අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සංග්‍රහය සමගි ජන බලවේගය

මන්ත්‍රීවරුන් වර්ජනය කළ ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එම සංග්‍රහයට සහභාගී වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙලිකලා.

සිය පාර්ලිමේන්තු කණ්ඩායම සංග්‍රහය වර්ජනය කරන බව සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය කටයුතු කර තිබුණා.

එහෙත් අදාළ මන්ත්‍රීවරයා එය නොලැබුන ගානට ජනාධිපතිවරයා විසින් ලබා දුන් දිවා භෝජන සංග්‍රහයට සහභාගී වී සිටියා.

ආණ්ඩු පක්ෂය පක්ෂයේ මැති ඇමතිවරුන් එහිදී එම මන්ත්‍රීවරයා දෙස බලමින් පවසා පැත්තේ අයවැය කතාවේදී කීප වරක්ම නම කියැවුණ නිසා එයින් උද්දාමයට පත්ව ඔහු එම භෝජන සංග්‍රහයට පැමිණ ඇති බවයි.

(asianmirror.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්