ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහණවී ඇතැයි රාවයක් පැතිරයමින් තිබේ.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුයේ, ITN නාලිකාවේ විකාශනය වන ජගත් මනුවර්ණගේ 'කොඩි ගහ යට' ටෙලි නාට්‍යයේ හාමුදුරු කෙනෙකුගේ චරිතයට පනපෙවිමට උපුල් කුමරප්පෙරුම තෝරාගෙන ඇති බවයි.

නීතිඥ උපුල් කුමරප්පෙරුම මිට වසර 30කට පමණ ඉහතදී 'ජුලිය' , 'මයා දොරටු' වැනි යොවුන් නාට්‍ය ගණනාවක රංගන ශිල්පියකු ලෙස සිය ප්‍රතිභාව ප්‍රදර්ශනය කල අයෙකි.

1993 වසරෙදී ඔහු රඟපෑ ධනංජය කරුණාරත්නගේ 'ජුරිය' නාට්‍යයට යෞවන රාජ්‍ය සම්මානයද හිමිව තිබිණ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේය.

මෙහි අනෙක් භික්ෂු චරිතය නිරුපණය කරන්නේ ජාතික ජන බලවේගයේ නීතිඥ  සුසන්ත දොඩාවත්තයි.

Upul 2023.07.04

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්