කොන්දොස්තරට මුදල් ගෙවා මිනිත්තු දහයක් ඉක්ම යන්නට මත්තෙන් බස් රථය ගමන ඇරඹී ය; එතැන් සිට තවත් මිනිත්තු පහක පමණ කාලයක් ප්‍රතිෂ්ඨ සහ සචේතනී දෙපළ මතු නොව අවට පැවති සියලු සජිවී මෙන් ම අජීවි වස්තු ඔවුන් පසු කර ඇදී ගියේ ය. ප්‍රතිෂ්ඨ අසුනට බර වී දිගු කල්පනාවක ය;

සචේතනී ද... ඔවුන් පසුකර වේගයෙන් ඇදී යන පරිසරයේ කොහේදෝ තැනක අතරමං වී සිටින්නී ය. තව දුරටත් ඒ තනිකම, පාළුව දරාගත නොවුණු ඇය සෙමෙන් ඇගේ හිස ප්‍රතිෂ්ඨගේ පපුතුරෙහි සැතපුවා ය. ප්‍රතිෂ්ඨ ද නොදැනුවත්ව ඔහුගේ නැහැ තුඩ සචේතනිගේ හිස මත තැවරී ය; ඒ සියුම් උණුසුම දැනුණ සැණින් ඇගේ සිරුරට සිහින් විදුලි සැරයක් ඇතුළු වී ඒ විදුලි සැරය සිහින් රේඛා සමුහයක් ලෙස සමස්ත සිරුර පුරාම ගමන් කළේ ය. ඇය තව තවත් ඇගේ හිසේ බර ඔහුගේ පපුතුර මත ඇතිරුවා ය. ඇගේ උණුසුම් සුසුම් ඔහුගේ පුපු තුර මත තැවරෙමින්, එතැන විනිවිද සිරුර තුළට ගමන් කළේ සමස්ත සිරුර ම සියුම් ගැස්මකට ලක් කරමිනි.

 

අද උදෑසන මෙම ගමන එන මොහොතේ සචේතනීගේ හිස ප්‍රතිෂ්ඨගේ පපුතුර මත වැතිර තිබුණේ ඇය නොදැනුවත්ව ය. ප්‍රතිෂ්ඨ ද එය ඒ ආකාරයෙන් ම බාරගත්තේ ය. නමුදු මේ ආපසු ගමනේ දී ඇය සිය හිස ප්‍රතිෂ්ඨගේ පපුතුර මත වැතිර වූයේ වුවමනාවෙන් ම ය. එමෙන් ම ප්‍රතිෂ්ඨ ඇගේ හිස මත ඔහුගේ නැහැ තුඩ තබා උණුසුම් කළේ ද වුවමනාවෙන් ම ය. දැන් එළඹ තිබෙන්නේ මෙම තත්ත්ව ඔවුන් එකිනෙකා විග්‍රහ කරගන්නේ කෙසේද යන්න පිළිබඳ විමසා බලන අවස්ථාව ය.

 

අධි වේගී මාර්ගයට එපිටින් ද, මෙපිටින් ද, ආසන්නයෙන් ද, දුරස්තව ද පිහිටි: ගහ කොළ, නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි ප්‍රතිෂ්ඨ සහ සචේතනී දෙපළ මෙන් ම අනෙකුත් මගීන් රැගත් බස් රථය පසුකර  වේගයෙන් පසුපසට ගමන් කරමින් තිබිණ. ප්‍රතිෂ්ඨ සහ සචේතනී ඔවුනොවුන්ගේ ලෝකයේ අතරමං වූවා සේ නිහඬ ව්‍රතයක ගැලී සිටියහ. එක්වන ම ප්‍රතිෂ්ඨ ගේ පපුතුරෙන් ඇතුළු වූ සචේතනීගේ හඬ ක්ෂණයකින් ඔහුගේ දෙසවන් ද, මනස ද ආක්‍රමණය කළේ ය; ඔහු කිසි සේත් ම එබඳු මොහොතක් බලාපොරොත්තුවෙන් නොසිටියේ ය.

 

the bus ride ganesh santhosh

‘‘ප්‍රතිෂ්ඨ...’’

ඒ ඇමතුමට පිළිවදන් සපයනවා ද නැද්ද යන්න නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි මානසික ව්‍යාකුලත්වයක සිටි ප්‍රතිෂ්ඨ තව දුරටත් නිහඬතාවේ ම ගැලී සිටියේ සචේතනී ද නිහඩ වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. එහෙත්...

‘‘ප්‍රතිෂ්ඨ... පොඩ්ඩක් මගේ දිහා බලන්නකො...’’

 

loves 23එවර නම් සචේතනීගේ ළයාන්විත හඬින් කළ ආරාධනය පිටු දකින්නට ප්‍රතිෂ්ඨ අසමත් විය. එබැවින් ප්‍රතිෂ්ඨ: ඍජුව, ඉදිරිපස වෙත අවධානය යොමු කරගෙන සිටි ඉරියව්ව වෙනස් කර, මන්දගාමී ලෙස සචේතනීගේ උවන වෙත නැඹුරු කළේ ය. ඇය ඔහුගේ පපුතුරෙහි සතපාගෙන සිටි හිස මඳක් ඔසවා, ඇගේ දෙනෙත් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් සමග සම්මුඛ කරවන්නට යත්න දැරුවා ය. ප්‍රතිෂ්ඨට ද ඇගේ දෙනෙතින් කරමින් සිටින ආරාධනය මගහැරිය නොහැකි තරමට දෙදෙනාගේ දෙනෙත්වලින් විහිදෙන රශ්මි කදම්භ එකිනෙක වෙළී පැවතිණ. තත්පර කිහිපයක් එලෙස එකිනෙක වෙළුණු රශ්මි කදම්භ දෙදෙනාගේ දෙනෙත් තුළින් දෙදෙනාගේ සිරුරු පුරා විදාරණය විය. එය දෙදෙනා ම එක් ම නිමේෂයක සුරතාන්තයට පත්වූවා බඳු විය. එහෙන් දෙදෙනා ම යළි තත්පර කිහිපයක් නිහඬ ව්‍රතය රැක්කාහ; පෙර පරිදි ම යළි හඩ අවදි කළේ සචේතනී ය. ඇය එසේ කළේ ද මෙතෙක් ප්‍රතිෂ්ඨගේ පපුතුරෙහි සතපා තිබු ඇගේ හිස ඔහුගේ උරිස් තලය මත සතපන අතර ය.

 

‘‘ඔයා මාත් එක්ක තරහ ද...?’’

ඇය, ඇගේ සුපුරුදු ළයාන්විත, මිහිරි හඬින් විමසුවා ය.

ඇයගේ පැනයට පිළිවදන් සපයනවා වෙනුවට ප්‍රතිෂ්ඨ නිහඬව ම ඇගේ දෙනෙත් සමග අනිමිස ලෝචනයක යෙදිණ; ඒ නිමේෂයේ ඔහුගේ සිතුවිලි ධාරා ඇදී ගියේ හා හා පුරා කියා සචේතනීගේ රුව ඔහුගේ දෙනෙත් තුළට ප්‍රවිශ්ට වූ නිමේෂය කෙරෙහි ය.

එදා ඒ නිමේෂයේ ඔහු ඇය කෙරෙහි හෙළුවේ කාමාසක්ත බැල්මකි; එතැන් සිට අද දහවල් දක්වා ම ඒ සිතුවිල්ල ඔහු කෙරෙන් වියුක්ත වී නොතිබිණ. එහෙත් මේ මොහොත වන විට ඒ කාමාසක්ත සිතුවිල්ල ආදරණීය, හැඟීම් බර සිතුවිල්ලක් බවට පරිවර්තනය වී තිබේ. නමුදු ඔහු කෙසේ නම් මේ වෙනස ඇයට පවසන්න ද...?

 

360 F 550446742 Wc60h73synePBA9Le9LujZErRKzTTItJ

‘‘ඇයි මං ඔයත් එක්ක තරහ වෙන්නෙ...?’’

ඇගේ පැනයට පිළිවදන් සපයනවා වෙනුවට ඔහු පෙරළා පැනයක් ම විමසී ය.

‘‘නෑ... ඔයා මගේ කවුද කියල හාමුදුරුවන්ට Introduce කරල දීපු විදිය ගැන...’’

මන්දගාමි ලෙස හිස සචේතනී වෙත හැරවූ ප්‍රතිෂ්ඨ ‘‘මට කෙළිං ම කියන්න දැං ඔයා ඒ ගැන හිතන්නෙ මොනවද කියල... ඒ ගැන පසුතැවෙනව ද... එහෙම නැතිනං...?’’

ප්‍රතිෂ්ඨගේ මුවෙන් තව දුරටත් වදන් මුදා හරින්නට ඉඩ නොදුන් සචේතනී ඇගේ දකුණතින් ප්‍රතිෂ්ඨගේ මුව වසා ‘‘නෑ නෑ... කොහෙත්ම නෑ... ඇත්තට මට ඕනෙකම තිබුණෙ...’’

එවර, සචේතනීගේ අදහස පවසා අවසන් කරන්නට පෙර ප්‍රතිෂ්ඨ මුව විවර කළේ ය.

‘‘හාමුදුරුවන්ගෙ අතුරු ප්‍රශ්න කන්දට යටවෙන එක වළක්ව ගන්න... එහෙම නේද...?’’

‘‘ඔවු... ඇත්තට ම...’’

ඇය සිය අදහස ප්‍රත්‍යක්ෂ කළා ය.

‘‘හම්ම්ම්... එහෙනං ඉතිං ඒක ඉවරයි. අපි ඒ සිද්ධිය අමතක කරල දාමු...’’

poliyප්‍රතිෂ්ඨ පැවසුවේ යළි හිස ඉදිරිපසට හරවමිනි; එනම් ඇගේ නෙත් ග්‍රහණයෙන් ඔහුගේ නෙත් ඉවත් කරමිනි. එහෙත් එය තත්ත්පර දෙකකටත් අඩු කාලයකට සීමා විය.

‘‘ඔය ඉතිං... ආයෙත් අහක බලාගත්ත... ඇයි... ඔයාට මගේ මූණ බලන්න ලැජ්ජයි ද...?’’

සචේතනී විමසුවේ ඇගේ දකුණතින් ප්‍රතිෂ්ඨගේ සවිධගින් අල්ලා ඇය දෙසට හරවාගන්නා අතර ය.

යළි ඇගේ දෙනෙත් සමග තත්ත්පර කිහිපයක් අනිමිස ලෝචනයේ යෙදුණ ප්‍රතිෂ්ඨ ‘‘ඔයාට මං ගැන එහෙම කියන්න බය හිතුණෙ නැද්ද...?’’ යැයි විමසුවේ ඇගේ මනසේ රැඳී ඇති සිතුවිලි ඔහුගේ වදන්වල පටලවා පිටතට ගන්නා අටියෙනි.

‘‘ඇයි මං බය වෙන්නෙ...?’’

ඇය විමසුවේ ප්‍රතිෂ්ඨගේ පැනය ඇගේ පාර්ශ්වයෙන් කෙතරම් වැදගත් ද යන්න පිළිබඳ නොසැලකිල්ලෙනි.

‘‘නෑ මං අහන්නෙ... මේ... අඳුරගෙන මාසයක්කත් නැති පිරිමියෙක්... තමන්ගෙ හස්බන්ඩ් කියල පිටස්තරයෙකුට කියන්න... බය නැද්ද...?’’

ප්‍රතිෂ්ඨ, පෙර පැනය ම තවත් විස්තරාත්මක ලෙසින් විමසී ය.

‘‘ඔවු... බය වෙන්න ඕන තමයි... බය විතරක් නෙවෙයි...’’

‘එහෙනං...’’

‘‘ලැජ්ජ වෙන්නත් ඕන...’’

ඇගේ මුවෙන් එම වදන් ත්‍රිත්වය නිකුත් වූයේ නව යොවුන් වියේ පසුවන යෞවනියක සිය යොවුන් පෙම්වතා වෙත පවසන ස්වරයෙනි; ස්වරූපයෙනි.

‘‘එහෙනං ඉතිං ඇයි ඔයා ඒ ලජ්ජාවයි බයයි දෙක ම අතෑරල...’’

‘‘එහෙම හැසිරුණේ නේද...?’’

ප්‍රතිෂ්ඨ විමසිය යුතු ඉතිරි වදන් කිහිපය විමසූ ඇය ඊට අදාළ පිළිවදන ද සැපයූවා ය.

‘‘එහෙම හැසිරුණේ... මට ඔයා විශ්වාස නිසා...’’

‘‘විශ්වාස නිසා...!’’

ප්‍රතිෂ්ඨ ද පෙරළා එම වදන ම පැවසී ය.

‘‘ඔවු... ඇයි... මං ඔයා විශ්වාස කරන්න එපා ද...?’’

‘මං ඔයා විශ්වාස කරන්න එපා ද...?’ යැයි ප්‍රතිෂ්ඨ තමාගෙන් ම විමසුවේ සැබැවින් ම ඇගේ එම පැනයට පිළිතුරු සැපයීමට ඔහු අපොහොසත් වන බැවිනි.

 

150212161308 valentines painting leighton 2 super 169

‘ඇයි මෙයා මේ තරමට ම මාව හිර කරන්නෙ...? මේක හරියට හොරෙකුට ගෙදරක යතුරක් බාර දුන්න වගේ වැඩක් නෙ... හොරා හිතාගෙන හිටියෙ ඒ ගෙදර මිනිස්සු කොහාට හරි යනකං ඒ ගෙදරට පනින්න. නමුත් ඒ ගෙදර මිනිස්සු එහෙම හිතපු හොරාට ම ගෙදර යතුර බාර දුන්න ම ඌ කොහොමද ඒ ගෙදරට පැනල බඩු හොරකං කරන්නෙ...? හොරාට වෙන්නෙ ඒ ගේ තව තවත් ආරක්ෂා කරන්න. දැං මට වෙලා තියෙන්නෙත් එහෙම දෙයක් නේ ද...? ඇත්තට ම කෙනෙක් තව කෙනෙක් විශ්වාස කරනව කියන්නෙ විශ්වාසයට බඳුන් වෙන පුද්ගලය සිර කිරීමක් නෙවෙයි ද...? තමන්ට තමන් විශ්වාස කරන්න බැරි මොහොතක තව කවුරු හරි කියනව නම් මට ඔයා විශ්වාසයි කියල... ඇත්තට ම එතනදි අනෙකා විශ්වාස කරන පුද්ගලය වඩා අපහසුතාවට පත්වෙන්නෙ විශ්වාසෙට බඳුන් වෙන පුද්ලය නේද...? මෙයා මෙහෙම කියන්නෙ ඇත්තට ම මං ගැන විශ්වාසෙකින් ද... එහෙම නැත්නම් මගේ ඇතුළු හිත දැනගෙන ඒ සිතුවිලි මා ලව්ව ම විනාශ කරවන්න ද...?’

දෙලොවක් අතර තනි වූ ප්‍රතිෂ්ඨ දිගින් දිගට ම කල්පනාවේ නිමග්න වූයේ තමා කෙතරම් අසීරුතාවට පත්වී ඇති ද... ඒ අසිරුතාවෙන් මිදිය හැකිවන්නේ කෙසේ ද යන්න පිළිබඳව ය.

‘‘මොකද මේ...!’’

ප්‍රතිෂ්ඨ පියවි සිහියට එළඹියේ සචේතනී වෙත හරවාගෙන සිටි ඔහුගේ හිස ඔහු ද නොදැනුවත්ව කෙමෙන් කෙමෙන් බස් රථයේ ඉදිරියටත් ඔබ්බට යොමු වෙද්දී සචේතනී යළි ඔහුගේ සවිධගින් අල්ලා ඇය වෙත හැරවූ මොහොතේ දී ය.

‘‘ඇත්තට ම මං ඔයා විශ්වාස කරන්න එපා ද...?’’

ඇය යළි යළිත් ඒ පැනය ම විමසන බැවින් ප්‍රතිෂ්ඨට ඇගෙන් ගැලවීමක් නොමැති බව ප්‍රත්‍යක්ෂ විය. ඇය විමසන ‘විශ්වාසය’යනු කුමක් ද යන්න දන්නේ ඇය ම පමණි. එසේ නම් ඇගේ පැනයට විසඳුම පවතින්නේ ඇය තුළ ම ය. ඔහු තීරණයකට එළඹිණ.

‘‘හොඳයි... මං කිව්වොත් ‘මාව විශ්වාස කරන්න එපා’ කියල. මොකද්ද ඔයාගෙ තීරණය...?’’

 

එම පැනයට පිළිවදන් සපයනවා වෙනුවට ඇය යළිත් ඇගේ දෙනෙතින් විහිදෙන කාන්තිමත් රශ්මි කදම්භය ප්‍රතිෂ්ඨගේ උවන පුරා විහිදුවාලූවා ය. ඒ රශ්මි කදම්භය මගහැර ඉවත බලන්නට තරම් ආත්ම ශක්තියක් ඔහු තුළ ඉතිරිව නොතිබිණ. ඔහුට ඉතිරිව තිබුණේ යළි යළි ඇගේ දෙනෙත් සමග අනිමිස ලෝචනයේ යෙදීම පමණි. තත්ත්පර කිහිපයක් එය එලෙස ම සිදු විය.

 

‘‘ඔයා ඒ විශ්වාසය බිඳිනකං මං ඔයාව විශ්වාස කරනව,’’ යැයි එක පැහැර ම පැවසූ සචේතනී, ඇගේ දකුණතින් ප්‍රතිෂ්ඨගේ උකුළ මත තිබූ ඔහුගේ එක් අතක් අල්ලාගෙන, එය ඇය අසලට ගෙන ඇගේ දකුණත්ලටත්, වමත්ලටත් මැදි කර තෙරපුවේ කිසියම් පොරොන්දුවක් වන ආකාරයෙනි. ඒ මොහොතේ ඇගේ දෙනෙත් තුළ ලියැවි තිබුණේ ‘මගේ විශ්වාසෙ කඩන්න එපා රත්තරං’ යන අකුර පෙළ නොවේදැයි ප්‍රතිෂ්ඨට සිතිණ.

මේ සියලු ක්‍රියා තුළින් සිදුවන්නේ ප්‍රතිෂ්ඨ දැඩි අසීරුතාවට පත්වීම පමණි. මන්ද ඔහු සචේතනී දුටු පළමු මොහොතේ ඔහුගේ සිතට නැගි සිතුවිලි මේ වන විට කෙමෙන් කෙමෙන් ඉවත් වෙමින් පවතින්නේ කිසියම් හැඩයකට ආකාශයේ පැවති වලා රොදක හැඩය කෙමෙන් කෙමෙන් අතුරුදන් වී වෙනස් හැඩයක් ගන්නා ආකාරයෙනි. ඉදින් ඒ වලාකුළ යළි කවදා, කෙදිනක පෙර තිබු හැඩයට පත්වේද යන්න අවිනිශ්චිත ය. නමුදු විටින් විට විවිධ හැඩ රටා මවන බව නම් සක් සුදක් සේ පැහැදිලි ය. එසේ නම් ප්‍රතිෂ්ඨගේ සිතුවිලි නමැති වලාකුළ එළඹෙන නිමේෂයේ කුමන හැඩයක් උසුලාවිද යන්න ඔහුට පවා කිව නොහැකි ය.

 

the destruction of sodom and gomorrah artwork photo 1

‘ඔවු... මම වතුර වගේ වෙන්න ඕන. වෙන කරන්න දෙයක් නෑ’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ ‘‘මමත් ඉතිං ඔයා මං ගැන තියෙන විශ්වාසෙ නොබිඳ ඉන්නම්. එතකොට හරි නෙ...’’ යැයි පැවසුවේ ගැලවීමේ එක ම මාර්ගය එය යැයි විශ්වාස කරමිනි. එහෙත් ඔහුගේ සිතේ විවිධ සිතුවිලි මෝදු වෙමින් පැවතිණ. ඒ සිතුවිලි කිසිවක් වදන්වලට පෙරළන්නට තරම් ඔහුගේ මනස ශක්තිමත් නොවිණ.

මේ වන විට බස් රථය මාකුඹුර පිවිසුම ද පසු කර හයිලෙවල් මාවතට ප්‍රවිශ්ට වී තිබිණ. එය හඳුනාගත් සචේතනී කඩිනමින් ම ප්‍රතිෂ්ඨගේ උරතලය මතින් ඇගේ හිස ඉවත් කරගත්තා ය. එය වෙනත් පිරිමියෙකුට නම් දරාගත නොහැකි වේදනාවක් ගෙන දෙන අවස්ථාවක් වුව ද ප්‍රතිෂ්ඨට දැනුණේ හිස මත පටවා තිබූ බරක් බිම තැබුවා බඳු නිදහසකි. ඒ, ඇය කෙරෙහි අනාදරයක්, අමනාපයක් හෝ නොරුස්නා ස්වභායක් නිසා නොව ඔහු, ඔහුගේ යටි සිත ඇය කෙරෙහි දක්වන ආකල්ප ද ඔහුට බරක් වී පැවති බැවිනි. ඇය ඔහුගේ උණුසුමෙන් ඉවත් වන විට ඒ බර ඇය මත පැටවූවා නොවේ ද යන මිථ්‍යා සිතුවිල්ල ඔහු, ඔහුගේ වාසියට හරවා ගත්තේ ය.



*         *          *          *          *          *          *          *          *

‘‘සචේති... මං ඔයාව ගෙනිහිං දාන්න ද...?’’

බස් රථයෙන් බැසගත් සැණින් ප්‍රතිෂ්ඨ සචේතනීගෙන් විමසුවේ ඇය ඔහු කෙරෙහි විශ්වාසය තබා ඇති බව විශ්වාස කරමිනි.

‘‘ම්ම්ම්... හෙල්මට් එකක් තියෙනව ද...?’’

ඇගෙන් ලැබුණේ ප්‍රතිෂ්ඨ බලාපොරොත්තු වූ පිළිතුර නොවූව ද එම පිළිතුර මධ්‍යස්ථ පිළිතුරක් ලෙස බාරගන්නට හෙතෙම කැමැත්තක් දැක්වි ය.

‘‘අයියෝ... මෝඩ ප්‍රශ්න අහන්නෙපා. හෙල්මට් එකක් නැත්නං මං එහෙම අහනව ද...?’’

ප්‍රතිෂ්ඨ එම වදන් මුදා හළේ උපහාසය ද ආදරණීය බව ද මුසු සිතුවමක් උවනතේ සිතුවම් කරගනිමිනි.

‘‘හරි... එහෙනං මාව කොට්ටාවට දාන්න. මං එතනිං බස් එකක් ගන්නං,’’ යැයි ඇය පැවසූ පසු ඊට පිළිවදන් ලෙස සුන්දර සිනහවක් උවනේ සිතුවම් කරගත් ප්‍රතිෂ්ඨ වාහනාංගනය කරා ගමන් කළේ ය; ඇය ද ප්‍රතිෂ්ට පසුපස ම ඇදුණා ය.

ඉවර නෑ...


නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/01/27


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්
 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්