෝධනවලට කාලය මිඩංගු කිරීම ජනතාවට කරන දෝහිකමක් බවත් සාගර කියනවා.


කෙනෙකුට එක පාරටම හිතෙන්න පුළුවන් සාගරලා කියන්නේ ඇත්ත නේද කියලා. ඒත් ප්‍රශ්නයක් තියනවා. විචාරකයන් කියන විදිහට  2019 දී මහා බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 7500කට වැඩි සංචිතයක් තිබුණා. අනෙක් බැංකු සතුව ඩොලර් මිලියන 2000ක් පමණ තිබුණා. නමුත් වසර දෙකක් තුල  රටේ සංචිත බින්දුවටම හිඳීගියේ ජනාධිපතිගත් තනි තීන්දුවක් නිසා. ඒ වගේම තමයි මේවනවිට රට සාගතයක අනතුරකට ලක්ව ඇත්තේ කාබනික පොහොර සම්බන්ධයෙන් ඔහු විසින් ගත් හිතුවක්කාරී තීන්දුවක් නිසා. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට’ යාම පමා කිරීමේ වරද ඔහු දැන් පටවන්නේ PB හා කබ්රාල් වෙත. එතකොට ජනාධිපතිට මේ කිසිම දෙයක් ගැන වගකීමක් , වගවීමක් නැද්ද ?


ජනාධිපති බලතල කප්පාදුවක් කිරීමට ඒ හිතුවක්කාරී ක්‍රියා දෙක තුන වුවත් ප්‍රමාණවත් නැද්ද ?

ඒ වගේම තමයි , 21 වන සංශෝධනය පමාවිමට බැසිල්වාදීන් පමණක් නෙවෙයි  විමල්ලාගේ පක්ෂ 09 සන්ධානය ද විරුද්ධ බවක් දැන් දැන් පැහැදිලිවෙමින් තියනවා. ඔවුන් කියන්නේ ජනාධිපතිවරයාගේ බලතල කප්පාදුවට ඉඩනොදිය යුතු බවයි. දැන් වෙනකොට ජනාධිපතිත් ඒ ස්ථාවරයට මාරු වෙලා.

පසුගියදා ජනාධිපතිවරයාගේ කටින්ම ඒ බව එලියට පැන්නා.  ඒ බ්ලුම්බර්ග් (Bloomberg)  පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවේදී.


'' ජනාධිපති ක්‍රමයක් පවතින්නේ නම් ඔහුට සියලු බලතල ලැබිය යුතු බව" තමන්ගේ පෞද්ගලික මතය බව ඔහු කියනවා.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ එසේත් නැති නම් පාර්ලිමේන්තු පාලනය ඉවත් කළ යුතු බව කියන ජනාධිපති ගෝඨාභය  එම දෙකෙහි මිශ්‍රණයක් පැවතිය නොහැකි බවත් කියනවා. ඒ වගේම ඔහු කියනවා, “මම මේක කිව්වම මිනිස්සු මට දොස් කියන්න පුළුවන් නමුත් ඒක තමයි ඇත්ත,” කියලා.


ජනතාවට පොරොන්දුවක් දුන්න නම් ඉටුකරන්න - ඩලස් ගෙන් බරබරයක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔය විදිහට 21 ගැන වංගුවක් ගන්න අතරේ,  ඊයේ, ඒ කියන්නේ ජුනි  (06) රාත්‍රියේ  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමත් පැවැත්වුණා.

 හැබැයි එතැනදී 21 ට වඩා කතාබහට ලක්වුණේ එදිනෙදා  කටයුතු ගැන, .. කාංචන ඇමතිතුමා ඉන්දන තත්වය ගැන කතාකලා. මහින්ද අමරවීර සාගතයට මුනදෙන්න හදල තියන ප්ලෑන්  එක කතාකලා. නිමල් සිරිපාල කතාකලේ රුසියානු ගුවන් යානාව රඳවා ගැනීම ගැන. ඒ කතා වලට වැඩි කාලයක් ගතවෙලා ගියා.

ඊට පස්සේ තමයි 21 එක ගැන කතාව පටන් අරන් තියන්නේ. විජේදාස අධිකරණ ඇමතිතුමා තමයි  21 ගැන කතාව පටන් අරගෙන තියෙන්නේ. එහිදී  සරත් විරසේකර කෙලින්ම 21ට විරුද්ධව කතාව පටන් අරන්.. ඔහු කියලා 21 ගැන කතාව මාස  6ක් කල්දාමු ,පෝලිම් ඉවර කරලා ව්‍යවස්ථා ගැන කතාකරමු කියලා.

ඔය වෙලාවේ ඩලස්ට හොඳටම කේන්ති ගිහින්. කේන්ති පිටම ඩලස් කිව්වා කියන්නේ ., '' 21 ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා කියල ජනතාවට කිව්වේ ජනාධිපතිතුමා. අපි ජනතාවට පොරොන්දුවක් දුන්න නන් එක  ඉටුකරන්න ඕන..  දැන් ව්‍යවස්ථා කල් දාන්න කතා කලොත් නැති ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්" කියලා.


රොෂාන් රණසිංහත් මෙතැනදී යෝජනාවක් කරලා. පුද්ලයින් ඉලක්කකරගෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන්න එපා කියලා. කොහොමටත් පොදුජන පෙරමුණේ උදවිය කියන විදිහට,  මිට ඉස්සෙල්ල ද්විත්ව පුරවැසියන්ට බෑ කියල වගන්තියක් ගෙනාවේ බැසිල් ටාගට් කරලා. ජනාධිපතිකම දෙපාරකට වඩා බෑ කිව්වේ මහින්ද ටාගට් කරලා. 35කට අඩු කෙනෙකුට ජනාධිපති තරඟෙට එන්න බැ කිවේ නාමල් ගැන හිතල වෙන්න ඇති. ඒ නිසා ජනාධිපති ගෝඨාභයට බලපාන විදියට අමාත්‍යංශ තියාගන්න වගන්ති ගෙන්න ඕන නැහැ කියලත් , රොෂාන් ඇමතිතුමා කරපු යෝජනාවෙත්  ගතයුතු යමක් තියනවා..


සමෘද්ධි ජගත්ට ජනපතිගෙන් දෝස්මුරයක් - අධිකරණයට ඇඟිලි ගහන්න බැ කියල

ඔය අස්සේ ජගත් කුමාර මන්ත්‍රීතුමා , ආණ්ඩුවේ කරන වැඩ ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කරන්නේ නෑ  කියල චෝදනාවක් කරලා. ඒ කියලා තියෙන්නේ , රුසියන් ගුවන්යානය රඳවා ගත්තු එක ගැන. මේ කතාව ටික වෙලාවක් අහගෙන හිටපු ජනාධිපතිතුමාට අසුහාරදහට නැග්ගාලු. ආය ජගත්ට  බැනගෙන බැනගෙන ගිහින්. මට ඔය අධිකරණ කටයුතුවලට ඇඟිලි ගහන්න බැ කියල. '' මම කවදාවත් අධිකරණ කටයුතු වලට ඇඟිලි ගහල නැ . ඉස්සරහට එහෙමයි..'' ජනාධිපතිතුමා කියල.

කට්ටිය නම් පස්සේ කතා වුනා කියන්නේ,  ව්‍යවස්ථා කතා අහගෙන ඉඳල ටෙන්ෂන් එකඅන්තිමේ ජගත් පිටින් ගියා කියලා. ජගතුත් ඔලුව වනලා හිත හදාගත්තලු.


මිස්ටර් කූල් බිලි පිත්තක් අරන්

sawere

මේ වෙනකොට ආණ්ඩු පක්ෂයේ  දුක් ගන්න රාල වෙලා ඉන්නේ අගමැති රනිල්. මොකද ,මන්ත්‍රීලගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ. ජනාධිපතිව හම්බවෙන්න බෑ. . මහින්ද හැංගිලා වගේ ඉන්නේ .. දැන් අවුට් ඔෆ් ඩේට් .. බැසිලුත් දැන් කොන් වෙච්ච සයිස් එකක් තියන්නේ.

ඉතින් දැන්  ආණ්ඩු පක්ෂ රැස්වීමට ඉස්‌ ඉස්සෙලම වගේ එන්නේ අගමැති රනිල් ලු. ආපු වෙලාවේ ඉඳන් මන්ත්‍රීවරුන් එක්ක කුටු කුටු ගානවා ලු,, මොනවද වෙන්න ඕන කියල අහනවා ලු.. කට්ටියට පුදුම ලු.. මෙච්චර දවසක් ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි අඩුම තරමින් බැසිල් හරි මේ විදියට මන්ත්‍රී වරු ලඟට ගිහින් කතාකරල නැතිලු.. ආරංචි විදියට ප්‍රසන්නගේ නඩු තීන්දුව ගැනත් මුලින්ම හොයල බලල තියන්නේ අගමැති තුමා ලු.

දැන් කට්ටිය කියන්නේ ආණ්ඩු පක්සේ ජනප්‍රියම නායකයා රනිල්ලු. රනිල් මේ මොකට ද එන්නේ කියල බැසිල්ලත්  බලාගෙන ඉන්නේ හොල්මන් වෙලාලු. තව ටිකක් බලාගෙන ඉන්න තියෙන්නේ,  එතකොට පෙනෙයි කියලා තමයි කියන්න තියෙන්නේ.


රනිල් , ප්‍රසන්න සමග තරහවෙලා හිටපු ලංසා යාළුකරපු හැටි...


 කොච්චර සෝෂල් පොරක් වුණත්, මැති ඇමතිවරුන් එකම දිස්ත්‍රික්කයේ නම් ඇයි හොඳයි තියාගන්න අමාරුයි. ඒ මේ මනාප පොරය නිසා. ඉතින් කොයි දිස්ත්‍රික්කයේ වුණත් නයි මුගටි ටයිප් මැති ඇමතිලා අඩුවක් නෑ. ගම්පහ මේකට ප්‍රසිද්ධ දෙන්නා තමයි නිමල් ලන්සා සහ ප්‍රසන්න රණතුංග.

දෙන්නා කාලෙක ඉඳලා ඔරොප්පු මූඩ් . දෙන්නා අතර මේ නොහොඳ නෝකඩුව දිනෙන් දින වැඩි උනා මිස අඩු වුනේ නෑ. ඒත් පහුගියදාක දෙන්නගේ මේ ඔරොප්පුව ඉවර කරලා දෙන්නා යාලු කරන්න ප්‍රබලයෙක් මැදිහත් වෙනවා. ඒ තමයි අගමැති රනිල් වික්‍රමසිංහ. පහුගිය ජුනි 4 වෙනිදා තමයි නැකත තිබිලා තියෙන්නේ.

ඉතින් එදා ප්‍රසන්න සහ ලන්සා දෙන්නවම අගමැති කාර්යාලයට ගෙන්නපු රනිල් පරණ කෝන්තර අවසන් කරලා දෙන්නව යාලු කරලා.දැන් දෙන්නා හොඳ යාලුවෝ හොඳේ . ඒ කොච්චර තද යාලුකමක්ද කියනවා නම්, ප්‍රසන්නගේ නඩුව වෙලාවේ තනියට අධිකරණයට ඇවිත් තිබුණේ නිමල් ලන්සා.

ලන්සා නම් කොහොමත් පහුගිය ටිකේ, එක්කෝ අගමැති ළඟ නැත්නම් වජිරගේ ගෙදර. ඉස්සරහට ඉතින් ප්‍රසන්නත් ඒ එක්ක ඉන්න පුළුවන්. ඔන්න පුදුම වෙන්න දෙයක් නෑ, අපි වේලාසනින්ම කියල තියෙන්නේ.


ලලිත් වීරතුංගත් ඉල්ලා අස්වෙච්ච කතාව බොරු ලු.. !

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඉල්ලා අස් වූ බවට පැතිර යන කතා සේරම අසත්‍ය බව ජනාධිපති කාර්යාලය කියනවා.

ඒත් දින කිහිපයක ඉඳලා සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ මේ කතාව පැතිර යනවා. ඉතින් ලලිත්ගෙන්ම අහලා බැලුවා මේ කතාවේ ඇත්ත නැත්ත ගැන. එතකොට ලලිත් කිව්වේ ඒ කතාව බොරුවක් කියලා. නමුත් නොවැලක්විය හැකි හේතුවක් නිසා තමන්ට පහුගිය සති දෙකක් විතර කාර්යාලයට එන්න බැරි වුනා කියලත් ලලිත් කිව්වා.

දැන් ඉතින් ලලිත් නම් ආයෙත් ආවා කියමුකෝ ! ඒත් ඉතින්  ජනාධිපතිතුමා දවසින් දවස තනි වෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. සහෝදර සමාගමේ අයත් ජනාධිපතිව අත්හැරලා. දිලිත් වගේ යාළුවොත් යන්න ගිහින්.. මාධ්‍ය අංශයට ගත්තු සමහරු පැදුරටත් නොකියම යන්න ගිහින්.  පේන්න තියන විදිහට නම්  දැන් ඉතුරුවෙලා ඉන්නේ සුගිශ්වරයි - සලෙයි විතරයි වගේ.


ගම්මන්පිල එලවපු අලි සබ්රිගේ සොයුරා තෙල් සංස්ථාවට !

ජනාධිපතිවරයා විසින් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහමඩ් උවයිස් පත් කරලා. මොහමඩ් උවයිස්, කියන්නේ  හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ සොහොයුරා.

 ඔහු කලක් සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ලෙස කටයුතු කළා..ඒත් එවකට  බලශක්ති අමාත්‍යවරයාව සිටි උදය ගම්මන්පිල විසින් ඔහුව එම සභාපති ධුරයෙන් ඉවත්කරා.  ඒ ඔහුට එරෙහිව ඇති අයතා ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙතත්  කරුණු ඉදිරිපත් කරලා. මොනවා කරන්නද නේද ගම්මන්පිළ, විධායක ජනාධිපතිනේ පත්කිරීම කරලා තියෙන්නේ.


සමගි ජන බලවේගය ඇතුලේ තවත් අවුලක් – ෆොන්සේකා අලුත් පක්ෂයක් හදන්න සාකච්ඡා !
 
සමගි ජන බලවේගයටත් හරි වැඩ වෙන්නේ. දේශපාලන ආරංචි මාර්ග කියන විදිහට  ඔන්න දැන් සජබ සභාපති හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා අලුත් දේශපාලන පක්ෂයක් හදන්න මන්ත්‍රී කණ්ඩායමක් එක්ක එක දිගට  සාකච්ඡා කරමින් ඉන්නේ.

සජිත් ප්‍රේමදාස සමග ඉදිරි දේශපාලන ගමනක් නෑ කියලා තමයි ෆොන්සේකා මේ අලුත් පක්ෂය හදන්න සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ.  ඒ මතයේ ඉන්න සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සමග තමයි දැනට මූලික සාකච්ඡා යනවා කියන්නේ.

කොහොමටත් පහුගිය දවස් වල ෆොන්සේකා කිව්වේ, සජබයේ දෙවනියා තමන් කියලා. ඒ අස්සේ යන ඊළඟ කතාව තමයි ෆොන්සේකා හදන්න යන මේ අලුත් පක්ෂයේ ඉහළ තනතුරක් ශවේන්ද්‍රට වෙන් කරලා කියලා. මේ වෙනකොට රටම දන්නවා ශවේන්ද්‍ර අරගලයට සහය දක්වමින් රාජපක්ෂලාව අනතුරේ දැම්මා කියලා, රාජපක්ෂ පවුලේ බරපතල විවේචනයක් තියෙනවා. දේශපාලන ආරංචි මාර්ග අනුව ඒ නිසා තමයි ශවේන්ද්‍රට හමුදාපති තනතුර අත්හරින්න වුණේ.

දැන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වුණත් ටික දවසකින් එතනින් එළියට බහින්න වෙන තත්වයක්ලු තියෙන්නේ. ඒ කියන්නේ ෆොන්සේකාට වුණා වගේ වැඩක් තමයි ශවේන්ද්‍රට රාජපක්ෂලාගෙන් වෙන්න යන්නේ. කොහොම හරි එලියට ආවහම ශවේන්ද්‍ර ෆොන්සේකාට එකතු වෙන්න වැඩි ඉඩක් තියනවා කියලත් ඒ ආරංචි මාර්ග කියනවා.


මොකද හමුදාවේ ඉන්නකොට ඩබල් ප්‍රමෝෂන් දීලා ශවේන්ද්‍ර උඩට අරගෙන පොරක් කරේ ෆොන්සේකා. ෆොන්සේකාගේ ගේම් ප්ලෑන් හොඳට ප්ලේ කරලා ශවේන්ද්‍රත් නම හදාගත්තා. ඒ වගේම තමයි, පහුගිය කාලයේ විපක්ෂය හිටු කියලා ශවේන්ද්‍රට ගහනකොට ෆොන්සේකා මීක් කියලා නෑ. ඒ වගේම හැම වෙලාවේම ශවේන්ද්‍රව ආරක්ෂා කරලා. අන්න ඒ නිසා තමයිලු ශවේන්ද්‍ර ෆොන්සේකාගේ අලුත් පක්ෂයට යන්න වැඩි ඉඩක් තියෙන්නේ. මේවා ඉතින් ලූ හොඳේ !



ජනපතිගෙන් අලුත් ඇමතිවරුන්ට බැරියර් එකක් !


රාජපක්ෂවරුන් බංකර් වලින් ටික ටික එලියට එනකොට ජනාධිපතිගෙත් බැරියර් වැඩිවෙන්න අරගෙන කියලා , දේශපාලන විචාරකයන් කියනවා. ඒකට සමීප අවස්ථාවක් විදිහට විචාරකයන් කියන්නේ, පූර්ව දැනුම්දීමකින් තොරව රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් නොකරන්න කියලා  ජනාධිපති කාර්යාලය විසින් සියලු  අමාත්‍යාංශ ලේකම්වරුන්ට සිදුකර ඇති දැනුම්දීම.

ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්  සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවලා කියලත් දැනගන්න තියනවා.

මෙහිදී විචාරකයන් කියන්නේ,  පාර්ලිමේන්තු පණත් මගින් පිහිටුවා ඇති සංස්ථා- මණ්‌ඩල වල  , ඒ පණත් මගින්ම සභාපතිවරු- අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික යන් පත්කිරීමේ / ඉවත්කිරීමේ බලය ඇත්තේ කාටද  / පත්වීමක කාලය කොපමණද යන්න සඳහන් කියලා. ඒ නිසා ඒ නීති ඉක්මවා ජනාධිපති ක්‍රියාත්මක වෙලා කියලයි විචාරකයන් චෝදනා කරන්නේ. ජනාධිපතිට එහෙම බලයක් නෑ කියලත් ඔවුන් කියනවා.

ජනාධිපතිට මෙහෙම බලයක් තියනවද ? මේ වගේ කරුණු සාකච්ඡාවට එන එක හොඳයි. මොකද එතකොට සමාජය මේවා ගැන දැනුවත් වෙනවා සහ ප්‍රතිචාර දක්වනවා.


සෝභිත  හිමිගෙන් ටිකක් සැර අනුශාසනයක් !


ඔය අතරේ මාදුළුවාවේ සෝභිත  හිමිත් ටිකක් සැරට වගේ අනුශාසනයක් කරනවා. සෝභිත හාමුදුරුවෝ කියනවා , ජනතාව ඇවිස්සෙන්න කලින් වහාම 21 සම්මත කරන්න කියලා.

ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා අවශ්‍ය වන දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීමට නම් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් සම්මත කර ගන්නම ඕන බවයි  ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගේ ස්ථාවරය වෙලා තියෙන්නේ.

එම නිසා තවදුරටත් ප්‍රමාද නොකර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගැනීමට මන්ත්‍රීවරු වගබලා ගත යුතුව ඇති බවත්  සෝභිත හාමුදුරුවන් කියනවා.

අද දවසේ රට පත්ව තිබෙන තත්ත්වයට වගකිව යුතු වන්නේ ද මෙම මැති ඇමතිවරුන් නිසා  එය නිවැරදි කර ගැනීමට දැන් හෝ සිය යුතුකම ඉටු කළ යුතුව ඇති බවත් එසේ නොවන්නේ නම් මහ ජනතාවගේ ප්‍රතික්‍රියාවන්ට ඔවුන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් උන්වහන්සේ කියනවා.

ඔබටත් ඇති මේ ගැන අදහස්. ඒ අදහස් කමෙන්ට් හරහා බෙදාගන්න. ඒ අතරේ අනිවාර්යයෙන් මීටරෙන් ඉන්න.


රට වෙනුවෙන් එකතුවන්න 

 

{gallery}radicalcenter2022531{/gallery}

  

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්