leader s

ජැක්සන් ඇන්තනිව මැෂින් එකකින් මෙච්චර කාලයක් තියාගෙන ඉන්න එක ගැන වරින් වර පෝස්ට් දකිනවා.

ගොඩක් දේශපාලන නිවැරදිභාවයේ ලෙඩවලින් පෙළෙන අය අහන කාරනයක් තමයි ජැක්සන්ට ඇයි වෙන අයට නැති සැලකිල්ලක් කියන එක. ගමේ අම්මලා තාත්තලාට මෙහෙම සත්කාරයක් ලැබෙනවද කියලත් අහනවා.

ජැක්සන් ඇන්තනිට ඒ සැලකිල්ල ලැබෙන්නෙ එයා ජැක්සන් ඇන්තනි හින්ද. හැම මිනිහෙක්ම සමානයි කියල බොරුවට වැලලෙන්න හැදුවට ඒක එහෙම නෑ. සමහර මිනිස්සු අනිත් අයට වඩා විශාලයි. ඒවාට අපි කියනවා ප්‍රතිරූප කියල. ඒවා කාලයක් පුරා මිනිස්සුන්ගෙ සිත්සතන් හැගීම් එක්ක ගොඩනැගුනු සමාජ සංකේත. ඒවා ආරක්ෂා කරන්න ඕන.

 මේ රටේ නළු නිළියන්ටවත් එහෙම තරු ප්‍රතිරූප දෙන්න මිනිස්සු කැමති නෑ. උන්වත් තමන්ගේ මට්ටමට ඇදලා දාන්න ෆුල් ට්‍රයි කරනවා. තමන්ට වඩා විශාල සමාජ ප්‍රතිරූප ගොඩනගා ගන්න බැරි සමාජයක් කියන්නෙ දුප්පත් සමාජයක්. එහෙම මිනිස් ආදරය, පිලිගැනීම මත නිර්මාණය වුනු ප්‍රතිරූප කියන්නෙ සමාජයේ සංකල්පීය ප්‍රාග්ධනය.

ජැක්සන් ගැන අපිට දේශපාලන මතවාද නොගැලපීම් තියෙන්න පුළුවන්. ඒත් ජැක්සන් ඇන්තනි කියන සංස්කෘතික පෞර්ෂය සාමාන්‍ය මිනිහෙක් එක්ක සංසන්දනය කරමින් කතා කිරීම බොළඳයි.

මේක ජැක්සන් ඇන්තනි වගේම අනුර කුමාරට වුනත් අදාලයි. මට අනතුරක් වෙලා පණ ගැටගහගන්න මැෂින් එකක් නොලැබුනත් අනුර කුමාරට එහෙම දෙයක් වුනොත් වැඩි සැලකිල්ලකින් බලාගන්න ඕන.

අනිත් සියලු රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම කියන එක වෙනම කාරණයක්. ඒත් ජැක්සන්ගෙ මැෂින් එක ගැනම වද වීම කුහකකමේ ප්‍රශ්නයක්.

Chinthana D

 

 

 
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම -
Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

JW



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්