පසුගියදා ශ්‍රී ලංකාව සිය වර්තමාන ආර්ථික අස්ථාවරත්වය හා විදෙස් විනිමය සංචිත හිඟකම

මත විදෙස් ණය හා වාරික ගෙවීම අත්හිටුවන විටත්, දිගුකාලීනව ඛනිජ තෙල් සැපයුම්කරුවන් ගෙන් ඒ වනවිටත් ශ්‍රී ලංකාව විසින් ලබාගෙන තිබූ ඉන්ධන වෙනුවෙන් පියවීමට තිබූ ඩොලර් මිලියන 750ක් වටිනා ගෙවීම් සඳහා මෙවෙනතෙක් කිසිදු මුදලක් ගෙවා නොමැති අතර ගෙවන දිනයක් පිළිබඳ නිශ්චිත සලකුණක් හෝ නොමැත.

මෙම ණය හා වාරික ගෙවීම පැහැර හැරීම සහ රටේ අවදානම හේතුවෙන් (ලෝකයේ කිසිදු ප්‍රමුඛ පෙළේ බැංකුවක් ශ්‍රී ලංකාවේ බැංකුවල ණයවර ලිපි සහතික කරන්නේ නැත) මෙම  සැපයුම්කරුවන් එක්ව CPC (ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සමාගම) වෙත සැපයීම නොකිරීමට තීරණය කළ අතර නැව් හිමියන්ට CPC වෙත භාණ්ඩ රැගෙන යාම වැළැක්වීමටද පටන් ගත්හ.

එමෙන්ම හිඟ මුදල් පියවන තුරු මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට ඔවුන් ඒකමතිකව එකඟතාවයකට පැමිණ තිබුණි.

 

මෙහි ප්‍රතිඵලයක් ලෙස CPC ( ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සමාගම) හට ලෝක වෙළෙඳපොළෙන් කිසිදු ඉන්ධන මිලදී ගැනීමක් සිදු කිරීම අතිශය දුෂ්කරවුත්, කළ නොහැකි වුත් කාර්යයක් බවට පත්ව තිබේ.

 

ඒ නිසාවෙන්ම සපුගස්කන්ද පිරිපහදුව මාස ගාණක් සම්පූර්ණයෙන්ම වසා දමා සියළුම වර්ග වල ඉන්ධන නිෂ්පාදනය ඇණහිටින තත්ත්වයකට පත් වූ පසුබිමක සමස්ත ජනතාවට තම ඉන්ධන අවශ්‍යතා සපුරා ගන්නට තෙරක් නොපෙනෙන පෝළිම් වල කල් ගෙවීමට සිදු වූයේ කිසි දවසක අපේක්ෂා නොකළ ඉරණමකට මුහුණ දෙමිනි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ අප්‍රතිහත කැපවිම හා අඛණ්ඩ උත්සාහය මත නොපසුබස්නා සෙවීම් සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා ජාතිය සහ CPC (ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සමාගම) වත්මන් අවදානමින් බේරා ගැනීම සඳහා නව සැපයුම්කරුවන් ගෙන්වා ගැනීමට ඔවුන්ට හැකි විය. 

dhrt

Coral Energy යනු ලෝකයේ ඉන්ධන හා බල ශක්ති සැපයුම් කරනු ලබන එවන් එක් සමාගමක් වූ අතර ඔවුන් සමගින් යම් එකඟතාවයකට පැමිණ සක්‍රීයව වෙළඳ ආනයන කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2022 වසරේ ජූනි/ජූලි යන මාස වලය.


මෙවන් අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් සපයන්නට එකඟතාව පල කර එකම සමාගමටත් පටු සාම්ප්‍රදායික දේශපාලන අරමුණු පදනම් කරමින් දෝෂාරෝපණය කිරීම අතිශයින් ඛේදජනකය.

 

විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් CPC සමාගම විසින් මාර්තු මස ඉන්ධන සඳහා ගෙවූ මුදල හා අද ගෙවන මුදල සංසංදනය කරමින් මේවනවිට ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාව මෙම කොරල් එනර්ජි (Coral Energy ) සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට නිෂ්පාදන සඳහා වැඩි මුදලක් ගෙවන බවත්ය. නමුත් මෙහි ඇති හාස්‍යජනක කරුණ නම් ආර්ථික ස්ථායිතා කාල පරාස දෙකක මිල ගණන් එකම මට්ටමේ තබා සංසන්ධනය කොට පොදු ජනතාව නොමග යැවීමට දක්වන උත්සාහයයි.

 

අමනෝඥ ප්‍රකාශයක් !


ශ්‍රී ලංකාවේ ණය පැහැර හැරීමට පෙර (2022 මැයි 20) මිල ගණන් වර්තමාන ආර්ථික අවපාත තත්ත්වයන් යටතේ ඉදිරිපත් කරන මිල ගණන් හා සැසඳිය හැක්කේ කෙසේද යන්න ඉතාමත් අමනෝඥ ප්‍රකාශයක් නොවන්නේද?

අද කිසිදු ස්ථාපිත ගැනුම්කරුවකු ශ්‍රි ලංකාව සමගින් ගනුදෙනු කිරීමට කිසිදු කැමැත්තක් දක්වන්නේ නැත. වාණිජ නැව් හිමිකරුවන් විසින් සේවා සම්පාදනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට සිය නැව් එවන්නට කිසිදු කැමැත්තක් නොමැත.

සමස්ත ජාතියම ලෝකයක් හමුවේ දණින් වැට්ටවු ඇතම් දේශපාලන බලවේග මේවනවිට විවිධ දුර්මත සමාජ ගත කරමින්, බංකොලොත් වූ ශ්‍රී ලංකාව වල පල්ලටම තල්ලු කිරීමට පදනම් විරහිත මුසාවාද වපුරුවමින් සිය පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට අනවරත අරගලයක යෙදී සිටිති.

2022 මාර්තු මාසයේ ඛනිජ තෙල් සැපයුම වෙනුවෙන් ගෙවූ මිල ගණන් අද ශ්‍රී ලංකාව ණය පියවීම/ප්‍රතිපුරණය කිරීම අතින් අතිශය පහළ මට්ටමක දි ගෙවන මිල හා සංසන්දනය කිරීම හා එම සාවද්‍ය දත්ත සමාජගත කිරීම එහි එක් පියවරක් පමණි.

 

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම ඉන්ධන සපයනු ලැබුවේ ඉන්දියානු තෙල් සමාගම (IOC, ඉන්දීය ණය මාර්ගය හරහා) සහ Coral Energy පමණි. IOC හි වාරිකය සෑම විටම බැරලයකට USD 30 ට වඩා වැඩි වූ අතර Coral හි වාරිකය USD 20 පරාසයක පැවතුනි.  කෙසේ වෙතත් ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් Coral Energy මිල වැඩි වීම ගැන පමණක් කතා කරන අතර IOC ගැන කතා කිරීමට මැලිකමක් දක්වති. නැතිනම් හිතාමතාම මග හැර සිටියි.

 

CPC සමග ගනුදෙනු කිරීමට ජාත්‍යන්තරය දක්වන මැලිකම


පවතින අර්බුදය තුළ යථාර්තය වී ඇත්තේ, කිසිදු සැපයුම්කරුවෙකුට USD 24-25 ට වඩා අඩු මිලක් වත්මන් තත්ත්වයන් තුළ ලබා දිය නොහැකි වීමය.  

අනෙක් ප්‍රධානතම කරුණ වන්නේ කිසිදු ගෝලීය ප්‍රධාන පෙළේ ඉන්ධන සැපයුම්කරුවෙක් හෝ සමාගමක් ශ්‍රී ලංකාවේ CPC (ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සමාගම) සමඟ ගනුදෙනු කිරීමට දක්වන දැඩි අකමැත්තයි.

සැපයුම්කරුවන් රාශියක් සමඟ පරීක්ෂා කිරීමෙන් පසු සියලුම ප්‍රසම්පාදන කටයුතු සිදුකොට තිබේ.

 

අඩුමිලට සැපයුම්කරුවන් සිටියදී වැඩි මිලට සපයන අයට අවස්ථා දී ඇති බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් චෝදනා කළද අඩු මිලට ඉන්ධන සපයන බවට කියූ සැපයුම්කරුවන් දෙසීයකට අධික ප්‍රමාණයකට එම ලංසු පිළිගැනීමේ ලිපි නිකුත් කර ඇතත්, මේ වන තෙක් ඊට ප්‍රතිචාර දැක්වූ කෙනෙක් සොයා ගැනීමට හෝ නොමැත.

 

මෙම සියළු වාස්තවික තත්ත්වයන් ගණනය කිරීමේදී CPC (ශ්‍රී ලංකා පෙට්‍රෝලියම්) සමාගම ඉදිරියේ ඇති එකම ප්‍රශ්නය වන්නේ, යම් ප්‍රතිශතයක් යටතේ ඉන්ධන සපයන සැපයුම්කරුවන් සිමිත ප්‍රමාණයක් හරහා රටේ වත්මන් අර්බුදයට කිසියම් හෝ විසඳුමක් සොයා ගැනීමද ? නැතිනම් මෙවන් පුහු මතවාද සමගින් ඔට්ටුවෙමින් කාලය කා දමමින් මේ රටේ අහිංසක පොදු ජනතාව දිගින් දිගටම කුසගින්නේ පෝළිම් වල තබමින් දේශපාලකයින් ගේ වැරදි වෙනුවෙන් වන්දි ගෙවීමට සැලැස්වීමද ද ? යන්නයි.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මේ අසීරු අවස්ථාවේදී Coral Energy විශ්වාසනීය සැපයුම්කරුවෙකු ලෙස අප රටට ලබා දී ඇති සහයෝගය අගයකළ යුතුය.
මෙම සමාගම ඉතාමත් විශ්වසනීය සැපයුම්කරුවෙක් බව මේ වන විටත් තහවුරු කොට ඇත.

 

එපමණක් නොව, ඇණවුමක් ලබා දුන් සෑම අවස්ථාවකම නිෂ්පාදන බාධාවකින් තොරව සැපයීම සහතික කිරීම සඳහා සමාගම CPC සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කර ඇත. 

 

සාමාන්‍යය ක්‍රමවේදය අනුව ඇණවුමක් පැටවීමට දින 10 කට පෙර CPC විසින් ණයවර ලිපි විවෘත කිරීම අනිවාර්ය වේ.  

නමුත් මෙතරම් දුෂ්කර කාල පරාසයක වුවත් ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසඳුම් රැගෙන පැමිණි Coral Energy ආයතනයට ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. ඇතැම් අවස්ථාවන් හීදි ඉන්ධන නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළුව කොළඹ වරාය සීමාවේ පිටත සති ගණන් බලන් හිටියත් CPC සමාගමට ණයවර ලිපි විවර කරගැනීමට වත් නැවට ගෙවීමට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමටත් හැකියාවක් නොවිය.

නමුත් එම සියළු දුෂ්කරතා මධ්‍යයේ පවා Coral Energy සමාගම සිය විශ්වසනීයත්වය එළෙසින්ම පවත්වාගෙන යමින් සේවය සපයන්නට කටයුතු කර තිබේ.

 

එමෙන්ම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකා රුපියල් (LKR) ගෙවා තෙල් තොගයක් ගොඩබෑමට CPC ආයතනය සමත් විය. Coral Energy සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් ලබාදෙමින් වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් දින 30ක් ඇතුළත ඇමරිකානු ඩොලර් (USD ) බවට මාරු කිරීමේ එකඟතාව මත සිය පළමු බොරතෙල් තොගය ගොඩබෑම සඳහා ශ්‍රී ලංකා රුපියල් භාර ගැනීමේ ඓතිහාසික පියවර ද ගනු ලැබිය.

 

ඉන්ධන අර්බුදය නිසා මුළු රටම එකතැන නතර වී තිබුණු පසුබිමක් තුළ දිනපතා මේ රටේ ජනතාව ඉන්ධන පෝළිම් වල මියැදෙමින් සිටි කාලයක CPC ( ලංකා පෙට්‍රෝලියම්) සමාගමත්, කොරල් එනර් ජි (Coral Energy) සමාගමත් විසින් ගත් මෙම ඓතිහාසික  පියවර සැබවින්ම අගය කළ යුතු නොවන්නේද?

සැබවින්ම අප අගය කිරීමට හුරු විය යුත්තේ බොල් දේශපාලන චරිතයන්ට වඩා මෙවන් හරවත් මානවවාදී දැක්මක් ඇති ක්‍රියාකාරකම්ය.

පොදු ජන අරගලයේ සත්‍යවාදී දැක්ම විය යුත්තේ දේශපාලන වෙනසකට වඩා සැබැ සමාජ පර්වර්තනයකට ජනතාව යොමු කිරිමයි. එවන් ජයග්‍රාහි දිනයක දී තවදුරටත් පටු අරමුණු සහිත දේශපාලකයින්ට ජනතාව මුලා කිරීමේ දේශපාලන මතවාද සමාජගත කිරීමට ඇති ඉඩකඩ සම්පූරණයෙන්ම ඇහිරෙණු ඇත.

1 4

ලංකාවේ පිරිපහදු විශේෂඥයන් මුලින්ම බොරතෙල් වර්ගීකරණය අනුව පවසා සිටියේ ඉරාන්ලයිට් (Iran Light ) වඩා හොඳ බවයි. පසුව පවසා සිටියේ Murban බොරතෙල් පමණක් වඩා හොඳ බවයි.  නමුත් දැන් ඔවුන් පවසන්නේ සයිබීරියන්ලයිට් හොඳ බවත් ඌරල් අතිශයින් නරක බවත් ය. නමුත් සපුගස්කන්දට සයිබීරියන් ලයිට් ගොඩබෑවේ ද Coral Energy බවත් එයත් ශ්‍රී ලංකා රුපියල් බාරගෙන සිදු කළ බවත් සියල්ල විවේචනය කරන දේශපාලනඥයින් විසින් වසන්කර ඇත.

 

Coral Energy සමාගම Ural බොරතෙල් පමණක් සැපයීමට උත්සාහ කිරීම කරන බවට චෝදනා නැගීම පදනම් විරහිත හුදෙක්ම පටු දේශපාලන වාසි තකා කරන පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයකි.

ඉන්දියාව දිනකට රුසියානු බොරතෙල් බැරල් මිලියනයක් මිල දී ගන්නා අතර එයින් 88% ක් Ural බොරතෙල් වේ.  

අපි අපේ පිරිපහදු කළ නිෂ්පාදන (ඩීසල්, පෙට්‍රල්, සුපර් ඩීසල්, පෙට්‍රල් 95 සහ ජෙට් ඒ1 පවා) ඉන්දියාවෙන් (රිලයන්ස් පිරිපහදුව) ලබා ගන්නා අතර මේවා නිෂ්පාදනය කරනු ලබන්නේ ද Urals Crude බොරතෙල් භාවිතයෙනි.

 ඉතින් Urals බොරතෙල් හොඳ නැතැයි පැවසීම කන්න ඕනෑ වූ විට කබරගොයා ද තලගොයා කරන දේශපාලන මුග්ධ ප්‍රකාශයන්ගේ ම දිගුවක් බවට මීටත් වඩා සාක්ෂි සාධක කුමකටද?

එය Urals, ESPO හෝ Siberian Light වේවා, Coral Energy විසින් මිල ගණනය කරනු ලබන්නේ Brent (බ්‍රෙන්ට් ) දර්ශකය මත පදනම්වයි.

 මන්ද ඔවුන්ගේ රක්ෂණ සහ ණය අවදානම Brent දර්ශකය වලට අනුව තම සමාගමට දැරීමට සිදුවිය හැකි ආවස්ථික අවදානමට එරෙහිව ආරක්ෂාකාරී අන්තර් ජාතික සම්මත ක්‍රමවේදයක් යටතේ එම urals බොරතෙල් මිලදී ගැනීම් සිදු කරයි.

 

එබැවින් මිලදී ගැනීම හෝ නොගැනීම තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය CPC සමාගම සතුය. CPC සමාගමට වෙනත් ඕනෑම විකුණුම්කරුවෙකු සමඟ සාකච්ඡා කොට අඩු මිලකට සැපයීමට ඉල්ලා සිටිය හැකිය. මන්ද කිසිවෙකු CPC සමාගම වෙනත් කිසිදු පාර්ශවයක් සමඟ සාකච්ඡා කිරීමෙන් වළක්වන්නට හෝ සීමා සැපයීමට කිසිදු බලපෑමක් සිදුකර නොමැත. 

 

ඇත්ත වශයෙන්ම ඔවුන් සෑම දිනකම සැපයුම්කරුවන් ගණනාවක් සමගින් සාකච්ඡා කරති. සැපයුම්කරුවන් වෙත ලංසු ප්‍රදාන එකඟතා ලිපි 270කට අධික ප්‍රමාණයක් ප්‍රදානය කළත් මේ වනතෙක් කිසිදු ප්‍රගතියක් ලඟා කර ගැනීමට අපොහොසත්ව ඇත.  

ප්‍රධාන වශයෙන් එම සමාගම් බහුතරයක් අලුත් ඒවා වන අතර ඒවා කිසිවක් කිසිදා සපයා නොමැත. නව සමාගම් බොහෝ ගණනක් මේ අතර සිටියත් ඔවුන් කිසිවෙකුත් සක්‍රීයව මේ හා සම්බන්ධවීමට මේ වන තෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

Coral Energy වෙත ලබා දී ඇති සියලුම ඇණවුම් සඳහා දේශීය නියෝජිත පාර්ශවයන් හට ලබාදෙන කොමිස් මුදලේ වටිනාකම ශුණ්‍ය අගයක් ගනියි.  එය මෙම සියළු එකඟතා පාරදෘශ්‍ය බවින්යුක්තව ලේඛනගත කර ඇති අතර එමගින් CPC සමාගම රටට අහිමිව යන කුඩා ප්‍රමාණයක හෝ ඩොලර් මුදල් ශ්‍රී ලංකාව තුල රඳවා ගනිමින් රටේ ආර්ථික ශක්තිමත්බව වර්ධනය කරගැනීම මුඛ්‍ය පරමාර්ථය වේ.  


Coral Energy දේශීය නියෝජිතයා කව්ද ?


Coral Energy හි දේශීය නිල නියෝජිතයා වන්නේ ‘Eve Shipping (Pvt) Ltd’ සමාගමයි.

Coral Energy යනු ඩොලර් බිලියන 50 ක වත්කම් සහිත සමාගමකි.  මෙවැනි සමාගම් සෑම විටම ඔවුන්ගේ කීර්තිනාමය සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය ගැන නිරන්තරයෙන් අතිශය ප්‍රබල අවධානයක් යොමු කරයි.

කරුණු මෙසේ පැහැදිලිව තිබියදී ඇතැම් දේශපාලනඥයින් තවදුරටත් ජනතාව නොමග යවන ප්‍රකාශ සිදු කිරීමෙන් හා ජනතාව උසි ගැන්වීමෙන් අවසානයේදි සිදු වන්නේ යළිත් රටේ ඉන්ධන පෝළිම් සෑදීමත් ඉන්ධන නොමැතිව රට එකතැන නැවතීමත් පමණි.

 

පටු දේශපාලන වාසි තකා සිදුකරන අසත්‍ය ප්‍රචාර හමුවේ දැනට අපට ඉන්ධන සපයන එකම සමාගමත් සිය මෙහෙයුම් කටයුතු අත්හිටුවා ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමෙන් ඉවත්ව යෑමේ අවධානමක් පවතී. එවැනි තත්ත්වයක් තුල විපක්ෂයේ ඇතැමුන්ගේ සිහිනය වී ඇත්තේ, මිනිසුන් නැවත පෝලිම්වල දැකීමද ? රට අරාජික කර දේශපාලන වාසි ලබා ගැනීමද?

 

රාජපක්ෂ රෙජිමය හා Coral Energy අතර සම්බන්ධයක් ඇතැයි ඇතැම් දේශපාලනඥයින් පැවසුවද, ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පිළිගත හැකි සාක්ෂි මොනවාද ? එකී චෝදනාවලට අනුව රාජපක්ෂ පවුලේ සාමජිකයින් හැර ශ්‍රී ලංකාවේ යමක් කමක් කිරීමට හැකියාවක් ඇති අන් කිසිවෙකුත් නොමැත.


සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් මැදිහත්වීම !


සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම, Coral Energy සමාගම සමගින් සමීපව සිටින බවට ඇතැම් විපක්ෂයේ දේශපාලනඥයින් පැවසුවද, එවැන්නක් තහවුරු කළ හැකි සාක්ෂි කිසිවක් ඒ කිසිවකු විසින් හෝ ජනතාව හමුවට ඉදිරිපත්කර නොමැත.

 

සුප්‍රීම් ග්ලෝබල් යනු සමස්ත කලාපය වෙනුවෙන්ම තම සේවාදායකයකු වන Coral Energy සමාගමට ගෝලීය මූල්‍ය ආර්ථික හා වෙළෙඳ උපදේශනය සපයන ජාත්‍යන්තරව පිළිගත් සමාගමකි. එය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ආයතනයක් නොවේ.

 

සුප්‍රීම් ග්ලෝබල් සමාගමට අනුබද්ධ සුප්‍රීම් සැට් විසින් රොකට්ටුවක් දියත් කළ කළ කතාව හුදු දේශපාලන ප්‍රලාපයක් නොවේ. එය සැබවින්ම කක්ෂගත වූ එහි සැබෑ වටිනාකම පොදු ජනතාවගේ අනාගතවාදී ව්‍යාපෘතියකි. ඒ සඳහා සුප්‍රීම් ග්ලෝබල් සමාගම භාවිතා කර ඇත්තේ, සුප්‍රීම් සමාගම සතු මුදල් ය.

 maniwnan

ජනාධිපති සහ සුප්‍රීම් ග්ලෝබල් සභාපති මනිවන්නන්

 

සුප්‍රීම්සැට් 2012 දී තමන්ගේම සන්නිවේදන චන්ද්‍රිකාවක් දියත් කළා පමණක් නොව, මේවනවිට මහනුවර පල්ලෙකැලේ අක්කර 10 ක භූමි භාගයක නවීනතම චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් ද ඉදි කර තිබේ. එම සමාගම කලාපීය වශයෙන් ශක්තිමත් චන්ද්‍රිකා/ටෙලිපෝට් ක්‍රියාකරුවෙක් ලෙස කලාපයේම ප්‍රමුඛ නාමයක් මෙම ක්ෂේත්‍රයේ හිමිකරගෙන සිටිති.

ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් මේ වනවිටත් වසර ගනනාවක් පුරා SUPRMESAT Kandy Teleport හි සේවාවන් භාවිතා කරයි.  

එතුළින් පවා එම සමාගම රැකියා විශාල ප්‍රමාණයක් ජනනය කර ඇති අතරම විදෙස් සෘජු ආයෝජනයන් ( FDI ) මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාව වෙත ගෙන ඒමට කටයුතු කොට ඇත.  

 ශ්‍රී ලංකා ධජය අභ්‍යවකාශයට යැවූ එකම ශ්‍රී ලාංකේය සමාගම ලෙස තම සමාගම සැමවිටම අභිමානයෙන් අවංක ආඩම්බරයකින් පෙනී සිටින බව එම සමාගම සිය වාර්තා සටහන්හි අවධාරණය කර තිබේ.

 

සුප්‍රීම්සැට් සමාගම විසින් රෝහිත රාජපක්ෂ තාක්ෂණික අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවයේ යොදවා ඇති අතර වහාම EPF/ETF සමඟ නිල වශයෙන් වැටුපක් ගෙවා ඇත. ඒ ඔහු අභ්‍යවකාශ ඉංජිනේරුවෙකු නිසා වන අතර ඔහු විසින් පිළිගත හැකි අධ්‍යාපන සුදුසුකම් සමාගමට එකතු වන අවස්ථාවේදී ඉදිරිපත් කළ නිසාය. 

 

රෝහිත රාජපක්ෂ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු 2014 වසරේ සුප්‍රීම්සැට් ආයතනයෙන් ඉවත්ව ඇත.

රෝහිත රාජපක්ෂ වසර දෙකක් රාජකාරි කල සුප්‍රීම් ආයතනය ඒ නිසාම රාජපක්ෂලා ගේ වෙනවා නම් රාජපක්ෂවරු සමග වසර ගණන් දේශපාලනය කළ දේශපාලනඥයින් රාජපක්ෂලාට සින්නක්කරව ලියැවුණු පුද්ගලයින් විය යුතුය.

 

ජාත්‍යන්තර කීර්තිය දිනූ දේශීය ව්‍යාපාර ජාලයක් වූ සුප්‍රීම් ග්ලෝබල් හී මැදිහත්වීම නොවන්නට පසුගිය සති කිහිපයේ සහ ඉදිරි මාස කිහිපය තුළ මේ රට ඉන්ධන හිඟය නිසා මුහුණ පාන්නට තිබූ තත්ත්වය පොදු ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි තරම් දරුණු වනු ඇත.

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් යානා ඉන්ධන තොතිබුණු අතර සියළුම ජාත්‍යන්තර වාණිජ මගී හා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ශ්‍රී ලංකාව සිය ගුවන් සිතියමින් ඉවත් කරමින් තිබුණි. එය එසේ වන්නට ඉඩහැර සිටියා නම් රටේ විදේශ විනිමය උත්පාදනය කරන ප්‍රධානතම ක්ෂේත්‍රයන් වන  සංචාරක ව්‍යාපාරයට සහ භාණ්ඩ ආනයනය/අපනයනයට සිදුවන හානිය ගැන සිතන්න?

කෙසේ වෙතත්, මෙම සතියේදී කිසිදු ගෙවීමකින් තොරව Coral Energy මගින් ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක් CPC ඉන්ධන බහාලුම් ටැංකි වෙත ගොඩ බා ඇත.  එයින් අදහස් වන්නේ ගුවන් යානා සමාගම් විසින් හා ගුවන්තොටුපල විසින් CPC සමාගම වෙත ගෙවීම් කරන විට CPC සමාගම විසින් වෙත ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් වන මුදල Coral Energy ගෙවනු ඇති බවයි.

 

දේශීය හා අන්තර්ජාතික දහසකුත් අභියෝග සහ සෘණාත්මක බලපෑම් තිබියදීත් CPC සමාගම, Coral Energy සමාගම සහ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංස් එක්ව ජාතියේ ප්‍රශ්න කෙමෙන් කෙමෙන් විසඳන විට, ජනතාව ගැන අල්පමාත්‍ර හැඟීමක් නැති, ඇතැම් දේශපාලකයෝ බොරු අවලාද නගමින් ජනතාව මුලා කිරීමට කටයුතු කරමින් සිටියි.

 

එකක් පැහැදිළිය. විපක්ෂයේ ඇතැම් විවේචකයින් ප්‍රධාන අවශ්‍යතා දෙකක් ඉලක්ක කර ගනිමින් මෙම අසත්‍ය ප්‍රචාර ගෙනයමින් තිබේ. ජනතාව තව තවත් මේ ආර්ථික අර්බුදයේ පීඩනයෙන් තද කිරීමට දැඩි වුවමනාව හා  ජනතාට යම් සහහනයක් ලබාදෙන්නට ස්ව ශක්තියෙන් ක්‍රියා කරන සුප්‍රීම් ග්ලෝබල් සමාගම හා කොරල් එනජි (Coral Energy )සමාගම මෙම ඉන්ධන ව්‍යාපෘතියෙන් ඉවත් කිරීම එම ඉලක්කයන් දෙකයි.

චේතනාව හා ඔවුන්ගේ බල ලෝභී සැලසුම ඉතා පැහැදිලිය. තෙල් නැව් එන්නේ නැත්තං රට විනාස වෙනව කියමින් ප්‍රක්ෂේපණය කෙරුවේද ඔවුන් මය.  දැන් නැව් එනවා පෝලිම් නෑ කියා කලබල වී ඒ නැව් ටික වළකන්නට දිවා රෑ වලි කන්නේද ඔවුන් මය.  

ඔවුන්ගේ එකම අවශ්‍යතාවය ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම නවතා අර්බුදය වඩාත් දරුණු දිශාවකට ගෙන යාමටය.

නමුත් දේශය වෙනුවෙන් සිය වාණිජ අරමුණු පසෙක ලා කටයුතු කරන ජාත්‍යන්තර සබඳතා හා විශ්වසනීයත්වය දිනූ සුප්‍රීම් ග්ලෝබල් වැනි සමාගම් සිටින තාක් ඔවුන්ට ඔවුන්ගේ පටු අරමුණු කර ලෙහෙසියෙන් ලඟා වීමට ඇති නොහැකියාවද ඔවුන් හොඳින් අවබෝධ කර ගෙන සිටියි.

නමුත් ඩොලර් ඇතත් නැතත් රටට අවශ්‍ය ඉන්ධන සපයමින් සාර් ථක ජාතියක් සේ නැගී සිටිමින් ශ්‍රී ලංකාව මුදා ගැනීමේ වගකීම ඇත්තේ මිලියන විසි දෙකක පොදු ජනතාවටත් දේශීය ව්‍යාපාර ජාලයටත්ය.


(ජී.කේ.එස්. වීරරත්න)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්