ලිංගිකය (sex) ස්වභාවික ය. ලිංගිකත්වය (sexuality) අස්වාභාවික ය. ඒ කියන්නේ ලිංගිකත්වය සංස්කෘතික ය. ලිංගිකය ස්වභාවික නිසඟයෙන් මෙහෙයවන්නකි.

ලිංගිකත්වය මොලයේ ඇති භාෂා ව්‍යූහයකින් මගපෙන්වා ගොඩනංවන ලද දෙයකි. ඒ නිසාම ලිංගිකත්වය රෝග ඇති කිරීමට හේතුවෙයි.
ලිංගිකය මොලයට විතරක් අදාළ වුනහම, එය ලිංගිකත්වය බවට වෙස් මාරු කරගනී.

ඒත් ලිංගිකය අදාළ මුළු ශරීරයට ම ය.

දැන් බලන්න!

sexuality 960x675

හිස හෝ මොළය කියන්නේ sexවල සැබෑ කේන්ද්‍රය නෙවෙයි.

හැමෝම වැඩේ අවුල් කරගෙන අනාගෙනයි තියෙන්නේ.

දේවල් උඩුයටිකුරු කරගෙනයි තියෙන්නේ.  

හැම දෙයක් ම අසමබර වෙලයි තියෙන්නේ.

බලන්න ලිංගිකය ඔයාලාගේ හිසේ ක්‍රියාකාරීත්කවයෙන් නොවන දෙයක්. ලිංගිකය හිසට ඇතුළු වුන ගමං ඒක ලිංගිකත්වය පත් බවට පත්වෙලා පිළුනු වෙනව.

මුළු සිරුරින් ම කරල ඉවර කරන්න ඕන දෙයක්, ඔළුවට විතරක් දාගත්තහම වෙන්නේ ඒක. එතකොට ඔයා ඒ sexගැන හිතන්න යනව.

ඊට පස්සෙ ඔයා ලිංගිකය ගැන ෆැන්ටසි මවාගෙන කටයුතු කරන්න යනව.

ඒකෙන් ඔයාව තව තවත් කරදරේට ම වැටෙනව. ඒකට හේතුවය තමයි ලිංගිකය ඔළුවට ගහපු ගමං හැබෑ කිසි දෙයක් සිදු නොවී යාම.

ඉතින් ඊට පස්සේ කිසිම යථා දේකට ඔයාව තෘප්තිමත් කරන්න බැරිව යනවා.

මොකද ෆැන්ටසියට සීමාවක් නැහැ.

ඒත් යථාව කියන්නේ සීමාසහිත දෙයක්.


උදාහරණයක් විදිහට ලිංගිකය ගැන ඕනවට වැඩිය හිතන්න යෑමෙන් තමයි “ලස්සන ගැහැනිය” හෝ “කඩවසම් පිරිමියා” කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ඔයාගේ ෆැන්ටසිවල ඉන්න වෙනස් වෙනස් ගැහැණුන්. ඔයාගේ ෆැන්ටසිවල ඉන්නේ වෙනස් වෙනස් පිරිමින්. ඉතිං ඒ ෆැන්ටසිවල ඉන්න ජාතියේ ගැහැනුන් හෝ පිරිමින්ව හැබෑ ලෝකයෙන් කවදා කොහොමටවත් හොයාගන්න බැහැ.

 

mns

මෙන්න මේ ඔළුවෙ තියෙන ෆැන්ටසිය නිසා, ඔයාව තෘප්තිමත් කරන්නට හැබෑ ලෝකයේ ඉන්න කිසිඳු ගැහැනියකට හෝ පිරිමිහෙකුට බැරිව යනවා. හැබෑ ලෝකයේ ගැහැනියකුට හෝ පිරිමියෙකුට විසින් ඔයාගේ ෆැන්ටසි ලෝකයේ දේවත් තෘප්තිමත් කරන්න පුළුවන්ද? 

 

මොකද ෆැන්ටසි කියන්නේ ෆැන්ටසියට. ෆැන්ටසි කියන්නේ කාල්පනික සිහිනමය රූපාකාරයක්.

බලන්න හැම වෙලාවෙම මිහිරිව සිටින කිසාදා තිත්ත වූ දෙයක් නොකරන ගැහැනියක් ගැන ඔයාට ෆැන්ටසියක් හදාගන්න් පුළුවනි.

හැම වලාවෙම ආදරවන්ත, හැම වෙලාවෙම උණුස්ම්, ඇඟෙන් කිසිදු දුඟදක් නොහමන, හැමවෙලාවෙම ආදරයෙන් පිළිගන්නා, කිසිදා කිසිදු මැසිවිල්ලක් නොනගන, කිසිම තරහවක් නොයන, කිසිදා ඔයාට කොට්ටයකින් නොගහන, දිවිපුරා අවුරුදු 18 වඩා වයසට නොයන සේ හැමදාට ම නැවුම්, කිසිදා ලෙඩ නොවන, කිසිදා ඔයා මත්තේ කිසිම ගණං ඉස්සීමක් නොකරන, කිසිදා ඔයාව පාවාදෙන්නේ නැති, කිසිදාක වෙනත් පිරිමියෙවක් දිහා ලොල්වූ ආශාවෙන් පිරුණු බැලුමක් හෙලන්නේ නැති ගැහැනියක් ගැන ඔයාට ෆැන්ටසි අනුව සිතින් මවාගන්නට නම් පුළුවන්. ගැහැනියකුට ඒ වගේ ම පිරිමියෙකුවත් හිතින් මවාගන්නස පුළුවන්.

ඒත් හැබෑ ලෝකයේ එහෙම ගැහැනු පිරිමි නැහැ.    


ඉතින් පේනවද මිනිසා නිර්මාණය කරගෙන තියෙන ගැටළුවේ තරම. ඔයාලා කිසි කෙනෙකුට තවදුරටත් ස්වභාවිකව ලිංගිකය සමඟ ස්වභාවික සුසංයෝගයකට යන්නට බැරි තත්වයක් උදාකරගෙන නේද මේ තියෙන්නේ?

 
පරිපූර්ණ ලෙස ම ස්වභාවදර්මය ඉල්ලන ලිංගිකය කියන්නේ සපුරාලන්නට පුළුවන් දෙයක්. ඒත් ෆැන්ටසියෙන් ඉල්ලන දේ සපුරාලන්නට බැහැ.

 

සඟරා වලින්, කාම චිත්‍රපටිවලින් ඔයාට ඒ වගේ සිහින කෙල්ලක් හෝ සිහින කොල්ලෙක් හොයාගන්නට පුළුවන් ඇති. ඒත් යතාර්ථ ලෝකයේ ඒක කරන්න බැරි දෙයක්.  ඔයා ඇත්ත ලෝකයේ හොයාගන්න! කොයි කාටවත් වැඩිකල් අර වගේ ඒ විදිහට ම ඉන්න බැහැ.

what causes sexual tension

දැනට බටහිර ලෝකයේ මිනිස්සු මුහුණ දෙමින් ඉන්න අවුලත් ඔන්න ඕකයි. බටහිර ලෝකය ලිංගිකය ගැන ඕනවටත් වැඩිය ෆැන්ටසිවලින් හිතල ඉවරයි. ෆැන්ටසි හරහා බටහිර ලෝකය ලිංගිකයේ (Sex) ඉඳන් ලිංගිකමය (Sexual) තත්වය දක්වා මාරුවෙලයි තියෙන්නේ.

නැගෙනහිර ලෝකයේ උදවිය ලිංගිකය යටපත්කරගැනීම සහ එයින් එන ලිංගික පීඩනය හින්ද ලිංගිකමය තත්වට ඇද වැටිලයි ඉන්නේ.


බටහිර සහ නැගෙනහිර දෙගොල්ලන් ම දෙවිදිහකට ලිංගිකමය වෙලා. ඉතිං ස්වභාවිකව ලිංගිකය රසවිඳින්නට පුළුවන් ධාරිතාව එයාලා විසින් අහිමි කරගෙන. මේ දෙගොල්ලොම වෙනස් මාවත් දෙකක් ඔස්සේ ඇවිත් එකම ආකාරයේ රෝගී තත්වයනට පත්වෙලා. බටහිර ලෝකයේ උදවිය ලිංගිකය ගැන ෆැන්ටසි සිහින දැකීම ජීවිතයේ අවසාන ඉලක්කය බවට පත් කරගන්න ගිහිං, රෝගී තත්වයට පත්වෙලා.


නැගෙනහිර උදවිය මිනිසාත් දෙවියනුත් අතර තියෙන පරමාවසාන බාධකය ලිංගිකය යැයි හිතන්නට ගිහිං සහ යටපත් කරගන්න ගිහිං, රෝගී තත්වයට පත්වෙලා.

 

ලිංගිකය කියන්නේ පරමාවසාන ඉලක්කයක්වත් පරමාවසාන බාධකයක්වත් නෙවෙයි. ලිංගිකය කියන්නේ සරල පලහිලව්වක්. හරියට බඩගින්න, පිපාසය වගේ සාමාන්‍ය පලහිලව්වක්.

 

ලිංගිකය කියන්නේ මේ වනවිට නැගෙනහිර මිනිසාගේ මනස හිතමින් ඉන්න දේ නෙවෙයි. නැගෙනහිර මනස ලිංගිකයට හරි ම බයයි. බය වැඩිවීම හරහා ලිංගිකය ඒකේ හිනිපෙත්තට ම නැගලා. බය කියන දොරින් ඇතුළ් වෙලා ලිංගිකය කරවටක් යටකරගන්නා තත්ත්වෙට පත්වෙලා. ඉතිං නොකර ඉඳීම නිසා ලිංගිකය ඇරියස් විදිහට ගොඩගැහිලා.

Kamasutra

සරලව, නැගෙනහිර ඉන්න ඊනියා මුනිවරු ලිංගිකය යටපත් කරගැනීම හරහා ලිංගිකය ගැන යම් ෆැන්ටසි ආකාරයක් මවාගෙනයි ඉන්නේ. යටපත් කරන්න කරන්න, උවමනාව තව තවත් ඉහළට එසවෙන තත්වයක් තමයි සිද්ධ වෙන්නෙ. යටපත් කිරීමෙන් ලිංගිකය විනාශ කරගන්න බැරිවෙලා තියෙනව. යටපත් කරගැනීම හරහා කිසි දෙයක් විනාශ කරදමන්න බැහැ. යටපත්කිරීම හරහා ලිංගිකය රෝගී ලිංගිකත්වයක් බවට පත්වෙලය තියෙන්නේ. මේ එක ලිංගිකමය  අන්තවාදයක්.

බටහිර උදවිය ඊට වඩා වෙනස් අන්තවාදයකට ගිහින්. ඒ අනික් අන්තවාදය තමයි ලිංගිකය ගැන ෆැන්ටසි සිහින නහුතයක් දැකීම. ඉතිං හැම දෙයක් ම ලිංගිකය බවට පත්වෙලා, ජීවිතේ අනික් හැම දෙයක්ම දෙවෙනි තැනට වැටිලා. ඉතින් හැකිතරම් සෙක්ස් ඉන්න එක තමයි එයාල විසඳුම හැටියට හිතන්නේ.


ඒත් ඔයාලා කාටවත් ඕනවට වඩා සෙක්ස් ඉන්න බැහැ. ඔයාගේ ශරීරයේ සීමාවන් තියෙනව. ඒත් ඔයාට ලිංගිකය ගැන ඕන තරම් ෆැන්ටසි සිහින නම් දැකිය හැකි යි. ඒකට කිසිම සීමාවක් ඇත්තේ නැහැ. ඉතිං ඒ හින්ද පොනෝග්‍රැෆි (කාම-ප්‍රකාශන) කියල දෙයක් පවතිනව. නිල් චිත්‍රපටි කියල දේවල් ඇතිවෙලා තිබෙනව. කාම සඟරා කියල මුද්‍රිත ප්‍රකාශනත් පවතිනව. ඉතින් මිනිසුන් මේ මායාත්මක මිරිඟුවන්ගෙන් උපරිමව පෝෂණය වෙලයි ඉන්නේ. ඉතිං ඒව තියෙනකම් කිසිම සාමාන්‍ය යථාරූපී ගැහැනියකටවත් පිරිමියෙකුටවත් ඔයාව තෘප්තිමත් කරන්න බැරි තත්වයකුයි ඇතිවෙලා තියෙන්නේ.


මේ දෙකම රෝග ඇතිකරවන තත්වයන්. ලිංගිකත්වය කියන්නේ රෝග ඇතිකරවන්නක්. ඔයා ලිංගිකත්වය වෙතට පැමිණෙන්නේ කෑදරකම නිසාද නැතිනම් භය නිසාද කියන එක ඒකට අදාළ නැහැ.

නැගෙනහිර උදවිය භය හරහා රෝගී වෙලා.

බටහිර උදවිය කෑදරකම හරහා රෝගී වෙලා.

කෑදරකම සහ භය කියන්නේ එකම කාසියේ දෙපැත්ත. මතුපිටින් මේ දෙක හරි වෙනස් වගේ පෙනෙනව. ඒත් නැගෙනහිර සහ බටහිර කියන දෙක මතුපිටින් පේන්නේ ලිංගිකත්වයේ එකිනෙකට වෙනස් ධ්‍රැවයන් දෙකක් වගේ. ඇත්තට ම එහෙම නැහැ.

දන්නා උදවිය සහ දැකිය හැකි උදවිය මේ ගැන දන්නව, මේ දෙක ම සමරන්නේ එක ම මෝඩකම සහ ඒකම මුග්ධකම කියල දැනුවත් අය දන්නව. මේ දෙගොල්ලෝම වෙනස් වූ දොරවල් දෙකකින් එකම මුග්ධභාවය කරා ලඟාවෙලා. ඔව්, මේ දොරවල් දෙකක් නම් තමයි. ඒත් දෙගොල්ලෝම ඇවිත් තියෙන්නේ එකම ස්ථානයකට.

ඉතින් මේ දෙගොල්ලොම අවදි විය යුතුව පවතිනව. මේ දෙගොල්ලෝම ලිංගිකය ගැන සිහිය වඩවාගත යුතුව පවතිනව.

 Love 554684056 large

ඉතිං ලිංගිකය ගැන මේ මොන විදිහෙන්වත් නාහෙන් අඬන්න යන්න එපා. ඒක තමයි මූලික ම කාරණය. ඔයාට ලිංගිකය ආදරය බවට පත්කරගන්න උවමනා නම්, කළ යුතු මූලික දේ තමයි, ලිංගිකය එහි ස්වභාවික අකාරයෙන් පිළිගැනීම.

 

ඔයාගේ ඔළුවෙ තියෙන කාම පාරභෞතික ලිංගිකය වෙතට ගෙන්න එපා . ඔයාගේ ආගම ලිංගිකය උඩට අරන් එන්න එපා. කාම පාරභෞතිකවලට හෝ ආගමට ලිංගිකය එක්ක කරන්න ඇති දෙයක් නැහැ.


ලිංගිකය කියන්නේ ජීවිතේ අති සරල කාරණයක්.


s l400ලිංගිකය කියන්නේ ස්වභාවික ජීවිතය විසින් නිමවා දෙන දෙයක්. හරියට ගස්කොලන් වලින් මල් සහ ගෙඩි හටගන්නවා වගේ හරි ම සරල දෙයක්. ඔයාට මලකට දඬුවම් පමුණුවන්න බැහැනේ.

මල් කියන්නෙත් ලිංගිකය.

ඉතිං මල් හරහා තමයි ගස් විසින් ඒවායේ බීජ ප්‍රවාහනය කරන්නේ. ගස් විසින් මේ පරිවහනය කරන්නේ ගස්වල ජනකශක්ති හැකියාව. මල් හරහා එක ගසක ඉඳන් තවත් ගසක් වෙතට ජනකශක්තිය ප්‍රවාහනය කරන එකයි කරන්නේ.

මොනරා නටත්දී, ඔයාලට බෑනේ ගිහින් දඬුවම් දෙන්න.

ඒත් ඒ නැටුම ම කියන්නේ ලිංගකය.

ගැහැනු සතා ආකර්ශනය කරගන්නට කරන සෙක්ස් එක. කුකුළා කිකිලියට හඬලත්දී ඔයාට බෑනේ ඒකට දඬුවම් පමුණුවන්න.

ඒක කුකුළාගේ ලිංගිකය.

සරලව කුකුලා විසින් ප්‍රකාශ කර සිටිනවා “මං ලෑස්තියි” කියල.

මේ අලංකාර ශබ්දය නගන්නේ වසඟකරගන්නට විතරයි. මේ අලංකාර ශබ්දයේ තියෙන්නේ පෙම් සබඳකමක්.

 

ඔයාලා ලෝක ජීවිතය සෝදිසිපරීක්ෂා කළොත් මවිත වේවි. මුළුමහත් ජීවයම පවතින්නේ ලිංගිකය හින්ද. ජීවිතය නිෂ්පාදය කර දෙන්නේ ම ලිංගිකය හරහා. ඒක ස්වභාවික පළහිලව්වක්.

 

ලිංගිකය වෙතට අනවශ්‍ය සබුද්ධිකරකරණයන් අරන් එන්න එපා!


ලිංගිකය ස්වභාවිකයි!

ලිංගිකත්වය ස්වභාවික නැහැ!

ඔයාට ලිංගික ජනකශක්තිය පරිවහනය කරන්නට උවමනා නම්, තේරුම් ගන්නට උවමනා පළමු දේ ඔන්න ඕක යි.

DQRIX7ZXcAASWEC

කළ යුතු පළමු දේ තමයි ලිංගිකය ප්‍රතික්ෂේප නොකර ඉඳීම.
අතපසු නොකර ඉඳීම.
ලිංගිකය ප්‍රතික්ෂේප කරන්න එපා!
ලිංගිකය යටපත් කරගන්නත් එපා!

ඒ වගේ ම ලිංගිකයට ඕනවට වඩා කෑදර වෙන්නත් එපා!
ලිංගිකය කියන්නේ හැමදේම කියල හිතන්න යන්න එපා!
ලිංගිකය කියන්නේ හැමදේම නෙවෙයි.

ජීවිතය තුළ තව ගොඩක් වටින දේවල් තියෙනව.

ලිංගිකය ලස්සනයි!

 

ඒත් තවමත්, ජීවිතයේ වෙනත් ගොඩක් දේවල් තියනව. ලිංගිකය කියන්නේ ජීවිතයේ පදනමක් විතරයි. ලිංගිකය කියන්නේ සමස්ත පන්සල ම නෙවෙයි. පන්සලේ අත්තිවාරම විතරයි.

 

ඉතිං යටපත් කරපු ගමං ඒක ලිංගිකත්වය බවට පත්වෙනව.
ෆැන්ටසි සිහින දකින්න ගිය ගමං ලිංගිකය ලිංගිකත්වය බවට පත්වෙනව.

පළමුවැන්න, මිනිස් ලිංගිකය රෝගී බවට පත්කරන නැගෙනහිර විදිහ.
දෙවැන්න,  මිනිස් ලිංගිකය රෝගී බවට පත්කරන බටහිර විදිහ.

ඒත් බලන්න, නැගෙනහිර හෝ බටහිර ඉන්න කිසි කෙනෙක් ලිංගිකය කියන්නේ සරල ස්වභාවික පලහිලව්වක් විදිහට බාරගන්නේ නැහැ.

මුනිවරුත් හෝ පවුකාරයෝ කියන මේ දෙගොල්ලොම ලිංගිකය සරල පලහිලව්වක් විදිහට භාරගන්නේ නැහැ.

දෙගොල්ලොම සෙක්ස්වලට වහවැටිල.

මම කියන්නේ මේ දෙගොල්ලොන්ගෙම කිසි වෙනසක් නැහැ.

ලිංගිකය භාරගන්න!
ලිංගිකය පිළිගන්න!
ලිංගිකයට ගෞරව කරන්න!
එතකොට ඒක ආදරය බවට හැරේවි.


- ඕෂෝ (භගවාන් ශ්‍රී රාජිනීෂ්)


පරිවර්තනය :


(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්