ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දීම් ලද ඇතැම් ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින්

ඉල්ලා අස් නොවීමට තීන්දුකර ඇති බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වෙයි.

අධිකරණ ක්ෂේත්‍රයේ හිටපු ප්‍රබලයෙකු සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇති බව ද සඳහන්ය.

ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවන්නේ නම්, ඒ කිසිවකු ඉවත් කිරීමට ව්‍යවස්ථානුකුල ප්‍රතිපාදන නොමැති බව එම නීති විශාරදයා පැහැදිලිකර දී ඇතැයි ද පැවසේ.

ඒ අනුව, නැගෙනහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්නොවිමට තීන්දුකර ඇතැයි වාර්තා වෙයි.

නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සඳහා ධුරවලින් අස්වන ලෙස පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී දැනට දින කිහිපයක් ගත වෙයි.

ආණ්ඩුකාරවරු අස්නොවුනොත් මොකද කරන්නේ ? පහත වීඩියෝව බලන්න

 

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්